(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මුතු පන්තිය ධීවර ගම්මානයේ වෙරළ දරුණු ලෙස ඛාදනයට ලක්වීම හේතුවෙන් එය බේරා ගැනීමට ගල් දැමීම මේ වනවිට සිදුවන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ඉංජීනේරු සකුන්ත පද්මසිරි මහතා පැවසීය.
වසර කිපයක සිට දරුණු ලෙස මුහුදු ඛාදනයට ලක්ව වෙමින් පවතින මෙම ගම්මානය මේ වන විට පවතින කාලගුණ තත්වය හේතුවෙන් දරුණු අයුරින් වෙරළ තීරය ඛාදනයට ලක්වෙමින් තිබේ.
මේ වන විට මුතුපන්තියේ සිට උඩප්පුව දක්වා වූ වෙරළ තීරයේ මාර්ගය සම්පුර්ණයෙන් ඛාදනයට ලක්ව විනාශ වී ඇත.
වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ මීගමුව ප්‍රාදේශීය ඉංජීනේරු සකුන්ත පද්මසිරි මහතා මෙසේ පැවැසීය.
“ මේ දිනවල පවතින කාලගුණික තත්වය සලකා බලලා, හදිසි අව්‍යතාවයක් ලෙස සලකලායි කඩිනමින් ගල් දැමීම සිදු කරන්නේ. එසේ නොකළොත් මුතුපන්තියේ දැවැන්ත විනාශයක් සිදුවන්න ඉඩ තිබෙනවා. මෙම කටයුත්තට මේ වෙද්දි ලක්ෂ 75 ක් වෙන් කරලා තිබෙනවා. මීටර් 100 ක පමණ දුරක් කළුගල් දමන්න අපි විශාල උත්සහයක නිරත වෙමින් සිටිනවා‘‘ යැයි ඔහු පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටත් පරක්කු වැඩියි. ඉක්මණට දාලා අපේ රට බේරගන්න.
පොර්ට් සිටි හදන්න මුහුදු වැලි හාරපු නිසා , රට පුරාම මුහුදු ඛාදනය වැඩි වුණ , අනාගතේ අපිට වෙරළේ රැල්ල නෙවෙයි ගල් පෑගුවහැකි , පොර්ට් සිටි නිසා රටට වුණ පාඩු කොච්චර තියනවද , අනාගතේ කොළඹ වරාය පුළුල් කරන්න වුනොත් චිනගේ ඔලුව උඩ තම හදන්න වෙන්නේ , කළුගල්, වැලි, පස් වගේ රටේ සම්පත් කොච්චර නාස්ති වුනාද ?
මම හිතන්නේ ලංකාදීප පුවත්පත තමයි ලංකාවේ ඇති හොඳම පුවත්පත... රටේ ලෝකයේ සිදුවන වැදගත් දේවල් ගැන අපිට දැනුම් දෙනවා. ස්තුතියි ලංකාදීප...!!!