(ඉන්දිකා රාමනායක, ටී.කේ.ජී.කපිල ,නිමන්ති රණසිංහ, බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි පැවති උපන්දින සාදයකදි අත්අඩංගුවට පත්ව මාස තුනකට අධික කාලයක් එරට අත්අඩංගුවේ සිට මෙටට පිටුවහල් කළ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් අද (5) අලුයම මෙරටට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
අද අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔහු පැමිණ තිබුණි.
මාකදුරේ මදූෂ් විසින් ඉදිරිපත් කළ N 5480656 දරණ ගුවන් ගමන් බලපත්‍රය අනුව ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය අජිත් එරංග නමින් පෙනී සිටි අතර , ඔහුගේ උපන් දිනය ලෙස එහි 1979.02.20 දක්වා තිබුණි . ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය 790516478V ලෙස සදහන්ව තිබූ අතර , එම ගුවන් ගමන් බලපත්‍රය 2015.04.30 දින නිකුත් කර තිබුණි .
මාකදුරේ මදූෂ් දිවයිනේ විවිධ ප්‍රදේශ රැසක සිදු කර තිබූ මිනීමැරුම්,මංකොල්ලකෑම් සහ තවත් අපරාධ රාශියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලීසි ගනණාවකට මෙන්ම අධිකරණ රැසකට ද අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වී සිටි බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක , පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.
එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසුව, වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා ඔහුව ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රැගෙන ගොස් ඇත.
මාකඳුරේ මධූෂ් ව මේවනවිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට රැගෙනවිත් තිබේ.

ඡායාරූපය - ටී.කේ.ජි. කපිල


වීඩියෝ දර්ශන - ටී.කේ.ජී. කපිල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදරයෙන් පිළිගන්නවා.....
රජකම් කළත් කලකම් පලදේ......
ඇප පිට නිදහස් කියල ෂුවර් එකට ආරංචි වෙයි.....
ඇමතිකෙනෙක් ගේ ආරක්ෂක තතුරකට පත්කර ගනීද? එහෙව් දේශපාලකයෝ අපිට ඉන්නේ.
දැන් අර අධිනීතිඥයෝ කියන ජාතියේ අය සැදී පැහදී ඇති මෙයාව බේරගන්න.
එන්න එන්න... ඔයා විතරයි අඩු වෙලා තිබ්බේ. දැන් ඒකත් හරි මන්ත්‍රී කමක් හරි ඇමති කමක් හරි ඕන නං හිටං හුටං ව හම්බ වෙන්න. බා....යි !!!
නැවත ඉපදුනා වගේ දැනෙනවා ඇති.
ඇමැතිවරු කිහිප දෙනෙක්ම ඔහුව පිළිගැනීමට ගුවන් තොටුපළට ගිය බව ආරංචි යි.......
මධූෂ් අයියා ඔබ සමඟයි......
මේක මහ විහිලු රටක්නේ. පහුගිය කාලේ කිව්වේ මෙයාගේ ඇපෑල නිසා ලංකාවට එවන තීන්දුව 9 වෙනිදට කල ගියා කියලා. මෙන්න අද මූ ලංකාවට එවලා. මේවා අහන බලන අපිට පිස්සු... මේ රටේ ඉන්න මොකෙක්වත් විශ්වාස කරන්න බෑනේ මෙහෙම යනකොට.
හරි පහුගියකාලේ බෙර ගැහුවා නැතුව මදුෂ් කියකියා මේ රටේ මිනිහෙකුට හයියෙන් ඒ මධුෂ් නිසා සමහරු පාස්කු ප්‍රහාරයත් "මදුෂ් ගේ එකව්න්ට් එකට " දමන්න හැදුව බලමු මොකද වෙන්නේ කියල (අපේ ජනපති තුමා ඇතුළුව ) දැන් බලමු මොකද වෙන්නේ කියල
කව්ද මේ මාකඳුරේ මධූෂ්.....???
විවිධ තරාතිරම් වල අයට ඉල්ලමක් පහළ වී ඇත. දැන් ඉතින් ගරා ගන්න ..
ආගමන විගමන දෙපාර්තමේන්තුව කියන්නේ ජරාවට ඕන වැඩක් කරලා දෙන තැනක්. එසේ නොවන්නට විවිධ නම් වලින් පාස්පෝර්ට් හදාගන්න පුළුවන් කාටද?
මෙයාව රටින් යනකොට ගුවන්තොටුපොළට ගිහින් ඇරිය දේශපාලකයෝ, එනකොට ගිහින් පිළිගත්තේ නැද්ද?
දැන් ඉතින් රටේ බෝම්බ ගැහුවද කියලා මතක නැති වෙයි..මාස ගාණක් මහ තැන මේක කියව කියව ඉඳි .
අර දීපානි සිල්වා නම් මෙහෙම කියයි."මේත් අපේ අහිංසක කොල්ලෙක්.මිනී මරන්නෙ මංකොල්ලා කන්නෙ හොඳට ඉගෙනගෙන"
ඇයි රේගුව ජරා පප්පලා.
මධුෂ් ආවා කියලා දැනගත්තාම මගේ කවි සිත මඳක් කිති කැවුණා...... වෙඩි හඬ බෝම්බයේ හඬ යලි ඇසේවි ද ? කුඩු සහ මිනී මරුමෙන් රට කැළඹේ ද? එල්ලුම් ගහට කවදා යලි පණ දේ ද? අවි පෙන්වන්න කවදා නුඹ ගෙන යාද?
මගෙන් ඇමතිවරු කී දෙනෙක් නම් යැපෙන්න ඇතිද?
අවශ්‍ය තොරතුරු සියල්ල අරගෙන මේකව ආයුධ පෙන්නන්න එක්ක යන්න පුලුවන්නම් එය රට වෙනුවෙන් කරන්න පුළුවන් උතුම් සේවයක්.... පිටිගල මිලානෝ
මදුෂ් විතරක් නෙමේයි විමල් වීරවංශත් පස්ස්පෝර්ට් 2ක් උප්පැන්න සහතික 2ක්..... ඇතුව කිසිම ප්‍රශ්නයක් නැතුව පාර්ලිමෙන්ට් එකෙත් ඉන්නේ . ඒ ගැන කිසි අව්ලක් නැතිවා.
ඊලග පාර ඡන්දෙ ඉල්ලලා මේ හාදයා දින්නේ නැත්තන් මේක ලංකාව නෙවෙයි ඕන්..
දැන් ඉතින් මෙයාගෙන් යැපුන උදවිය ගල් ගැහිලා ඇති
අපිට දැන් තියන හිසරද මදිවාටද? ඊළඟට කියාවි කලබලයක් අස්සේ අසවලා පැනලා ගිහින් කියලා.
පිටිගල මිලානෝ මෙච්චර කාලයකට කියපු හොඳම දේ..... කටේ මසුරන් දාන්න වටිනවා....
පිටරට කේස් වලට අහු වුන අයට නඩු දාන්න නීති අපේ රටේ නැත
මෙයාට රටේ ආරක්ෂාව දෙන්න 225 දෙනා දැනටමත් සාකච්ඡා පටන්ගෙන ඇති...
මෙයාට රට පනින්න වෙනත් නමකින් පාස්පෝර්ට් හදලා රටින් පනින්න උදව් කල දේශපාලන ‘සඳ’ කවුද?