(තුසිත කුමාර ද සිල්වා)
වැලිපැන්න පොලිස් වසමේ හිද්‍රා මාවතේ ගලස්සගොඩ මුස්ලිම් පල්ලිය අසල ප්‍රදේශයේ පාලු ඉඩමක වල දමා තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය කියයි.
මෙහිදී පීවීසී බට 03ක් තුළ සකසා තිබූ බෝම්බ තුනක් සොයාගැනීමට හැකිවූ අතර ඇමෝනියම් නයිට්‍රේට් අඩංගු භාජනයක්ද එහි තිබිණි.
පළමුව තොරතුරු ලැබී ඇත්තේ මෙම ස්ථානයේ කඩු සඟවා ඇති බවටය. අනතුරුව කළ පරීක්ෂණයකදී ම පුපුරණ ද්‍රව්‍ය හමුවි තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණ පරික්ෂා කළ අතර මෙම ද්‍රව්‍ය බෝම්බ ලෙස හඳුනා ගත් අතර මෙහි භාජනයක තිබූ ද්‍රව්‍ය ඇමෝනියම් නයිටට්‍රේට් ලෙස ද එම නිලධාරීන් විසින් හඳුනා ගන්නා ගෙන තිබේ.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය විශාල විනාශයක් කිරීම්ට හැකි ඒවා බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පවසති.
සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd