(පැතුම් දර්ශන)
හොරොව්පොතාන මුක්කර වැව ප්‍රදේශයේ ගෙවත්තක වළ දමා තිබූ සීඩී තැටි හතළිස් නවයක් සහ පරිගණක තොරතුරු දත්ත ගබඩා හයක්(හාඩ් ඩිස්ක්) සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (05) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
තවුහිත් ජමාත් සංවිධානයට අයත් සීඩී තැටි සහ තවත් උපකරණ තොගයක් මුක්කර වැව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා ඇති බවට ලැබුණු තොරතුරක් අනුව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, හොරොව්පොතාන පොලිසියේ නිලධාරීන් සහ හොරොව්පතාන කලාප කාර්යාලයෙ සිවිල් ආරක්ෂක භටයන් විසින් සිදුකළ විශේෂ සෝදිසියකදී මෙම උපකරණ සොයාගෙන ගෙන ඇති අතර එහිදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මුකක්ර වැව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
මොවුන් දෙදෙනා තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකපිට ඉකුත් 28 වෙනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද සැකකරුගේ සමීපතම ඥාතීන් දෙදෙනෙකු බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
මීට අමතරව මුක්කර වැව ප්‍රදේශයේම නිවසක සඟවා තිබූ කඩුවක් වෙනත් ස්ථානයක සැඟවීමට රැගෙන ගිය කාන්තාවක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයද මුක්කර වැව ප්‍රදේශයේම පදිංචි තැනැත්තියකි.
අත් අඩංගුවවට ගත් සැකකරුවන් හෙට (06)) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමට නියමිතය.
හොරොව්පොතාන පොලිසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1968 හොරොව්පතානේ මම රාජකාරී කරන කාලයේ එක මුසල්මානුවෙක් නොහිටි ගමට මුසල්මානුවන් ආවේ කොහොමද?