(පුෂ්පකුමාර ජයරත්න )
සුඵ අන්තවාදින් පිරිසක් කළ විනාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මුස්ලිම් සමාජයම දෙස සැකයෙන් බලා කටයුතු කළහොත් ඉදිරියේදි අනෙක් මුස්ලිම් තරුණයෝද මුස්ලිම් අන්තවාදයට යොමුවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි අද (05) පොල්ගහවෙල වදාකඩ සපුගස්කන්ද ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ ටැම්පිට විහාරස්ථානයේ පැවති ආගමික උත්සවයකට සහභාගි වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය .
එසේ සැකයෙන් බලා කටයුතු කළොත් දැනට බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති අකාරයට මේවනවිට ඉතිරිව සිටින හැත්තෑවක් අසූවක් පමණවූ සුඵ මුස්ලිම් අන්තවාදීන් පිරිස මර්ධනය කිරීම පසෙක තබා ඉදිරියේදි ඊට වඩා බරපතල ප්‍රශ්නයකට රටට මුහුණ දීමට සිදුවනු ඇති බවට ජනාධිපතිවරයා අනතුරු හැඟවීය.
ඇතිවී තිබෙන මෙම ප්රශ්නය විසඳීමටනම් රටතුළ වෙසෙන සිංහල , මුස්ලිම් , දෙමළ ජාතින් අතර පවතින සැකය ඉවත්කොට සහජීවනය ඇතිකිරීම අත්‍යාවශ්‍යම බවද ජනාධිපතිවරයා පැවසීය .
අයි.එස් ත්රස්තවාදීන්ට අපේ රටෙන් කිසිදු ප්‍රහාරයක් එල්ල නොවී තිබියදීත් එම සංවිධානය අපේ රටට මෙවැනි ම්ලෙච්ඡ ප්‍රහාරයක් එල්ල කළේ ඇයිද යන්න තමාට මෙන්ම ජාත්‍යන්තර බුද්ධි අංශ වලටද බරපතල ප්‍රශ්නයක් වී ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය .
එබැවින් මෙම ගැටලුව විසඳීම සඳහා ලෝකයේ ප්‍රබල රටවල් කීපයකම ත්‍රස්තවාදය පිළිබඳ යුද විශේෂඥයින් සේම බුද්ධි අංශ විශේෂඥයින් පිරිසක් පැමිණ මෙරට ආරක්ෂක අංශ සමග එක්ව කටයුතු කරන බව පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ,
ඇතැම් පිරිස් චෝදනා කරන ආකාරයට අපේ රටට කිසිදු විදෙස් හමුදාවකට පැමිණීමට කිසිම ආකාරයකටවත් ඉඩ නොතබන බවට අවධාරණය කළෙය .මෙම අන්තවාදී ප්රශ්නය විසඳීම සඳහා අපේ ආරක්ෂක හමුදා ඉතා ප්‍රමාණවත් බවද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය .
විජයසුන්දරාරාම පුරාණ ටැම්පිට විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ඉපැරැණි බෝධිය වටා ඉදිකළ රන්වැට සහ සම්බුද්ධ අසූමහා ශ්‍රාවක පිළිම චාරිකා පිළිම වහන්සේලාගෙන් සමන්විතව ඉදිකළ පුදබිම විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් දැක්වීය.
විජයසුන්දරාරාම පුරාණ ටැම්පිට විහාරාධිපති අරඹේපොල සීවලී හිමියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම උත්සවයට සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තවාදියෙකු ලෙස බලන්න එපා. බෝම්බ බැඳගෙනද, කඩු කිනිසි හංගගෙන ඉන්නවද කියලා විතරක් බලමු. නැත්නම් අපිව මරන තුරු දන්නෙම නෑ.
සැකයෙන් නොබලා කොහොමද මහත්තයෝ මේ හැම මුස්ලිම් ගමකින්ම හමුවන නීති විරෝධී ආයුධ දැක්කම. අනිත් එක මුස්ලිම් දේශපාලකයන් හැසිරෙන හැටි සහ මේ දේවල් වලට ප්‍රතිචාර දක්වන හැටි දැක්කම මුළු මුස්ලිම් ප්‍රජාවම දෙස සැකයෙන් තමයි බලන්න වෙන්නේ.
අප නම් ඒ අය දිහා එහෙම බැලුවෙ නැහැ මෙතෙක් කල්
එහෙමයි සර්
සමස්ත මුස්ලිම් අය දිහා නම් එහෙම බලන්නේ නැහැ... හැබැයි කාලකන්නි දේශපාලකයෝ දිහා නම් බලන්නේ එහෙම තමයි...
මුස්ලිම් ජනතාව නොවේ. මේ ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මුලින්ම ඇඟිල්ල දිගු වන්නේ ආරක්ෂක ඇමතිට සහ ඔහු යටතේ සිටින කාර්යමණ්ඩලයටයි. මුස්ලිම් මිනිස්සු අමාරුවේ වැටුනෙත් ඔබතුමාගේ පරිපාලනයේ දුර්වලතා නිසායි.
ගෙදර ගෑනි දන්නෙත් නෑලු මනුස්සය මරාගෙන මැරෙන කෙනෙක් කියලා, එතකොට අහුවෙන හැම කෙනාම මුස්ලිම්, කොහොමද කියන්නකො නොබලා ඉන්නේ? එහෙම නිසාද සැකකාර මුස්ලිම් ඇමතිවරු රට යන්නේ සහ තාම නිදැල්ලෙ ඉන්නේ?
හොඳ දර්ශනයක් ඇති මුස්ලිම් දහමට වැරදි අර්ථකතනයක් මවාපාමින් ලෝකය විනාශ කරන්න පෙළඹෙන මුසල්මානුවන්ට ශිෂ්ට සම්පන්න මුසල්මානුවන්ම එරෙහි විය යුතුයි. එවිට කිසි කෙනෙක් ඔවුන් දෙස සැකයකින් බලන්නේ නැහැ .
රට වටේම අවි ආයුධ පුපුරන ද්‍රව්‍ය අහුවෙන තාලෙට එහෙම හිතන්න වෙනවා.
මේ රටේ ඉන්න ලොකුම ත්රස්තවාදීන් දේශපාලකයින්ය. උන් අවුරුදු 70ක් තිස්සේ රට කොල්ලකෑවා. එදත් කෑවා. අදත් කනවා. හෙටත් මුන් රට නොකාවියයි කියන්නේ කොහොමද. රට පාවා දෙන්නන්හට ප්‍රසිද්ධියේ මරණ දඬුවම දෙන්නට මහා ජනතාව අනිවාර්යයෙන්ම පෙරට එන කාලය වැඩි ඈතක නැහැයි කියලයි මට හිතෙන්නේ.
ඊට වැඩිය හොඳයි කකුල් දෙකේ දමලා දොයි දොයි කියලා නැලේව්වානම්.
ජාත්‍යන්තරය උදව් කරනවා කියන්නේ ඉතින් වැඩේ වන කරගෙන... හොරාගේ අම්මගෙන් පේන බැලීම කිව්වොත් නිවැරදියි.
ජනතාව මෙතෙක් එහෙම බැලුවේ නැහැනේ. ඔබලාගේ රාජකාරියයි දැන් කළයුත්තේ...
අප නං සාමාන්‍ය මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදියන් ලෙස නොබලන නමුත් රිලව් 225 දෙසනම් බලන්නේ බලය වෙනුවෙන් ඕනෑම බලු ත්‍රස්තවාදී වැඩකට සැදී පැහැදී සිටින තිරිසන් පාදඩය කොටසක් ලෙසය.
කාලකන්නි දේශපාලකයන් රට පාලනය කරන්නේ නැතුව ගෙදර යන්න. රිෂාඩ් ගේම් එක පටන් ගත්තනේ... දැන් ගේම් එක ගහමු.
එයාලා ගැනට වඩා, අපි හිතන්නේ ඔයාල ගැනයි. ඔයා කරන්න බැරිදේවල් බාර අරගෙන අපි ඔක්කොම අමාරුවේ දැම්මා. දැන් බණ කියනවා. කරුණාකරලා අකුලාගෙන ගෙදර යන්න.
අනේ නැහැ එයාලා දිහා එහෙම බලන්නේ නැහැ. නමුත් මේ රට මේ තත්වයට දමපු එක "ත්‍රස්තවාදියෙක් " දිහා නම් ජනතාව බලන හැටි අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. !
ඔයාල කියන දේවල් නම් කොහොමත් විශ්වාසයෙන් බලන්න බැහැ. එ්කනේ ඔයාලටම කියන්න සිද්ද වෙලා තියෙන්නේ... ආණ්ඩුව ගැන විශ්වාසය තබන්න කියලා. ඔයාලම දන්නවා රටවැසියන්ට ඔයලාව විශ්වාස නැති බව...
මෙයා කියනවා හැරෙන්න මොනවද කරන්නේ සහ කළේ? අනේ අපේ රටේ අපට යන කලක්...
මම කවදත් ඔවුන් ත්‍රස්තයින් ලෙස බැලුවා... අවසානයේ මම හරි.