(මනෝජ් හර්ෂික)
රජය කෙරෙහි සිය විශ්වාසය අඛණ්ඩව පවත්වාගන්නා ලෙසත් ඉදිරි ආර්ථික ක්‍රියාකාරකම් යහපත් ආකාරයෙන් පවත්වා ගෙන යාමට අවශ්‍ය වාතාවරණය හැකි ඉක්මණින් ඇති කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පාස්කු ඉරිදා එල්ල වු ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් පසු ව්‍යාපාරික ප්‍රජාව වෙත බලපා ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ඇතුළු සංචාරක ක්ෂේත්රයේ නියෝජිත කණ්ඩායමක් හමුවෙමිණි.
එම නියෝජිත පිරිස ලංකාවේ උද්ගතව ඇති කලබලකාරී වාතාවරණය හමුවේ මතුව ඇති ගැටලු තත්ත්ව සමනය කිරීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් යෝජනා ද එහිදී ඉදිරිපත් කළහ.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට ගත හැකි සෑම පියවරක් ම ගන්නා බවත් ආරක්ෂා සම්බන්ධයෙන් මේතාක් සාර්ථක පියවර රැසක් ගෙන ඇති බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ත්‍රස්ත්‍රවාදීන්ට මෙවැනි ප්‍රහාරයක් සැලසුම් කිරීම පිළිබඳව ව්‍යාපාරික ප්‍රජාව මත පළ කළ අතර රටේ ආරක්ෂක ක්රියාකාරීත්වයේ පවතින හිඩැස පිළිබඳව ද අදහස් දැක් වූ ඔවූහු ඉදිරි ආරක්ෂක විධිවිධාන තර කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්හ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා දොඩනවද මහත්තයෝ? අඛණ්ඩ කියන්නේ වෙච්ච දේවල්වලටයි, සිදුවෙන දේවල්වලටයි අනුව අපි මාර වශ්වාසයකින් නොවැ ඉන්නේ...
ඡන්ද නොපවත්වා අපට දැන් ඔයාලා එක්ක තව කාලයක් ඉන්න පුළුවන්..
ඔබවත් තව දුරටත් විශ්වාස කල යුතුද?
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට ගත හැකි සෑම පියවරක් ම ගන්නා බවත් ආරක්ෂා සම්බන්ධයෙන් මේතාක් සාර්ථක පියවර රැසක් ගෙන ඇති බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා පැවැසීය. අප එය අගය කරමු. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට නිවසක් පාසා රටපුරා කරගෙන යනු ලබන සෝදිසි මෙහෙයුම් ත්‍රස්ත්‍රවාදීන්ට අවි ආයුධ වලට පමණක් සිමා නොකොට මත්ද්‍රව්‍යය, පාතාලයත් මේ සෝදිසි අතරට එකතු කර ගන්නේ නම් වටිනේය. නිතර නිතර මෙවැනි සෝදිසි රටපුරා කිරීමෙන් අනාගතයේදී රටේ ඇතිවිය හැකි විනාශයන් වලක්වා ගත හැකිය. ලංකාවේ නිතර සිදුවන ඩ්‍රෝන කැමරා ගුවන් ගත කිරීම් ආරක්ෂක හේතුන්මත මින් ඉදිරියට නැවැත්විය යුතු අතර කව්රුන් හෝ ඩ්‍රෝන කැමරා මිලදීගෙන ඇත්නම් හෝ නිපදවා ඇත්නම් එම ඩ්‍රෝන කැමරා පිලිබදව ලගම ඇති පොලිසිය වෙත ගොස් ඒ පිලිබද දැනුවත්කොට තිබීම වැදගත්ය. පසුගිය වසර 10 තුල ලංකාවේ තිබු නිදහසේ වටිනාකම අප සෑම දෙනාම අගය කලයුතු වෙමු. දැනට පවතින සහ ඇතිවී තිබෙන මුස්ලිම් අන්තවාදී ක්‍රියාවන් නිසා රටේ ආර්ථිකයට සහ සංචාරක කර්මාන්තයට සිදුව ඇති හානිය ගණනය කල නොහැක. රටේ සාමය අගයන අති බහුතර මුස්ලිම් ප්‍රජාව මෙවැනි අන්තවාදී සිදුවීම් වැලක්විම සදහා මුලිකත්වය ගෙන ක්‍රියාකළ යුතුය
ඔබට තියන විශ්වාසය පෙන්නලා දෙන්න.. පමා නොකොට හනි හනිකට ඡන්දෙ තියන්න....
විශ්වාසය කියන තේරුමවත් දන්නා බවක් පෙනුනේ නැ වෙච්ච දේවලින්නම්.
ඡන්දෙදි තරම බලාගන්න පුළුවන් වෙයි
ඕගොල්ලෝ ගැන විශ්වාසය තියපු නිසා තමයි රටට මෙහෙම විනාසයක් වුනේ.
අපිට ඔබතුමා සහ ආණ්ඩුව ගැන ඉතා ඉහළ විශ්වාසයක් තියෙනවා ..මොන දේ වුණත් ඒක නැති වෙන්නේ නැහැ ..ඔබතුමා අපිව විශ්වාස කරලා ඡන්දය තියන්න. අපේ විශ්වාසය එදාට පෙන්නනවා සත්තයි
අඛණ්ඩව විශ්වාසය තබාගන්නැයි කියන්නේ අපිට ගොන්නු වගේ නැවතත් කතිර ඔහෙලටම ගහන්න කියලද?
බය වෙන්න එපා අපට ඔබතුමාව දෙවියෝ බුදුන්ටත් වඩා විස්වාසයි, මේ කරලා තියෙන හරිය බලපුවම කොහොම අවිස්වාස කරන්ඩද
71, 88-89 කාලවල ජේවීපී එක කරපු වැරදි නැවත නිවැරදි කරන්න බැහැ වගේම, මේ වැරදිත් නැවත කවදාවත් නිවැරදි කරන්න බැහැ.
විස්වාසය කඩ කරලා තියෙන්නේ රජය තවත් රැවටෙන්න බැහැ. දැන්නම් සීමාව පැනලා ඉන්නේ
මොනවා කියනවද. අපට හොදටම විශ්වාසයි අපේ මිනියේ කෑලි සවලින් එකතු කරන්න සිද්ධ වෙන කාලයක් ඉක්මනටම උදාවෙයි කියලා ඔයාලා පාලනය කලොත් තවත්
අපි බලාගෙන ඉන්නේ ඡන්දෙ කවදාද කියලා. මේපාර ' හොම්බෙන් ' යන්න ලැහැස්තිවෙන්න.
මේ ලෝකේ වෙන කවුරු විශ්වාස කළත් මා ඔබව කිසිවිටක විශ්වාස නොකරමි.
ඔබතුමාට රටේ ජනතාව කිව්වයි කියලා හිතාගන්නකෝ.
ප්රජාතන්ත්රවාදය, විශ්වාසය කියන වචන අපිට අහලා ම එපා වෙලා මහත්තයෝ. එක්කෝ ඔය වචන දෙකේ තේරුම වෙනස් කරන්න ඕන.
එදා ඉදන්ම අධි තක්සේරුකින් තමා මෙයා ඉන්නේ. අඛණ්ඩ කියන වචනෙන්ම ඒක පැහැදිලි වෙනවා. අඛණ්ඩව තියා ඛණ්ඩව වත් අපිට විශ්වාස නෑ.
ප්රජාතන්ත්රවාදයට අනුව ඔබ තුමා මොනව කලත් තැන්ක්යූ කියලා කියන්න තමා තියෙන්නෙ .
අඛණ්ඩව විශ්වාසේ තියපු නිසා තමය 300ක් නැති වුනේ.
ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයටත් විරෝධය පටන් අරගෙනයි තියෙන්නේ... එල්.ටී.ටී.යත් එක්ක මේ ප්‍රහාරය සන්සන්දනය කරන්න එපා. ඒ්ක ජාත්‍යන්තරව බලපාන ෙදයක්... ඒ නිසා පරීක්ෂාකාරීව සිටිය යුතුයි.
ඔව් ඔව් ජනතාවනම් පුදුම විස්වාසයක් සහ ආදරයක් තියෙන්නේ. පොඩ්ඩක් ආරක්ෂක නිලදාරීන් නැතුව පාරේ බැහැලා ජනතාව අතරට යන්නකෝ. ජනතාව පෙන්නයි හොඳට විශ්වාසයේ සහ ආදරේ තරම.
ජනතාවට එපා වෙලා ඉන්නේ
ඉදිරියේදී එන පාර්ලිමේන්තු මැතිවරණයේදී විශ්වාසය බලාගන්න පුළුවන්...
දැන් පිනක් දහමක් කරගෙන... සමනලයෙක් වගේ නිදහසේ පියාසර කළොත් නරකද?
හොඳයි සර් , ඔයා කියන විදිහට ඔයාලට හොද විදිහට.
විස්වාසය බිඳ වැටී අවසානයි. ඊළඟ මැතිවරණයේ දී අපේ රට ඒකාධිපති පාලනයකට යටත් වෙනවා නිසැකයි. එතන ට යන්න පාර හදන්නේ ඔබතුමා සහ වටේ ඉන්න පිරිසයි. අපේ අනාගතය සහ යුඑන්පී එකේ අවසානය හැරෙන්න වෙන මොනවා විස්වාස කරන්නද?
අනිත් ඒව කෙසේ වෙතත් තමුන්නාන්සේ රටේ තියන සම්පත් ටික නම් විකුණලා කයි කියලා හොඳටම විශ්වාසයි. දැන් වත් රටේ ජනතාවට පව් නොදී ගියොත් හොඳ නැද්ද?
අඛණ්ඩව විශ්වාසය බිඳෙමින් තිබෙන බව කියමි.