(බිඟුන් මේනක ගමගේ)
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය පෞද්ගලික ආයතනයක් මගින් සකස් කිරීම හා නඩත්තු කිරීම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුව ඇතැයි එම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින් කාලයක් තිස්සේ අනතුරු අඟවා ඇතත් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවනතුරුම ඒ ගැන බලධාරින්ගේ අවධානය යොමු නොවී යැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.
විදේශ සංචාරකයන් ආගමනය ඉහළ යාම සමඟ මගී නිශ්කාෂණ කටයුතු ආදී තාක්ෂණික කාරණා ගැන අවධානය යොමුකළ ද ආරක්ෂාවට අදාළ විමර්ශන ක්‍රියාකාරිත්වය පුළුල් කිරීම සම්බන්ධයෙන් බලධාරින් ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැතැයි ද ඔහු චෝදනා කළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සංවේදී තොරතුරු සහිත පරිගණක පද්ධතිය පෞද්ගලික ආයතනයකින් සකස් කිරීම රටේ පවතින තත්ත්වය මත ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි කී හෙතෙම මීට එකම විසඳුම ආගමන විගමන දෙපාර්තමේන්තුවේම අභ්‍යන්තර ඒකකයක් ස්ථාපිත කර ඊට පැවැරීම යැයි ද අවධාරණය කළේය.
ජාතික ආරක්ෂාවට සම්බන්ධ සියලු අංශ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඒකාබද්ධ විය යුතු වුවද මෙතෙක් එවැනි ජාලයක් පිහිටුවා නැතැයි ද ඔහු කීය.
මේ සම්බන්ධයෙන් විමසීමට වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් පසන් රත්නායක මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
යුද හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියකුගෙන් මේ ගැන කළ විමසීමේදී මෙය වහා නිවැරැදි විය යුතු තත්ත්වයක් යැයි ද බලධාරින්ගේ අවධානය කඩිනමින් ඊට යොමු විය යුතු යැයි ද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නොකියා කියන්නෙ අර දූෂිත රජයේ නිලධාරින් ඉන්න අයට ඕක දෙන්න කියලද. ඊට වඩා මන් හිතන්නෙ පෞද්ගලික අංශය හොඳයි. ගුවන් තොටුපලේ යද්දි අපි දැකලා තියනවා චීන අය සල්ලි අරන් ඇතුලට ගන්න හැටි. මරු ආගමන විගමන නිලධාරියො..
රටට මෙතරම් අභාග්‍ය සම්පන්න කාලයක් උදා වීමට මූලික හේතුව තමයි ආගමන විගමන පද්ධතියේ ඇති දුර්වලකම. කාගේ හෝ උවමනාවකට රජය පමණක් සතු විය යුතු ඉතාමත් රහසිගත තොරතුරු පිටට දීලා මුළු ජාතික ආරක්ෂාවම අනතුරේ දාලා. මෙහෙම ගහලා බේරුනා ඇති. තව කව්රු කව්රු රට ඇතුලේ ඉන්නවද කියල කවුරුත්ම දන්නේ නෑ.
මේ වගේ රජයේ සංවේදී කරන වලදී ඒවා නිෂ්පාදනය නඩත්තුව උදෙසා රජයේ නිලදාරීන් යොදා ගත යුතුයි. අලුත් අය බඳවා ගත යුතුයි
ලෝකේ හැම රටකම finger print සහ වෙනත් ආරක්ෂක ක්‍රම අනුගමනය කරලා තමා රට ඇතුලට හෝ පිටට යවන්නේ. ඒවා ලෝකෙත් එක්කම ලින්ක් වෙලා තියෙන්නේ. එතකොට හොර වැඩ අවම වෙනවා. එහෙතේ ලංකාවේ දුෂිත පාලකින් සහ නිලදාරීන් මේක කරන්නේ නැත්තේ මොකද
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය පමණක් නොව රජයේ යටතේ පවතින සියලුම ආයතන තුල පවතින පරිගණක පද්ධතීන් රජයේ ආයතන හෝ ආයතනයක් මගින් නඩත්තුව සහ පාලනය විය යුතුමය. එම නිසා පුද්ගලික ආයතනවලට රජයේ කිසිවක් (out source) නොකළ යුතුය. ඒ සදහා දක්ෂයන් විස්වාසවන්තයන් පමණක්නොව වෙනත් රටවල් මෙය සම්බන්ධව ක්‍රියාකරන ආකාරයන් සොයා බලා ආරක්ෂක " DATABASE" ජාලාවක් රට තුල ක්‍රියාත්මක විය යුතුය. වර්තමානයේ සහ අනාගතයේ ලෝකය බොහෝ දේ සිදුවන්නේ " IT " තුලිනි.
ඕන කෙනෙක්ට පාස්පෝට් එකක් හදාගෙන එනකොට පරිඝනක පද්දතියට නම දාල තියන්න පුළුවන් මේ විදියට. මම ද්විත්ව පුරවැසි අරන් ලංකාවට ආවම නම තිබුනේ නැහැ. හොඳ වෙලාවට මගේ ළඟ සහතික තිබුන. මටනම් මේ පරිඝනක පද්දතියේ නිරවද්ද්‍යාතාවය ගැන කිසිම විශ්වාසයක් නැහැ.
අයියෝ රජයේ නිලධාරින්ද පුද්ගලික අංශයද හා කවුද වැඩියෙන්දුෂිත. හරි සරලයි පිලිතුර
පොතේ හැටියට නම් ඔක ප්‍රයිවට් නොදී හදන්න ඔනේ තමා. ඒ උනාට එහෙම කරන්න ගියොත් වැඩේ වෙයිද. අන්තිමට මොනවත් නැතිවෙයි.
මේකෙ කමෙන්ට් වලට ලයික් කරන්න තියෙන බටන් එක නම් සෝක්. කැමති තරමක් උඩ පැන පැන ලයික් කරන්න පුලුවන්.
විදේශිකයින් මෙරටට එන්නේ ඔය පුද්ගලික ආයතනය ඇතුලින් නෙමෙයිනේ, ගුවන් තොටුපලින්නේ, ලෝකයේ ගොඩක් රටවල්වල සංවේදී තොරතුරු පද්ධති ලියා තියෙන්නේ ඒ රටේම පුද්ගලික ආයතන තමයි.
අද පාලකයෝ කියන්නේ රජයේ සේවාවන් පුද්ගලික අංශයට දීල මේ රට විනාස කරන කණ්ඩායමක්ද? මේවා වහා නිවැරදි කල යුතුයි නේද?
ලෝකයේ බොහෝ රටවල රහසිගත තොරතුරු පරිගණක මෘදුකාංග සපයන්නේ සහ නඩත්තු වන්නේ IBM වැනි පුද්ගලික ආයතන මගින්... මක්නිසාද එම අය විෂය පිළිබඳ විශේෂඥයින්... නමුත් රහස් රකින ගිවිසුම් තියෙනවා. කඩකළොත් හිරේ. තමන්ගේම එකක රජයේ ආයතන හෝ ආයතනයක් මගින් නඩත්තුව සහ පාලනය කිරීම අකාර්යක්ෂම සහ මුදල් නාස්තියක්...
කලබල නොවී ඉන්න. ළඟදීම හිස්බුල්ලාගේ කැම්පස් එකෙන් හොඳ තොරතුරු තාක්ෂණ උපාධිධාරින් හදලා දේවී...
ඔය කියන ආගමන, විගමන නිලධාරියා කොච්චර සුදනෙක්ද? කවුන්ටරයට එන අයගෙන් සල්ලි ගන්න නිලධාරීන් මේ වගේ විහිළු කථා කියන එක තමයි දුක...
ජාතික ආරක්ෂාවට සම්බන්ධ සියලු අංශ ආගමන විගමන දෙපාර්තමේන්තුවට සම්බන්ධ වියයුතු වුවද මෙතෙක් එවැනි ජාලයක් පිහිටුවා නැත. මෙවැන්නක් කිරීමට රජය නියමකර ඇතත් එය නොකිරීම ගැන පසුගිය දිනක අගමැතිවරයා විමසා තිබුණා. මෙවැනි අත්‍යවශ්‍ය දේ නොකරන බලධාරීන් කවුද කවුරු නමුත් ඔවුන් රටේ ආරක්ෂාවට තර්ජනයක්...
මොවුන් මොනවද හරියට කරේ? මේ තරමින් වත් දෙයක් වෙලා නැවතුණු එක ගැන අපි සතුටු වෙන්න ඕනෑ.
ඔය පුද්ගලික සමාගමක් ඕක කළයි, නැතැයි කියලා ඇති වැඩේ මොකක්ද? ඔය ඕනෑතරම් හොර රාජ්‍යතාන්ත්‍රික පාස්පෝර්ට් හදන් ඇමැතිවරු රට ගියා කියලා කාටද මොකද වුනේ? මෙව්වා නිකන් බොරු බයිලා විතරයි.
ලෝකයේ ඕනෑම රටක ඩිෆෙන්ස් කොන්ස්ට්‍රක්ටර්ස්ලා ඉන්නවා. පාස්පෝර්ට් කන්තෝරුව පැත්තේ ගියානම් බලාගන්න පුළුවන් එතන කොයි තරම් දූෂිතයිද කියලා... වාහන නවත්වන තැන ඉඳලා කප්පම් ගන්න මාෆියාවක් තියෙන්නේ... පාරේ ඉඳලා හොර පාරෙන් වැඩ කරලා දෙන කාක්කන් තමයි ඉන්නේ...
රජයේ නිලධාරීන් දෙමළ පද්ධති ක්‍රියාත්මක කරන්න ගියොත් ඔක්කොම හරි යනවා කියන එක පුදුම අදහසක්... පුද්ගලික අංශය කියන්නේ හොරු ඉන්න තැනක් කියල කියන්නේ හරියට තොරතුරු දන්නේ නැති අයයි... ලෝකයේ ඔක්කොම නව සොයා ගැනීම්, දත්ත පද්ධති ආදිය ඇති කරලා තියෙන්නේ පුද්ගලික අංශයේ අයගේ කට්ටියත් එකතුවෙලා තමයි. රජය කරන්න ඕනෑ නියාමනය සහ පරීක්ෂාව සමග නිවැරදි තොරතුරු ආරක්ෂා කරන එක නේද? ඉස්සර වෙලාම හොයා ගන්න ඕනෑ හොඳ අවංක නිලධාරීන් කණ්ඩායමක්... දේශපාලන පක්ෂවලට, පාටවලට යටත් නැති... හොඳ පඩි ගෙවන්නත් ඕනෑ. නිරතුරු පරික්ෂාවත් ඕනෑ. හරි අමාරු වැඩක්. ඒත් කළයුතු වැඩක්... ලෝකයේ නව සොයාගැනීම් කරන්නේ රාජ්‍ය අංශය නොවේ. පුද්ගලික අංශය විසින්... රාජ්‍ය සේවය පමණයි කියන මානසිකත්වය අපේ රට විනාශ කළහරිය මදිද?
මම රටවල් කිහිපයකට ගිහින් තියෙනවා ,හැම රටකදීම මගේ ඇස ස්කෑන් කරලා තමයි ඇතුලට ගත්තේ, ඒ රටවල රෙසිඩන්ස් ID එක ගද්දි ලේ වර්ගය ,අල්ලේ ,ඇඟිලිවල සියල්ලන්ගේම සලකුණු ගන්නවා .ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ ඇයි,,,,,,,,,,,
ඔය මොනා දාන්න ගියත් ස්ට්‍රයික් කරලා නවත්තනවා.
ආණ්ඩුව රට හැම පැත්තකින්ම කනවා. රට ජාතිය ගැන කිසිම කැක්කුමක් නැති මිනිස්සු.
රජයෙන් පාලනය කල පමණින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හෝ වෙන දෙයක් පිළිබඳව අනතුරු දායක නැහැ කියන එක කිසිම තේරුමක් නැති කතාවක්. ඒක හරියට පුද්ගලික රෝහල් වලට වඩා රජයේ රෝහල අනතුරුදායක නැහැ කියනවා වගේ දෙයක්. ඕනෑම රටක රජයේ වාණිජ කටයුතු පුද්ගලික අංශයට වඩා අකාර්යක්ෂම බව කවුරුත් දන්නා දෙයක්. හරි රෙගුලාසි ක්‍රියාත්මක කිරීම මගින් ආරක්‍ෂිත පුද්ගලික සේවා ලබා ගැනීමට රජය වග බලා ගත යුතුයි.
බොහෝ රටවල ආගමන විගමන දෙපාර්තමේන්තුව දුෂිතයි. රජය යටතේ පවත්වාගෙන යන පරිගණක ආයතනයකින් කරන එක හොඳයි හැබැයි, එම ආයතනය වෙනම අධිකාරියක් වශයෙන් පවත්වාගෙන යා යුතයි. මෙමගින් රජයේ සියලු ආයතන සඳහා පරිගණක පද්ධති සාදා ලබාදිය යුතයි. අමාත්‍යංශයකට යටත් නොවිය යුතයි.
ලෝකේ බොහෝ ආයතනවල පරිගනක සොෆ්ට් වෙයා ප්‍රොග්‍රම් කරන්නෙ පුද්ගලික කම්පනි තමයි. ඒවට දත්ත ආරක්ෂාවෙන ආකාරයට කොන්ත්‍රාත් ගහලා තියෙන්නෙ. මේ කියන විදිහට දත්ත හොරකම් කරන්න බෑ. ඒවට වග කියනවා මේ කොම්පෑනි. මෙක රජයෙන් කරන්න ගියොත් තමයි දුෂනය, හොරකම, ආරක්ෂාව සම්බන්ද ප්‍රශ්න එන්නෙ. ලින් ඈතුලෙ ඉන්න අය ලෝකය දකින්නෙ නෑ. මෑදපෙරදිග ලොකු සමාගම් , ලංකාවේ පරිගනක කොම්පෑනි වලින් සේවා ලබා ගන්නවා. එයාපෝට් එකේ කෑමරා හයි කරන්න නොදී වර්ජනය කරපු අය ජාතික ආරක්ෂාව ගෑන කම්පා වෙනවා.
පරිගණක තොරතුරු පද්ධතියක් නඩත්තු කරන්න හොද දැනුමක් ඕනේ. මේ වගේ දැනුම තියෙන අය තුට්ටු දෙකට ගන්න බැහැ. ඒ ගත්තත් ආයතනයේ තියෙන සම්ප්‍රදායික පරිපාලනය යටතේ ඔවුන්ට වැඩ කරන්න දෙන්නෙත් නැහැ. මොකද ඔවුන්ගේ දැනුම යාවත්කාලීන නිසා පැරණි අය වැඩ කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම මේ වගේ එකක බාහිරට දීලා හදවාගෙන නඩත්තු කිරීම හොද ඉල්ලමක්. මම වැඩ කල තැනක මේක ඇතුලේ තියෙන මානව සම්පත භාවිතා කරලා කරන්න හැදුව ඉහල හිටපු අය ඒක කරන්න නොදී කකුලෙන් ඇද්දා. කෙසේ හෝ මම ඒක කල නමුත් ඒකෙන් ප්‍රයෝජනයක් නොගෙන අලුත් එකක් පිටින් සල්ලි දීලා හදව ගත්තා. මේක පුංචි උදාහරණයක් පමණි. ටෙන්ඩර් කියන්නේ ඉතින් නිධානයක් තමයි ඕනෙම තැනක
මට ඩිස්ලයික් දාපු කවුරු හරි කියනවද ඇගිලි සලකුණු අරගෙන වීසා දෙන රටක්? මම රටවල් 23කට ගිහින් තියෙනවා. නමුත් මටනම් කවදාවත් ඔය කියන දේ වෙලා නැ
අයි ස්කෑන් එක කරලා රට ඇතුලට ගන්න සිස්ටම් එකක් හැදුවනම් හරිනේ. බොරු වැඩ නොකර . මුළු ලංකාවටම මේ ක්‍රමේ හදුන්වල දුනන්නම් හරි.
මම දන්නා පරිදි ලංකාවේ ආගමන විගමන දත්ත වර්තා කරන්නෙ ඉතාම ප්‍රාථමික මට්ටමක.