(රන්ජන් කස්තුරි සහ මනෝජ් හර්ෂික)
පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමාගේ ආරක්ෂකයින්ද අනුයුක්ත කරන්නැයි විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශවලට දැනුම් දුන් බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
තමාගේ ආරක්ෂාව තමා විසින්ම සපයාගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් රවී කරුණානායක මහතා සිය ඇමැති ආරක්ෂකයින් පාසල් සිසුන්ගේ ආරක්සාවට යෙදවූ බවද එම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව ඇමතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් නිදහස් කර ඇතැයිද විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නා වාගේ. මේ කොකාගෙත් හැටි අපි දකිනවා ඉගිලෙනකොට..
අැයි අපි මේ වගේ හරක් පාර්ලිමේන්තුවට යැව්වේ? බලාගෙන ගියාම යහපාලන ආණ්ඩුවේ ඉහළම ඉඳන් පහළටම පිස්සුනේ කෙලින්නේ. මේ වගේ ලොසින්ජර වැඩ වලින් ජනතාව ගොනාට අන්දවන්න පුළුවන්ද? අපි හරක් කියලද හිතන්නේ...?
ඊට පස්සේ ඉතින් ආණ්ඩුවට බිලක් දෙන්නත් බැරි නෑ පුද්ගලික ආරක්ශක අංශයකින් කට්ටිය ගත්තා කියලා. එහෙම මහත්තයෙක් මෙයා.
ඔබට හිරිහැර කිරීමට ත්රස්තවාදීන් මෝඩ නැත.
අනේ පව් අප්පා මේවා දැක්කම ඇඬෙනවා... පුදුම නායකයෝනේ අම්මපා අපට ඉන්නේ... මේවා දකින කොට හදවත එළියට පනිනවා.
බොර දියේ මාළු බෑම. මේක කරා කියල හෙට උදෙන්ම ප්‍රශ්න ඉවරද? අනේ මෙහෙමත් අයනේ අපි පාර්ලිමේන්තු යවලා තියන්නේ
විහිලු කිරීමට අවස්ථාව නොවේ ගරු ඇමතිතුමනි...
මෙයාගේ ආරක්ෂාවට ඉන්නේ රටින් ගෙන්වපු අයනේ... මෙයාට පොලිස් ආරක්ෂාව වැඩක් නැතිබව අපි දන්නවා.
ඒපාර මෙයත් ඉස්කෝලේ යන්නද යන්නේ? අනේ හොඳයි
ආරක්ෂකයෝ ඔබතුමා තියාගන්න
ලංකාවේ පාසැල් දහදාහක් තියෙනවා. ඔබතුමාට ආරක්ෂකයෝ කීදෙනෙක් විතර ඉන්නවාද?
මේ වගේ අය හින්ද තමයි පිටසක්වල ජීවීන් කවදාවත් ලංකාවට එන්නෙ නැත්තෙ.
මොවුන් තමා ලංකාව විනාශ කළේ.....
මගේ ආරක්ෂකයෝ? ගෙදරින් අරන් ආවද? කරලා තියන වැඩවල හැටියට හෙට අනිද්දට හෙන ගහන්නත් ඉඩ තියනවා. අහිංසක ආරක්ෂකයින්ගේ ආරක්ෂාවට ඔහෙගෙන් ඉවත්වෙලා ඉන්න එක හොඳයි.
හරියට හරි. අර ඇලෝසියස්ගෙන් හම්බවුන පදිංචිවෙලා ඉන්න ගෙදරට වෙලා හිටියාම ආරක්ෂකයන් ඕනේ නැහැ. අනික එච්චර ඉඩ ප්‍රමාණයකුත් ඒ ගෙදර නැතිව ඇතිනේ...
මේවට තමයි කියන්නේ ජනතාව ගොනාට ඇන්දීම කියලා. හොර තක්කඩි පාර්ලිමේන්තුවට ගියාම මේ වගේ ප්‍රකාශ බලාපොරොත්තු විය යුතුයි..
කියන්න වදන් නැහැ.. හැඟුම් සිතේ ගොළුවෙලා...
ගරු ඇමතිතුමා කාටත් ආදර්ශයක් දෙන වැඩක් කර තියෙන්නේ. මිසදිටුවන් බුරලා තියෙන බව නම් පේනවා.
ඔව් ඉතින් ඔබතුමාට කොහොමත් පාතාලේ සෙට් එකක් ඉන්නවනේ.., ඔබතුමාගේ ආරක්ෂාවට ඉන්න පොලිස් නිලධාරියන් ඉස්කෝල මුර කරන්න ඇරලා, පාතාල සෙට් එක පුද්ගලික ආරක්ෂකයන් කියලා ලියාපදිංචි කළාම ඔවුන්ට අවි ආයුධ අරන් කොළඹ වටේ කරක්ගහන්නත් පුළුවන්.., එතකොට ඔවුන්ට කියලා ඔබතුමාගේ පොඩි පොඩි සිල්ලර වැඩ ටිකක් කරගන්නත් පුළුවන්... එකගලින් කුරුල්ලන් දෙතුන් දෙනෙක් දඩයම් කරගන්න පුළුවන්... පස්සේ වැඩේ අවුල් වුණොත් මම මුකුත් දන්නේ නැහැ කියලා ඇඟ බේරගන්නත් පුළුවන්...
බොරු ෂෝ, මොවුන් හිතන් ඉන්නේ මේ රටේ ඉන්නේ ඔක්කොම හරක් කියලයි. මොනවා වුනත් බයවෙන්න එපා සහෝදරයා... මුස්ලිම් අය ඌරු මස් කන්නේ නැහැ..!
මහ බැංකුවෙන් ගහපු ගැහිල්ලේ හැටියට පුද්ගලික ආරක්ෂකයින් තියාගන්න එක මොන කජ්ජක්ද? !
හරි බන් එල...
බුදු අම්මෝ, මෙයා පට්ට ඇඩ්නේ දාන්නේ. ආරක්ෂකයෝ නැතත් ඔයාට කිසිම හිරීමක් වත් වෙන්නේ නැහැ මෙයා.
අනේ මේ බොරදියේ මාළු බාන් නැතුව ඉන්න රවී...
මේ ඇමතිවරයාගේ පෙර ක්‍රියා කලාපය කුමක් වුවත් ඇමති ආරක්ෂකයින් පොදු මහජන ආරක්ෂාවට යෙදවිය හැකි නම් එය කාලෝචිත පියවරකි.
මේ ඇමතිවරයාගේ පෙර ක්‍රියා කලාපය කුමක් වුවත් ඇමති ආරක්ෂකයින් පොදු මහජන ආරක්ෂාවට යෙදවිය හැකි නම් එය කාලෝචිත පියවරකි.
මෙන්න බොලේ මද්දුම බණ්ඩාර කෙනෙක්? අනේ විගඩම් මෙයාගේ කෙරුවාව රටම නොදැන්නවයැ
මිනිසුන් අතර දෙවිවරු සිටින බව මේ උතුමා පුන පුනා ඔප්පු කර අවසන්
රවී කරුණානායක අපට සිටින සද්ධන්ත යෝධයෙක්. ජයම වේවා!
සතොස , මහා බැංකු වංචා වැනි විශාල වංචා වලට අහුවෙලත් , කිසිම ප්‍රශනයක් නැතුව ඉන්නවා , ඉන්න ගමන් ඇමතිකම් දරනවා , මොහුව මහා පක්ෂ දෙකේම ඉන්න නායකයෝ ආරක්ෂා කරනවා , නැත්නම සතොස වංචාවලට 2004 ඉඳන් 2014 වෙනකම කිසිම දඩුවමක ලැබුනේ නැහැ . රටේ අවාසනාවට මොහුට කතිරේ ගහල පාර්ලිමේන්තු අරින මෝඩ ඡන්ද දායකයෝ රැළකුත් ඉන්නවා ,