(ඩී.කේ.රත්න)
වැල්ලවාය මොනරාගල ප‍්‍රධාන මාර්ගයේ වැල්ලවාය නගරය ආසන්නයේම පිහිටි කිරිදිඔය හරහා ඉදිකර ඇති පාලම යට තිබී ටී 56 ජීව උණ්ඩ 17 ක් අද (5) සොයා ගෙන ඇතයි වැල්ලවාය පොලීසිය පවසයි.
මෙම ජීව උණ්ඩවලින් කොටසක් පාලම යට කිරිදිඔයේ තිබියදීද ඉතිරි උණ්ඩ පාලය යට තිබියදීද මෙසේ පොලීසිය විසින් සොයා ගෙන ඇත
ප‍්‍රදේශවාසී පුද්ගලයෙකු විසින් වැල්ලවාය කිරිදිඔයේ පාලම යට ජීව උණ්ඩ ඇති බවට වැල්ලවාය පොලීසියට සිදුකළ දැනුම්දීමක් මත වැල්ලවාය පොලීසිය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ජීව උණ්ඩ සොයා ගෙන ඇත.
මේ පිළිබදව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පාලම මත සිට මෙම ජීව උණ්ඩ කිරිදි ඔයට විසිකරන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
වැල්ලවාය පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පැත්තේ නම් කාගේ භාණ්ඩද කියලා හිතාගන්න අමාරුයි.....