( චමිල් රූපසිංහ)
රටේ පවතින වාතාවරණය තවමත් සම්පූර්ණයෙන්ම යහපත් අතට පත්ව නොමැති බැවින් දෙවන පාසැල් වාරය ආරම්භ කිරීම තවත් සතියකින් ප්‍රමණ ප්‍රමාද කිරීම කාලෝචිත බවත් නිසි පරිදි ආරක්ෂාව තහවුරුවූ පසු සියලු පාසැල් එකම දිනක ආරම්භ කිරීම වඩා සුදුසු බවත් ජනපති, අගමැති ප්රමුඛ වගකිව යුතු බලධාරීන් මේ සම්බන්ධව අවධානය යොමු කළ යුතුව තිබෙන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.
‘සිංහලේ අපි සංවිධානයේ‘ හා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ සාමාජික පිරිසක් අද (05) මල්වතු මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ මහනාහිමියෝ මේබව පැවසූ අතර අස්ගිරි මහනාහිමියෝ විශේෂ මාධ්‍යය හමුවක් කැඳවමින් මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ ජනපති.අගමැති,කැබිනට් මණ්ඩලය හා ආරක්ෂක මණ්ඩලය එක්ව සාකච්ඡා කර රටේ ආරක්ෂාව සම්බන්ධව ජනතාවට නිශ්චිත ප්‍රකාශයක් කළ යුතුව තිබෙන බවත් රටේ ආරක්ෂාව නිශ්චිතව තහවුරු වන තුරු පාසැල් විවෘත කිරීම තවත් සතියකින් පමණ ප්‍රමාද කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුව තිබෙන බව පැවසූහ.
අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ ප්‍රකාසයක් කරමින් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකීමේදී පාසැල් විවෘත කිරීමට උචිත තත්ත්වයක් පෙනෙන්නට නොමැති බව ත් පාසැල් වලින් කොටසක් විවෘත කර තවත් කොටසක් වසා තැබීම තුළින් ගම්‍ය වන්නේ ආරක්ෂාව සම්බන්ධව ගැටලුවක් පවතින බව යැයිද ආරක්ෂාව නිශ්චිතව තහවුරුවූ පසු සියලු පාසැල් එකවර විවෘත කිරීම වඩා යෝග්‍යය බවද පැවසූහ.
දෙමව්පියන් මෙන්ම ගුරුවරුන්ද දෙවන පාසැල් වාරය හෙට (06) දින ආරම්භ කිරීම සම්බන්ධව පැහැදීමක් නොමැති බවත් මේ සම්බන්ධව රජයේ අවධානය යොමු විය යුතුව තිබෙන බවද අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියනු ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයවෙන්න එපා හාමුදුරුවනේ සැම දරුවෙකුටම ලක්ෂයක රක්ෂණයක් දෙනවා කීවා අකිල ඇමතිතුමා.
මේ ආණ්ඩුව භික්ෂූන් වහන්සෙලාට කන් දෙන්නෙ නැහැ කියලා දන්නැද්ද ඔබ වහන්සෙලා? ඒ අයගේ දරුවන් වැඩිහරියක් ඉගෙන ගන්නෙ පිටරට වලනෙ. අනිත් අයට දරුවො ඉන්න එපැයැ දුක දැනෙන්න. ඕකත් ජාත්‍යන්තරයෙන් අහලා කරන්නෙ ඒකයි ප්රශ්නය.
අවදානම එසේමය. දෙමාපියන් පන්සියයක් සහ සිසු බටයින් පනහක් බැගින් සිටියත් සිසුන් බසයට නගින වෙලාවට පාරේ ඒක රාශි වන වෙලාවට ආරක්ෂාව සැපයීම ඉතාම අසීරුය. මේ වෙලාවේ බොහොම ආරක්ෂාවයි ගෙදරම සිටිම නම්. ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැත්නම් ප්රභුවරුන්ටත් සැහැල්ලුවෙන් යා හැකි විය යුතුයි.
අපේ මහනායක හාමුදුරුවරු කියන දේ මේ චණ්ඩිස්ලා පිළිගනීවිද?
අවසර ඔබ වහන්සේලා දැන්ද රටේ ආරක්ෂාව ගැන කතා කරන්නේ ? පාසල් ගැන කතා කරන්න කලින් නරකද රට පුරා පන්සල් වල ආරක්ෂාව ගැන සොයා බැලුවොත් ? ඒවාට එන අහිංසක දායකයන්ට අනතුරක් වුනොත් තමන්ගේ දාන වේලටත් ප්‍රශ්නයක් කියලා හිතලාවත් මීට වඩා ශාසනාලයෙන් කටයුතු කරන්න. රටේ සැම පන්සලකම අනාරක්ෂිත වෙලා තිබෙද්දී මල්වත්තයි අස්ගිරියයි විතරක් බේරුනාම ඇති. ආගමික නායකයන් හැටියට මීට වැඩිය වගකීමකින් රටේ ප්‍රශ්න වලදී කටයුතු කරන්න ඕන නේද ? අර කාදිනල් තුමා දිහා බලලාවත් යමක් ඉගෙනගන්න වටිනවා. තමන්ට ලැබෙන්න ගිය පාක්කුඩම් එපා කියලා සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව ගැන කතා කල එතුමා තමයි මෑත කාලයේ ආගමික නායකයා විදියට මම නම් දකින්නේ. රටට හෙන ගැහුවත් කමක් නැහැ පුජාවට්ටියයි බෙන්ස් එකයි තිබුනොත් කියලා හිතන ආගමික නායකයන් ගැන මොන කතාද .
කොහොමහරි, නායක හාමුදුරුවන් වහන්සේලා අවදිවෙලා. බොහොම පින්...
බක පණ්ඩිත ඇමතියෝ ඉන්නකල් ප්‍රශ්නයට විසඳුමක් දෙයිද? ලකුණු දාගන්න හදන්නේ දරුවන්ගේ පිටින්...
මේ ආණ්ඩුව ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පිළිපදින්නේ නැතිව ආත්මර්තකාමීව කටයුතු කරන බව අපි සැවොම දැක ඇත්තෙමු.
මැයි මාසයම නිවාඩුදීලා අගෝස්තු මාසෙම උගන්නත් බැහැනේ විභාග නිසා. සති අන්ත දින සියල්ලත් එකතුකර උගන්නන්නත් බැහැනේ ගුරු භවතුන්ට ටියුෂන් නැතිවෙන නිසා. එහෙමනම් මේ අවුරුද්දම නිවාඩුදීලා ලබන අවුරුද්දෙම මේ දරුවන් සිටින පංති වලම තබා උගන්නමු නේද උගන්නන්නේ නැතිව විභාග සමත්කරල වැඩකුත් නැහැනේ.