(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම ශාන්තිපුරම් ප්‍රදේශයේ කැලෑවක පාර්සලයක තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 12 ක් සහ විද්‍යුත් පරිපථ තොගයක් තිබී මන්නාරම පොලීස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන ඇත.
ශාන්තිපුරම් ප්‍රදේශයේ පිහිටි කැලෑවකට ප්‍රදේශවාසියෙකු ගිය අවස්ථාවකදී අදාළ පාර්සලය දැක ඒ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ මෙම පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
එහිදී පොලිතීන් උරයක තිබී පුපුරණද්‍රව්‍ය කිලෝ 12 ක් හා කාල විරාම පරිපත 6 ක් හමු වී ඇති අතර අදාළ කාල විරාම පරිපත එම ස්ථානයේදී නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන ඇත.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුපුරණදුව්‍ය තොගය ගෙනවිත් දමන්නට ඇති බවට පොලීසිය සැක පල කර සිටි අතර සොයාගත් පුපුරණද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට භාර දී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියනේ...... ලංකාවට මොකද්ද මේ කරන්න හදලා තියෙන්නේ......
මේ පුපුරන ද්‍රව්‍ය වලට වැඩිය වැදගත් වෙන්නේ ... කව්ද මේවා තියාගෙන හිටියේ කියන එකේ නේද ..