බන්ධනාගාරයේ සිටින සැමියාට සිම්කාඩ් දෙන්න ගිය බිරිඳට සිරදඬුවම් ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටින තම සැමියාට කෑම පාර්සලයක දමා ජංගම දුරකතන සිම්කාඩ් හතක් දිමට තැත් කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකාර කාන්තාවකට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (11) මාස හයක සිරදඬුවම් සහ රුපියල් දහසක දඩයක් නියම කර සිරදඬුවම වසර දහයකට අත්හිටුවනු ලැබීය. 11 December 2018
ගමනාගමන සේවකයෝ ජනපතිගෙන් ප්‍රසාද දීමනාව ඉල්ලති ප්‍රසාද දීමනා හා දරුවන්ට පාසල් උපකරණ ගැනීම වෙනුවෙන් රුපියල් 25,000 මුදලක් ලංකා ගමනාගමන මණ්ඩල සේවකයන්ට ලබාදෙන්නැයි ඉල්ලමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇත. 11 December 2018
ආණ්ඩු පක්ෂය හෙටත් පාර්ලිමේන්තුවට නෑ පාර්ලිමේන්තුවේ හෙට (12) රැස්වීමත් වර්ජනය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත. 11 December 2018
ජනපති ඝාතන කුමන්ත්රණයේ ඉන්දීය ජාතිකයා යළි රිමාන්ඩ් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියට සම්බන්ධ මර්සියෙල් තෝමස් නැමැති ඉන්දිය ජාතිකයා ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය. 11 December 2018
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් හෙට කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට(12) පෙරවරු 11.30ට කැඳවා ඇත. 11 December 2018
පුවරසම්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා රිමාන්ඩ් වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසුරිය මහතා දෙසැම්බර් 13 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා අද (11) නියම කළේය. 11 December 2018
ජනාධිපතිගේ සම්මුඛ සාකච්ඡාවේ වීඩියෝ පටය අල්ලස් කොමිසමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව සැළකිල්ලට ගන්නැයි ඉල්ලමින් එම සාකච්ඡාවේ වීඩියෝ පටය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලබා දුන් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ විධායක අධ්යක්ෂ අසෝක ඔබේසේකර මහතා ලංකාදීපයට පැවසීය. 11 December 2018
රේගු නිලධාරීන්ගේ වර්ජනය අවසන් සිය වැටුප් විෂමතාව ඉවත් නොකිරීමට විරෝධය දක්වා රේගු නිලධාරීන් අද(11) ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසයි. 11 December 2018
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අලාභය ගැන තක්සේරු වාර්තාවක් උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය විමසන අවස්ථාවේ එහි හිටපු සභාපතිවරයාට පහරදීමේ සිදුවීමේදී සභාවේ දේපලවලට සිදු වූ අලාභය ගැන තක්සේරු වාර්තාවක් සකසා අද (11) පේරාදෙණිය පොලිසියට ලබා දුන් බව සභාපති ගාමිණි තෙන්නකෝන් මහතා පැවසීය. 11 December 2018
‘බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ගමන් එපා’ දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරියේ දී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් බෙංගාල බොක්ක ආශ්රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල අද (11) ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙසත් දැනටමත් මුහුදු ගොස් සිටින ධීවරයින් එම ප්‍රදේශවලින් වහා ඉවත්වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 11 December 2018
රෝහිත අබේගුණවර්ධනට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කල් යයි සිය නිත්‍යනූකූල ආදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපළ වල හිමිකරුව සිටින බවට චෝදනා ලැබ සිටින හිටපු වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු මස 18 සහ 28 වැනි දිනවල පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද (11) තීරණය කළේය. 11 December 2018
නාලක ද සිල්වා යළි රිමාන්ඩ් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (11) නියෝග කර තිබේ. 11 December 2018
කාබුල් නුවර බෝම්බ ප්‍රහාරයකින් සිව් දෙනෙක් මරුට ඇෆ්ගන්ස්ථානයේ කාබුල් නුවරදී මරාගෙන මැරෙන කාර් බෝම්බ කරුවෙක් එල්ල කළ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් සිව් දෙනෙකු ඝාතනය කර ඇත. 11 December 2018
‘හාවස්ට් 2018’ ප්‍රදර්ශනය ඇරඹේ නව කෘෂි සංස්කෘතියක් මෙරට ඇති කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් සංවිධානය කළ ‘හාවස්ට් 2018’ කෘෂිකර්ම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (11) ආරම්භ කෙරිණි. 11 December 2018
දුම්රියත් වර්ජනයකට සැරැසේ අමාත්‍ය මණ්ඩලය මගින් අනුමත කරන ලද එම්. පී. 1හා 2 වැටුප් පරිමාණ ලබාදීම තවදුරටත් ප්‍රමාදකිරීමට විරෝධය දක්වා දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26 මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක 11 December 2018
නැති වු ජංගම දුරකතන ගැන පැමිණිලි කරන්න නව වෙබ් අඩවියක් ජංගම දුරකතනයක් අස්ථානගත වු විට හෝ සොරකම් කළ විට ඒ සම්බන්ධව පැමිණිලි කළ හැකි නව වෙබ් අඩවියක් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අද (11) හඳුන්වා දුන්නේය. 11 December 2018
187 බස් වර්ජනයක් මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපළ-කොළඹ කොටුව සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ ධාවකයෝ අද (11) සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. 11 December 2018
ප්‍රංශ ජනපතිගෙන් කහ කබාකරුවන්ට පොරොන්දුවක් සති ගණනාවක් පුරා ප්‍රංශයේ පැවති කහ කබා විරෝධතාකරුවන්ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අවම වැටුප් වැඩිකිරිමට සහ බදු සහන ලබාදීමට ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන් මහතා පොරොන්දු වී තිබේ. 11 December 2018
ප්‍රශ්න පත්‍ර මාරු වීම ගැන පරීක්ෂණයක් අම්පාර බණ්ඩාරනායක බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලා දෙකක සහ අම්පාර ඞී. එස්. සේනානායක මධ්‍ය මහා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ ශාලාවක අද(11) උදය වරුවට නියමිත සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර නියමිත වේලාවට ලබා දී නොමැති වීමේ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අරඹා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. 11 December 2018
පාර්ලිමේන්තුවේ ප්‍රභූ-මහජන ගැලරි හෙටත් වැසේ හෙට දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී මහජන ගැලරිය හා කතානායක ආරාධිත ප්‍රභූ ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 11 December 2018
පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට 2010 වසරේ දී කිරිබත්ගොඩ ප්‍රදේශයේ නිවසක සිදුවු බව කියන සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට සහ ඔහුගේ පුතාට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 11 December 2018
හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී-දැව සංස්ථා සභාපතිට එරෙහි නඩුවේ විමර්ශන අවසන් බව රහස් පොලීසිය කියයි අල්ලස් වශයෙන් රුපියල් මිලියන 20 ක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය සම්බන්ධයෙන් විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම අද ප්‍රකාශ කළේය. 11 December 2018
පෙත්සම් තීන්දුව කඩිනමින් දෙන්නැයි ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ. 11 December 2018
හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි තරුණයකු පැහැරගැනීමේ සිද්ධියේ නඩු විභාගය මාර්තු 12-13 දෙමටගොඩදි තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව 12 සහ 13 වැනි දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (11) තීරණය කර තිබේ. 11 December 2018
ඉරණමඩු ජලාශයෙන් ඉවත් කළ සේනානයක මහත්වරුන්ගේ නාම පුවරුව යළි සවි කරයි ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කර යළි විවෘත කිරීමේදී එම ස්ථානායන් ඉවත් කෙරුණු හිටපු අග්‍රාමාත්‍යවරයකු වු ඩී.එස්.සේනානායක මහතාගේ සහ එවකට කෘෂිකර්ම අමාත්‍ය ඩඩ්ලි සේනානායක මහත්වරුන්ගේ නාමයන් සඳහන්ව පැවති පැරණි නාම පුවරුව සහිත සමරු ඵලකය පැය 24 කාලයක් ගතවීමට පෙර යළි තිබූ ස්ථානයේ සවිකිරීමට කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලය කටයුතු කළේය. 11 December 2018
සා.පෙළ ප්‍රශ්න පත්රවලට පාර වැරදීලා අම්පාර සහ මොනරාගල අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක අද (11) ප්‍රශ්න පත්‍ර ලබාදීමට ප්‍රමාද වී ඇත්තේ මොනරාගල අංක 413 විභාග මධ්‍යස්ථානයේ ප්‍රශ්න පත්‍ර අම්පාර අංක 414 විභාග මධ්‍යස්ථානයට රැගෙන යාමෙන් ඇති වු ගැටලුවක් නිසා යැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 11 December 2018
යාපනයේ ව්‍යායාම මධ්‍යස්ථානයකට ප්‍රහාරයක් යාපනය චුන්නාකම් ප්‍රදේශයේ පිහිටි ව්‍යායාම මධ්‍යස්ථානයකට පැමිණි නාදුනන පිරිසක් විසින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීමට ගත් උත්සහයකදී එම මන්ත්‍රීවරයා නොසිටීම හේතුවෙන් ව්‍යායාම මධ්‍යස්ථානයට දැඩි ලෙස හානි සිදු කර පලා ගොස් ඇති බව චුන්නාකම් පොලීසිය පවසයි. 11 December 2018
ගවයින් හොරෙන් ගෙන ගිය අයෙක් ගවයින් 14 ක් සමඟ අත්අඩංගුවට ගව ගාලකින් සොරකම් කරන ලද මී ගවයින් සහ එළ ගවයින් 14 දෙනෙක් බලපත්‍ර නොමැතිව හිංසාකාරී අන්දමින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට වෙඩි තබා එහි සිටි සැකකරුවෙක් අද (11) අලුයම අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය පවසයි. 11 December 2018
සා. පෙළ ප්‍රශ්න පත්‍ර නැතිව සිසුහු විභාග ශාලාවේ බලා සිටිති අම්පාර ඩී.එස් සේනානායක ජාතික පාසලේ සහ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ අද දින සා.පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට නියමිත ප්‍රශ්න පත්‍ර මේ වන තුරුත් ලැබී නොමැති බව වාර්තා වේ. 11 December 2018
තීන්දුව ඉක්මන් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව අප්‍රමාදව ලබාදෙන ලෙස නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් සමඟ අද (10) පැවැත්වූ සාකච්ඡාවේදී පවසා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවැසේ. 10 December 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026