IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සිතේ සැනසිල්ලෙන් බුදු පුදට යති

සෑම වෙසක් පුන් පොහෝ දිනයකම කැලණිය විහාරස්ථානයට ඇතුළුවීම තරමක් දුෂ්කර ව්‍යායාමයක් වන්නේ සිල් සමාදන්වීමට පැමිණෙන උවසු උවැසියන් පඩිපෙළ දක්වාම වාඩිවී සිටින බැවිනි. එවන් තදබදයක් ඊයේ (18) දක්නට නොලැබුණ නමුත්,  ශී‍්‍ර ලංකා ඉතිහාසයේ පළමු වතාවට, විහාරස්ථානයක් තුළට වැඩම කරන බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් පවා කැලණිය විහාරස්ථානය අබියසදී අරක්‍ෂක අංශ පරීක්‍ෂාවට ලක් කෙරිණ.  

 කැලණිය විහාරස්ථානයේ දොරටු තුනේදීම, විහාරස්ථානයට ඇතුළු වන සියලූම දෙනා පරීක්‍ෂාවට ලක්කිරීමෙන් පසුව ඔවුන්ගේ ඇඳුමට ස්ටිකරයක් අලවන ලදි. පසුව ඔවුන් විහාරස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී එම ස්ටිකරය ආරක්‍ෂක අංශ විසින් ඉවත් කරගනු ලැබිණ. 
 
සාමාන්‍යයෙන් වෙසක් පුන් පොහෝදා 3000 කට වැඩි පිරිසක් කැලණිය විහාරස්ථානයට පැමිණෙන නමුත් ඊයේ පැමිණ සිටියේ 1000 කට ආසන්න පිරිසකි. විහාරස්ථානය තුළට වැඩම කරමින් සිටි බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් ආරක්‍ෂක අංශවල පරීක්‍ෂාවෙන් පසුව ඉදිරියට වැඩම කරද්දී, උන්වහන්සේ ‘පරීක්‍ෂාවට ලක්කරන ලදි’ යැයි කියැවෙන ස්ටිකරය රොයිටර් පුවත් සේවයේ ඡායාරූප ශිල්පී දිනුක ලියනවත්තගේ කැමරාවේ සටහන් වූ අයුරු ඉහළම ඡායාරූපයෙන් දැක්වේ. 
 
සෙසු ඡායාරූප : රොයිටර් පුවත් සේවය අනුග‍්‍රහයෙනි



අදහස් (10)

සිතේ සැනසිල්ලෙන් බුදු පුදට යති

කුමාර Sunday, 19 May 2019 02:28 PM

නීතිය නීතිය ලෙසම ක්‍රියාත්මක කිරීම ...

:       0       0

Sunil Sunday, 19 May 2019 02:39 PM

රට මේ තත්වයට ඇද දාපු නායකයන් දෙපළට ස්තූතියි.........

:       0       0

Kumar Sunday, 19 May 2019 05:03 PM

සියලුදෙනාගේ ආරක්ෂාවට සියලුමදෙනාම පරික්ෂ කරන්න ඕනෙ.

:       0       0

සිරිබිරිස් Monday, 20 May 2019 01:08 AM

හරිම අශෝභනයි. හරියට හිරකාරයෙක් කරල වගේ හිතෙනවා. ආරක්ෂක නිලධාරීන්ට තිබුණා. හාමුදුරුවන්ගේ හැඳුනුම්පත ලබාගෙන ඇතුල්වීමට ඉඩදී ආපසු වඩිනවිට හැඳුනුම්පත ආපසු දෙන්න...

:       13       41

RaveendraMonday, 20 May 2019 05:32 PM

අවංකවම හරිම කනගාටුයි පළමු ඡායාරුපය දැකීමේදී.

:       2       24

Saman Monday, 20 May 2019 01:53 AM

බෙන්ස් කාර් නැතුව ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන්න බැරි හාමුදුරුවරු ඉන්න රටක සියළුම දෙනා නීතියට ගරුකල යුතුයි.

:       2       76

BamunuarachchiTuesday, 21 May 2019 12:11 AM

සිල්රකින හාමුදුරුවරු සහ සාසනය රකින හාමුදුරුවරු කියා කොටස් දෙකක් ඉන්න බව තේරුම් ගන්න. සිල්රකින හාමුදුරුවරු සාසනය රකින්න ඉදිරියට එන්නේ නැත.

:       42       62

SunilTuesday, 21 May 2019 02:13 PM

මේක බමුණු මතය වෙන්න ඇති. බුදුන් දෙසූ විදියට නම් භික්ෂුවගේ අරමුණ " චරිථ භික්ඛවේ චාරිකං - බහු ජන හිතාය, බහු ජන සුඛාය, සත්ථාදේව මනුස්සානං"

:       0       0

JaW Tuesday, 21 May 2019 10:30 AM

ඉස්මුරුත්තාව එනකං කාපු එකාට ඇඟිල්ල ගහලා හරි වමාරන්න වෙනවා වගේ... ත‍්‍රස්තවාදියා ඉස්තෝප්පුවට ආවට පස්සේ ගෙදර ආරක්ෂාවට දොර වහලා වැඩක් නෑ...

:       0       0

ලුම්බිණි Wednesday, 22 May 2019 05:30 AM

බොහෝ තැන් වල කරන්නේ අනවශ්‍ය පරීක්ෂාවක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site