IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


පළමු ක්ෂීරපායාස පූජාව ශ්‍රී මහා බෝධියට

(දයාරත්න ඇඹෝගම)

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින්  2563 වැනි වෙසක් පුන් පොහෝ දින  රටටත් ලක්වාසි සියළු දෙනාටත් ආශිර්වාද කරමින් අනුරාධපුර  ජය ශ්‍රී මහා  බෝධින් වහන්සේ වෙත  ක්ෂීරපායාස බුද්ධ පූජාව  සහ ආභරණ පැළඳවීම 51 වන වරටත් ගෞරවාභිමානයෙන් අද (18) සිදු කරනු ලැබීය.

වෙසක් පුන් පොහෝ දින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පිදෙන මුල්ම බුද්ධ පූජාව ලෙස ගෞරවාන්විතව හා ඉතාම පිරිසිදුව  නොකඩවා මෙම පූජාව වෙසක් පුන් පොහෝදා සිදු කරනු ලබයි.

අනුරාධපුර අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි  උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් සමග දායක  සභාවේ දායක දායිකාවන් විසින් මෙම බුද්ධ පූජාව ජයන්ති විහාරස්ථානයේදී සකස්කරනු ලැබීය.

අනුරාධපුර ජයන්ති විහාරස්ථානයේ තැනූ විශේෂ මණ්ඩපයක් තුල වෙසක් පුන් පොහෝදින අලුයම 1.00 ට පමණ නොකැඩුනු සහල් ගෙන එම සහල් එළකිරෙන් සෝදා මුකවාඩම් බැඳගත් සැදැහැවතුන් විසින් එළකිරි සමග සෝදා ගත් සහල් භාජනයකට දමා තවත් භාජනයක් තුළට ඖෂධවර්ග දමා එම ඖෂධ අඩංගු භාජනය තුළ සහල් අඩංගු භාජනය තබා, අගිල්, ගුගුල්, සුදු හඳුන්, රත් හඳුන්  දර යොදමින් ලිප ගිනි මොලවා එම භාජන දෙක ලිප මත තබා ඖෂධ වාෂ්පයෙන් සකස් කර ගත් කිරිබතට කිතුල් හකුරු, වියලි මිදි, ගිතෙල්, මී පැණි දමා කවලම් කර ක්ෂීරපායාස බුද්ධ පූජාව සකස් කර ගන්නා ලදී.

බුද්ධ පූජාව සකස් කරන විට හේවිසි ඇතුළු පංචතූර්ය නාද පවත්වමින් පිරිත් සජ්ජායනා  පැවැත්වුණි.

ඉන් පසු ක්ෂීරපායාස බුද්ධ පූජාව රන් ආලේපිත පාත්‍රයට බෙදා යුද හමුදා සහ  පොලිස් ආරක්ෂාව මැද දර්ශනීය පෙරහරින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වැඩම කරවනු ලැබීය.

එහිදී ආරක්ෂක අංශ විසින් උඩමළුව පරීක්ෂා කිරීමෙන් පසු පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් සහ උතුරු , උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත බුද්ධ පූජාව පූජා කරනු ලැබීය. මෙහිදි ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත අටපිරිකර, සිව්රු පිරිකර, මල් ආදියද පූජාකරන ලදී. පැමිණ සිටි පිරිස් පෙහෙවස් සමාදම් කිරීමද සිදුවිය.
 
මෙම අවස්ථාවට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය සමග දායක සභාවේ සභාපති හිටපු අමාත්‍ය එච්.බී.සේමසිංහ, නැගෙනහිර නුවර ගම් පළාත් ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ගිහි පින්වතුන් සමග පෙහෙවස් සමාදම් වූ පිරිස්ද, දායක දායිකාවෝද සහභාගි වූහ.
 
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු අටමස්ථානයේ  යුද හමුදා සහ පොලිස් දැඩි ආරක්ෂක පියවර ගෙන තිබුණි.
 



අදහස් (1)

පළමු ක්ෂීරපායාස පූජාව ශ්‍රී මහා බෝධියට

Anuradha.W. Saturday, 18 May 2019 03:17 PM

ලෝකවාසී සැමදෙනාට උතුම් වෙසක් මංගල්ලයක් වේවා!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1754 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1443 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site