කලා භූෂණ සම්මාන උළෙල කල්යයි නොවැළැක්විය හැකි හේතුවක් නිසා කලා භූෂණ සම්මාන උළෙල කල්දැමීමට සිදුව ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. 13 December 2018
‘එජාපයට ඉදිරියේ දී දෙමළ සන්ධානයේ පදයට නැටීමට සිදුවෙනවා’ රට ගොඩනැගීම කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානයේ පදයට නැටීමට සිදුවනු ඇති බව පැවිදිහඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කොළඹදී අද (13) පැවැසූහ. 13 December 2018
දැරියකට පිළිස්සුම් තුවාල සිදුකළ මවක් අත්අඩංගුවට අවුරුදු හතරක ළදැරියක සිය ඇඳුමේ මළපහ කරගත්තේ යැයි යකඩ හැන්දක් රත් කර දැරියගේ පසුපස ප්‍රදේශය පුළුස්සා කෲර ලෙස හිංසා කළ ඇගේ මව අලවතුගොඩ පොලිසිය අද (13) අත්අඩංගුවට ගෙන ඇත. 13 December 2018
සරත් ගුණරත්න ඇතුළු 6 දෙනාගේ නඩුව පෙබරවාරි 26 වැනි දා මීගමු කලපු සංවර්ධනයට මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් රුපියල් කෝටියකට අධික මුදලක් අවභාවිතා කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් රැළිය මීගමු නගර සභා ක්‍රීඩාංගනයේ පැවැත්වු බවට හිටපු ධීවර කටයුතු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ඇතුළු හයදෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරී 26 13 December 2018
ජනපතිගේ ගැසට්ටුව අධිකරණයෙන් අවලංගු කරයි පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය. 13 December 2018
උසාවිය අවට ආරක්ෂාව තර කරයි මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දක්නට ලැබේ. 13 December 2018
ට්‍රෝලර් යාත්‍රා හිමිකරුගේ නිවසින් ලක්ෂ 59 ක් රුපියල් කෝටි 277 ට අධික වටිනාකමකින් යුත් හොරොයින් මත්කුඩු තොගයක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට මෙරට මුහුදු සීමාවට රැගෙන එමින් සිටියදී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ හිමිකරුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ 59 ක් හා සැටලයිට් දුරකතන දෙකක් සොයා ගත් බව පොලිසිය කියයි. 13 December 2018
70 වියැති විශ්‍රාමික ගුරුවරයා සා. පෙළට ලියයි මෙවර පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී දෙමළ භාෂාව හා සාහිත්‍ය විෂය සඳහා අවුරුදු 70ක විශ්‍රාමික ගුරුවරයකු බාහිර අපේක්ෂකයකු ලෙස පෙනී සිටි බව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙන් වාර්තා වේ. 13 December 2018
ඇවන්ට්ගාඩ් නඩුව පෙබරවාරි 21ට කල් යයි නීති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඇවන්ට්ගාඩ් නෞකාවේ කපිතාන්වරයා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව පෙබරවාරි 21 වැනිදා දක්වා කල් තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(13) නියෝග කළේය. 13 December 2018
‘ජනමතය කුමක්දැයි බැලීමට ජනාධිපතිවරණයකට යා යුතුයි’ ජනමතය කුමක් දැයි බලාගැනීම සඳහා කළ යුතු එකම ක්‍රියාව ජනාධිපතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය. 13 December 2018
එජාප-දෙමළ සන්ධාන ගිවිසුම කූඨ ලෙඛනයක්ලු එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට සකස් කළ කූට ලේඛනයක් ප්රචාරයට පත් කිරිමේ අසාර්ථක උත්සාහයක ඇතැම් පිරිස් නිරත වන බවට එක්සත් ජාතික පක්ෂය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 13 December 2018
එජනිස මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද පස්වරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13) පස්වරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය. 13 December 2018
දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක් එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 13 December 2018
රිය අනතුරකින් හිමි නමක් අපවත් වෙති කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් වෑන්රථයක ගැටීමෙන් හිමි නමක සහ පුද්ගලයකු තුවාල ලැබූ අතර හිමිනම අද(13) අපවත් වී ඇති බව පන්නල පොලිසිය කියයි. 13 December 2018
ඩබ්ලිව්.ජයසිරි කලාභූෂණ සම්මානය එපා කියයි 2018 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේ සම්මානලාභියකු හැටියට ආරාධනා ලැබී ඇතත් තමා සම්මානය ප්‍රතික්ෂේප කරන්නේ යැයි ප්‍රවීණ කලාකරු ඩබ්ලිව් ජයසිරි මහතා ‘ලංකාදීපයට’ පැවසීය. 13 December 2018
මහින්දගේ අභියාචනය විභාගයට ඊවා එපායැයි එජාපය ඉල්ලයි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ආණ්ඩු කිරීම අත්හිටුවමින් ලබා දුන් තීන්දුවට එරෙහි අභියාචනය ඊවා වනසුන්දර මහත්මිය නොමැති පූර්ණ විනිසුරු මඬුල්ලක් හමුවේ කැඳවන ලෙස එල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කළේය. 13 December 2018
යාන්ඔයේ ජලය යට සැඟවුණු තවත් ගිනිඅවි සොයා ගනී යාන්ඔයේ ජලය යට සැඟව තිබූ තවත් ගිනි අවි අමතර කොටස් සහ උණ්ඩ රැසක් සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් භටයෝ සමත්වුහ. 13 December 2018
වාලමලෙයිහි ගින්න නිවීමට ගුවන් හමුදා සහාය නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්වාභාවික රක්ෂිතයක හටගත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ එම්. අයි. 17 හෙලිකොප්ටර් යානයක සාහය ලබා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි. 13 December 2018
පාර්ලිමේන්තුව විසුරුවාලීමේ පෙත්සම්වල තීන්දුව සවස 4.00 ට ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ තීන්දුව අද (13) සවස 4.00 ප්ර්කාශයට පත් කිරීමට නියමිතය. 13 December 2018
මරදාන- දෙමටගොඩ අතර දුම්රිය පීලි පැනීමක් දෙමටගොඩ සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි පැනීමකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබේ. 13 December 2018
පහර දීමකින් පුද්ගලයකු මිය යෑම හේතුවෙන් ප්‍රදේශවාසීන් කටුවන පොලිසිය වටලයි කටුවන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් අද(12) මිය යෑම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පළකරමින් පොලිසිය වටලා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. 12 December 2018
සපුගස්කන්දේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 12 December 2018
හෙරොයින් ජාවාරම්කරුවකුට මරණ දඬුවම කොළඹ මරදාන ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබූ කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද මරණ දඬුවම නියම කළේය. 12 December 2018
සිවිල් සංවිධාන කිහිපයක් ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක රටේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයට එරෙහිව විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ සහ සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ පිරිසක් අද (12) කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. 12 December 2018
’රනිල්ට බහුතරය නැති බව අද පෙනුනා ’ පාර්ලිමේන්තුවේ අද (12) පැවැත්වුණ ඡන්ද විමසීමෙන් පැහැදිලිවම පෙනුනේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බහුතර බලයක් නැති බව යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ලංකාදීපයට අද (12) පැවසීය. 12 December 2018
පහේ කඩඉම් ලකුණු - විශාඛා 189 රාජකීය 187යි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2019 වසරේ හය ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩයිම් ලකුණු අද නිකුත් කෙරිණි. 12 December 2018
ලක්ෂ 19 ක් කොල්ලකෑවාට ජීවිතාන්තය දක්වා හිරේ කෑගල්ල බෝගල පතලේ ලක්ෂ 19 ක මුදලක් මංකොල්ල කෑ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයාට දසදහසක දඩයක් හා ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් කෑගල්ල මහ අධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා අද( 12) නියම කළේය. 12 December 2018
පාර්ලිමේන්තුවේ තීරණ අපි පිළිගන්නේ නෑ පාර්ලිමේන්තුව මේ දිනවල රැස්වන්නේ නීති විරෝධී ආකාරයෙන් බැවින් එහිදී සම්මත වන කිසිඳු යෝජනාවක් පිළිගැනීමට නොහැකි බව හිටපු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පැවසීය. 12 December 2018
හලාවත කසළ අංගනය ගිනි ගනී හලාවත වැල්ල කල්ලුකුලියේ කසළ අංගනයයෙහි ඇතිවූ ගින්න අද ( 12 ) දහවල වන විටත් නිවා දැමීමට නොහැකිවීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා සිටින බව හලාවත ධීවරයෝ පවසති. 12 December 2018
ජනපතිගේ ක්‍රියාවට විරුද්ධ පුද්ගලයන් මර්දනය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා ඔක්තෝම්බර් 26 වැනිදා සිදුවූ ක්‍රියාවලියට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන් මර්දනය කිරීමේ ප්රයත්නයක් ක්‍රියාත්මක වන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා කොළඹදී අද (12) පැවසීය. 12 December 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026