දඹ රන් බුදු පිළිමයක් සහ භික්ෂූන් වහන්සේ නමක පැහැරගත් 6 ක් රිමාන්ඩ්
නාරාහේන්පිට නිවසක තිබූ රුපියල් කෝටි 70ක් පමණ වටිනාකමකින් යුත් දඹ රන් බුදු පිළිමයක් සමඟ භික්ෂූන් වහන්සේ නමක ඩිෆෙන්ඩර් රථයකින් පැමිණ පැහැරගෙන ගියැයි කියන සිද්ධියට අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුලු සැකකරුවෝ හය දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් අයි. එන්. එන්. කුමාරගේ මහතා නියෝග කළේය.