මුස්ලිම් ජනයා පාවා නොදී ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න බරපතල චෝදනා එල්ල වෙමින් තිබෙන මොහොතක, සිංහල මන්ත්‍රීවරුන් හා ජනතාව තුළ සැකයක් පවතී නම් තවදුරටත් අමාත්‍ය ධූරයේ නොසිට මුස්ලිම් ජනයාව පාවා නොදී අමාත්‍ය ධූරයෙන් රිෂාඩ් බදියුදීන් ඉල්ලා අස්විය යුතු බව ජාතික කොංග්‍රසයේ නායක හා හිටපු අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා පවසයි. 26 May 2019
ත්රස්තවාදීන්ගේ දෙවැනි ප්‍රහාරයක් ගැන කියමින් අත්පත්‍රිකා බෙදූ අයෙක් අල්ලයි ත්රස්තවාදීන්ගේ දෙවන ප්‍රහාරය පොසොන් පොහොයට පෙර බවත් ඉලක්කය භයානක බවටත් සදහන් අත් පත්‍රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය බව කියන පුද්ගලයෙකු රත්නපුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 26 May 2019
සහරාන්ගේ දේශන ඇතුළත් පරිගණකයක් - සීඩී 135ක් සොයාගනී මාදම්පේ අරාබි පාසලේ කාර්යාලයේ තිබී තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් විසින් කරන ලද දේශනවල දර්ශන අඩංගු ලැප්ටොප් පරිගණකයක් හා සංයුක්ත තැටි 135ක් සමඟ පාසලේ භාරකරු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි. 26 May 2019
තවුහීත් ජමාත් කල්ලියේ දෙදෙනෙක් මඩාටුගමින් අල්ලයි මඩාටුගම මාසිතාක් නමින් පවත්වා ගෙන යන මුස්ලිම් ආගමික පෙර පාසල් ගොඩනැගිල්ලක කාමරයක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ තවුහීත් ජමාත් සංවිධානය සමග සබඳතා පැවත්වූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු යුදහමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 26 May 2019
රිෂාඩ් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (25) කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 25 May 2019
වෙසක් උත්සවය වෙනුවෙන් පැරීසියේ සංස්කෘතික උළෙලක් ජාත්‍යන්තර වෙසක් දිනය නිමිතිකර ගෙන විශේෂ දහම් වැඩසටහන් ඇතුළත් වෙසක් උත්සවයක් හා විවිධ ජාතීන්ගේ සංස්කෘතික උළෙලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත්විණ. 25 May 2019
නවසීලන්තයට හොරෙන් යන්න ගිය 41 ක් අල්ලා ගැනේ හලාවත ප්‍රදේශයේ සිට නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් නවසීලන්තය බලායමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නාලද 41දෙනා අද (25) ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත ගෙනඑන ලදී. 25 May 2019
මෙගතිලික සොහොන් මතුවීමෙන් ඉදිකිරීම් නවතයි ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වල්ලුවර් කොට්ටන් “නිවාස යෝජනා ක්රමයේ දෙවන අදියරේ නිවාස ඉදිකිරීමේදි “ආදි මානවයන්ගේ ශිෂ්ඨාචාරයක් සහිත මෙගතිලික සොහොන් “ කිහිපයක් හමුවීම නිසා එම ප්‍රදේශයේ ඉදිකිරීම් නැවැත්වීමට පියවර ගත්බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 May 2019
සැත්කම්වලින් හානියක් වූ අය ඇත්නම් ඉදිරිපත් වන්න‘යි ඉල්ලීමක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු විසින් කරන ලද සිසේරියන් සැත්කම් සහ නාරිවේද සැත්කම් වලින් තමන්ට කිසියම් ශාරීරික හානියක් සිදුවූයේ යැයි සැකකරන කාන්තාවන් සිටීනම් වහා පැමිණ ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දෙන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි. 25 May 2019
අසීමිත වත්කම් සහිත වෛද්‍යවරයෙක් කුරුණෑගලින් අත්අඩංගුවට සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 25 May 2019
ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක ගින්නකින් 17ක් මියයති ඉන්දියාවේ බටහිර ගුජරාට ප්‍රාන්තයේ සුරැට් නගරයේ තට්ටු හතරකින් යුත් වාණිජ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් හේතුවෙන් 17දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 24 May 2019
අබ්දුල් රාසික් ආරක්ෂක අංශ නොමග යවනවා වහබ් මතධාරී අන්තවාදීන් සම්බන්ධයෙන් තමා කල් තියා බලධාරීන්ට කළ දැනුම්දීම්වලට අදාළ ලියකියැවිලි ඉදිරි සතියේදී විධිමත් ලෙස රටට ඉදිරිපත් කරන්නේ යැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අද(24) පැවසූහ. 24 May 2019
බදුරලියේ පාසලක් අසළට අත්බෝම්බ ගෙන දැමූ පුද්ගලයෙකු අත්අඩංගුවට බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසළ අත්බෝම්බ කිහිපයක් දැමීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී අද (24) සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 24 May 2019
පාස්කු ප්‍රහාරකයන් සමඟ සබඳතා පැවැත්වූ අයෙක් මියන්මාරයේදී අත්අඩංගුවට පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර එල්ල කළ පිරිස හා සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පුද්ගලයකු මියන්මාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එරට පුවත් සේවා වාර්තා කර තිබිණි. 24 May 2019
හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 14 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය. 24 May 2019
දරුවන් තිදෙනාට වස පොවා මවත් වස බොයි පොලොන්නරුව, ගිරිතලේ, සරණසිරිගම ප්‍රදේශයේ පදිංචි මවක් සිය දරුවන් තිදෙනාට වස පොවා තමන් ද වස පානය කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 24 May 2019
හිස්බුල්ලාගේ ප්‍රධානත්වයෙන් දරුවන් 2000 කට ශිෂ්‍යත්ව ආණ්ඩුකාර නිල නිවස අලුත්වැඩියා කිරීමට වෙන් කළ රුපියල් ලක්ෂ 200ක මුදලින් රුපියල් ලක්ෂ 120ක මුදලක් පියවරු අහිමි දරුවන් 2000කට ශිෂ්‍යත්ව ප්‍රධාන කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා වෙන්කර තිබේ. 24 May 2019
දෙමළ සන්ධානය ඥානසාර හිමිට සමාව දීම හෙළා දකී ජනාධිපති සමාව යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සම්පූර්ණයෙන් හෙළා දකින බව දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි. 24 May 2019
සමෘද්ධි සහනාධාර ලබා දීම ගැන විරුද්ධයි සමෘද්ධි සහනාධාර ලබා දීම පිළිබඳව තමන් තරයේ විරුද්ධ වන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය. 24 May 2019
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත කරයි පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යයට විවෘත කරන බව කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවට අද (24) පැවසීය. 24 May 2019
යාපනයේ හිටපු පොලිස් ලොක්කෙකුට එරෙහි නඩු යාපනයේ විද්‍යා සිසුවිය පැහැරගෙන ගොස් ලිංගික අතවර කර ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් යාපනය හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට එරෙහිව නීතීපතිවරයා යාපනය මහාධිකරණය හමුවේ අද (24) නඩු පැවරුවේය. 24 May 2019
විරෝධතාවක් නිසා දාගැබේ සංරක්ෂණ කටයුතු නවතී ත්‍රිකුණාමලය කන්නියා උණු දිය ළිං පුරාවිද්‍යා පරිශ්‍රයේ පුරාවිද්‍යා නිලධාරින් කැනිම් කර මතු කරගත් දාගැබේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරිමට යාමේදි එල්ලවු විරෝධතාවයක් මත අද (24) එහි ගිය ත්‍රිකුණාමලය දිසාපති එන්.ඒ.ඒ.පුෂ්පකුමාර මහතා එම සංරක්ෂණ කටයුතු ජුනි 10දා දක්වා තාවකාලිකව නැවැත්විමට පියවර ගනු ලැබිය. 24 May 2019
ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ තෝරු මෝරු තවම නිදැල්ලේ පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට අත්අඩංගුවට ගත යුතු තෝරු මෝරුන් තවමත් නිදැල්ලේ සිටින බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(24) පැවැසීය. 24 May 2019
බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා ඉවත් වෙන්න යයි කොන්සවේටිව් පක්ෂ නායකත්වයෙන් ජුනි 7 වැනි දා ඉවත් වන බව බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවසයි. 24 May 2019
ඥානසාර හිමියන්ට දහවල් දානය තිලංගගේ ගෙදරින් ජනපති විශේෂ සමාව යටතේ නිදහස ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (24) දහවල් දානය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට වැඩම කළහ. 24 May 2019
කාවින්ද වෙනුවට රාජිත - නලින්ද විශේෂ කාරක සභාවට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජික ධූරයෙන් අද(24) ඉල්ලා අස් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා වෙනුවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න සහ කලුතර දිස්ත්‍රික් (ජවිපෙ) මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් පත් කර තිබේ. 24 May 2019
ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි තවුහීත් ජමාත් ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක් දැනට තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 24 May 2019
රජරට සරසවිය 27 ඇරැඹේ ශ්‍රී ලංකා රටරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු මැයි 27 දා ආරම්භ වන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ආචාර්ය බී.ඒ.කරුණාරත්න මහතා පවසයි. 24 May 2019
තණමල්විල අනතුරකින් තිදෙනෙක් මරුට වැල්ලවාය-තණමල්විල මාර්ගයේ කුඩාඔය යුද හමුදා පුහුණු කදවුර ආසන්නයේදි ත්‍රිරෝද රථ දෙකක් හා කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කුඩාඔය පොලිසිය පවසයි. 24 May 2019
පොලිස් ලොක්කන් 5කට ස්ථාන මාරු සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු සහ පොලිස් අධිකාරීවරුන් හතර දෙනකු ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ. 24 May 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026