(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
ජාත්‍යන්තර වෙසක් දිනය නිමිතිකර ගෙන විශේෂ දහම් වැඩසටහන් ඇතුළත් වෙසක් උත්සවයක් හා විවිධ ජාතීන්ගේ සංස්කෘතික උළෙලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත්විණ.
එක් එක් ජාතීන්ට ආවේණික දේශීය නර්තන, භක්ති ගීත, උඩරට නැටුම් සමග දේශීය සංගීත වැඩසටහන්ද එදින සංස්කෘතික උළෙලට ඇතුළත් විය.
වියට්නාමය, මොංගෝලියාව, චීනය, බංගලාදේශය, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, තායිලන්තය, ශ්‍රී ලංකාව යන රටවලට ආවේනික එම සංස්කෘතික අංග විදහා දැක්වූ නර්තනයන් එදින පැවැත්විණ.
මෙම රටවල පැරීසියේ වෙසෙන තානාපතිවරු, තානාපති කාර්යාල නිලධාරීහු සහ සංඝයා වහන්සේලා මෙම උත්සවයට සහභාගි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd