(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය සමරා පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන තුනකදී කඩොලාන පැළ 4000 රෝපණය කිරීමට කටයුතු කළ බව පුත්තලම දිසා වන කාර්යාලය පවසයි.
සෑම වසරකම අන්තර් ජාතික ජෛව විවිධත්ව දිනය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සමරන අතර මෙවර ද ජාතික වැඩසටහන් පහක් ලංකාව පුරා ස්ථාන පහකදී ක්‍රියාත්මක කර තිබූ අතර එයින් වැඩසටහන් තුනක්ම පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද (22) සංවිධානය කර තිබුණි.
පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩසටහන් වනාතවිල්ලුව පුබුදුගම, කල්පිටිය සේතපොල, හලාවත අඹකදවිල ප්‍රදේශයන්හි සංවිධානය කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත පරපුර වෙනුවෙන් කරන ලද ඉතාම වටිනා ආයෝජනයකි. සහබගිවු සැමට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු.
හොද දෙයක් අගේ කලයුතු. මේ ප්‍රදේශයේම තවත් පිරිසක් ඉස්සන් වගාවන් සදහා කඩොලාන විනාස කරමින් යනවා. ඒ ගැනත් අවධානය යොමු කරනවනම් හොදයි. ස්තුති
මෙහෙන් වවාගෙන වවාගෙන එනවා. අනෙක් පැත්තෙන් කපාගෙන කපාගෙන එනවා.
ඉතා වටිනා වැඩක් "ආරාම රෝපා, වන රෝපා...."
මෙවන් දෑ අසන්නට ලැබීමත් වාසනාවක්. මෙවැනි අදහස් පහල වූ අයටත් එම අදහස් ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගි වූ සැමටත් අප වෙනුවෙන් සොබා දහම වෙනුවෙන් සිදුකලා වූ මෙම උතුම් ක්‍රියාවට ස්තුති වන්ත වෙමි. තෙරුවන් සරණයි
ශ්‍රී ලංකා මාතාවගේ මෙම කිරි දරුවන් හට මගේ හදවතට දැනෙන උණුසුමම ලැබේවා...