IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුද්ධය නිමාවීමේ 10 වසරක සැමරුම

(රොමේෂ් මධුෂංඛ)

යුද්ධය නිමා වී වසර 10 ක් පිරීම නිමිත්තෙන්  වන්නි පළාත් ප්‍රධාන යුද සැමරුම අද (22) වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරිපිටින් අද උදෑසන ආරම්භ වූ විජයග්‍රාහී අලංකාරවත් වූ ධජ පෙළපාළියක් යාපනය මහනුවර ඒ-9 මාර්ගය ඔස්සේ ගමන් කරමින් වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමය දක්වා ගමන් කළේය.

ධජ පෙළපාළිය වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය , 21 සේනාංක මූලස්ථානය, 54 සේනාංක මූලස්ථානය, 56 සේනාංක මූලස්ථානය, 61 සේනාංක මූලස්ථානය, 62 සේනාංක මූලස්ථානය සහ ඉදිරි නඩත්තු පෙදෙස උතුරුමැද රාජකාරි කරන ලබන නිලධාරීහු සහ සෙසු නිලයින්හි පිරිස ද සහභාගී වූහ.
 
ඊට අමතරව යුද හමුදා සන්නද්ධ රථ පිරිස් හා යතුරුපැදි කණ්ඩායම් ද ඊට සහභාගී වූහ.
 
10 වන විජයග්‍රාහී යුද සැමරුම වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා, ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් හරෙන්ද්‍ර රණසිංහ, 563 බලසේනාධිපති කර්නල් ඉන්දු සමරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද සෙසු නිලයින් 1000 කට අධික පිරිසක්ද සහභාගී වුහ.


රොමේෂ් මධුෂංඛ
  
යුද්ධය නිමා වී වසර 10 ක් පිරීම නිමිත්තෙන්  මුලතිව් දිස්ත්‍රීක් යුද සැමරුමක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඒ.ඩී.බී. රාජගුරු මහතාගේ උපදෙස් සංවිධානය කර තිබිණි.

මුලතිව් නගර මධ්‍යයේ මුල්ලියාවලෙයි මංසන්ධිය දක්වා විජයග්‍රාහි අලංකාරවත් වූ ධජ පෙළපාළියකින් යුද සැමරුම සංවිධානය කර තිබුණි.

ධජ පෙළපාළිය වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් සියලුම සේනාංක හාබලසේනාවන් ආවරණය වන පරිදි යුද හමුදා නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ.

ඊට අමතරව යුද හමුදා සන්නද්ධ රථ හා යතුරුපැදි කණ්ඩායම් වලින් ද ආචාර පෙළපාළිය අලංකාරවත් විය.

 



අදහස් (4)

යුද්ධය නිමාවීමේ 10 වසරක සැමරුම

nihal Thursday, 23 May 2019 05:24 AM

අපගේ ප්‍රණාමය ...ඉතාම හොදයි ....එතකොට සිංහ කොඩිය?

:       0       0

max Thursday, 23 May 2019 09:41 AM

විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම නමැති පැරණි සටන් පාටයට මුවා වී ගෝඨා හැල්ලු කිරීම හැර අන් යමක් මෙහි ඇද්ද? වසර 2002 සිට 2006 දක්වා වසර 4 ක් පමණක් බුද්ධි සේවාවේ සිටි අයකුගේ හිතළු, පමණට වඩා උඩ දමමින්, තමාගේ ඉලක්කය වන ගෝටා හඹා යාමේ ඔබේ නිහීන ආසාව අපට තේරෙනවා නිලන්ත මානවසිංහ. " දින 52 ක් තිස්සේ විඳි සැප තවත් වසර කිහිපයක් විඳිම ඔහුගේ සිහිනය වේ". මේ මොන විහිළුද මානවසිංහ? අවරුදු 10ක් ජනාධිපති "සැප" විඳපු අයෙක්, අගමැති සැපක් පස්සේ පන්නන්නේ අහවල් දේකටද? කතාවක් හැදුවත් ඒක සංගත වෙන්න හදන්න මානවසිංහ.

:       0       0

nihal Friday, 24 May 2019 07:57 PM

විශිෂ්ටයි.. එ්ත්.. සිංහ කොඩිය නොපෙනේ...

:       0       0

sam Saturday, 25 May 2019 11:24 AM

ලංකාවාසී සියලු දෙනාගේ උත්තමාචාරය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site