(ඩයනා උදයංගනී)
ක‍්‍රියාන්විතයේ යෙදී සිටියදී දිවිපිදු හා අතුරුදන් වූ රණවිරුවන්ගේ යැපෙන්නන් හා ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන් වෙනුවෙන් නිකුත් කළ ‘විරුසර වරප‍්‍රසාද’ කාඩ්පතේ දෙවැනි අදියර ලෙස එම කාලයේදී සේවය කර විශ‍්‍රාම ගිය සහ දැනටත් සේවය කරන රණවිරුවන් හා සිවිල් නිලධාරීන්ටද එම කාඩ්පත ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ගැටුම් පැවැති 1983 - 2009 කාල වකවානුව තුළ ත‍්‍රිවිධ හමුදාව, ශ‍්‍රී ලංකා පොලීසිය හා සිවිල් අරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කර විශ‍්‍රාම ගිය හා වර්තමානයේ සේවයේ නියුතු රණවිරුවන්ටත්, එම කාලසීමාව තුළ ඉහත ආයතනවලට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදු හා අතුරුදන් වූ සිවිල් නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ටත්, ආබාධිත වූ සිවිල් නිලධාරීන්ටත් විරුසර වරප‍්‍රසාද කාඞ් පතක් නිකුත් කිරීමට නියමිතය.
මෙහි පළමු අදියර යටතේ ක‍්‍රියාන්විත සේවයේ යෙදී සිට දිවි පිදු හා අතුරුදහන්වූවන් වෙනුවෙන් ඔවුන්ගේ යැපෙන්නන්ටත්, ආබාධිත තත්ත්වයට පත්වූ ත‍්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ටත් ප‍්‍රතිලාභ ලබාගත හැකි වන පරිදි විරුසර කාඞ්පත නිකුත් කරනු ලැබ තිබිණි.
පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේදී හා සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු, රක්ෂණ හා කල්බදු ආදි ක්ෂේත‍්‍ර ගණනාවක සේවා සපයනු ලබන රාජ්‍ය හා පෞද්ගලික ආයතන 70කින් පමණ සේවා ලබාගැනීමේදී විශේෂ වරප‍්‍රසාද ලබාගැනීමට මෙම කාඞ්පත මගින් හැකියාව ලබා දී තිබේ.
විරුසර වරප‍්‍රසාද කාඩ්පතේ දෙවැනි අදියරක් ක‍්‍රියාත්මක කිරීමට ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd