(අනීෂා මානගේ)
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළු කර නොගන්නා බව කියමින් විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළය මතට නැග මාරාන්ත උපවාසයක් ආරම්භ කළ මව අසාධ්‍ය තත්ත්වයෙන් තංගල්ල මූලික රෝහලට අද (22) ඇතුළත් කර ඇත.
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ 2019 වර්ෂයේ පළමු ශ්‍රේණියට අයැදුම් කර ඇති විද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටින සන්ධ්‍යා කුමාරි ලියනආරච්චි මහත්මිය මෙලෙස ඊයේ (21) අලුයම් කාලයේදී උපවාසයක් ආරම්භ කළාය.
දෙවැනි පාසල්වාරය ආරම්භ වුවද මෙම දරුවාට මෙතෙක් පාසලක් ලැබී නොමැති බව ඇය කියයි.
දරුවාගේ මව උපවාසයේ නිරත වෙමින් සිටින අතරතුර කුඩා දරුවා පාසල් ඇඳුමින් සැරසී විද්‍යාලය ඉදිරිපිට ඔහුගේ මිත්තණිය සමග සිටියේය.
පෙරේදා රාත්‍රී කාලයේ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව මධ්‍යයේද කාන්තාව වහළය මතට නැග උපවාසය අත්නොහැර සිටි අතර ඇය රෝගී තත්ත්වයේ පසුවිණි.
මේ හේතුවෙන් සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඇය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීහු ක්‍රියාකළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මූලික අවශ්‍යතාවක් ආණ්ඩුව විසින් සපුරා දිය යුතුය....
හැම දේටම ආණ්ඩුවට බනින එකත් සිරිතක් වෙලා. එක අතකින් පොලිටික්කෝ කරන දේවල් වල හැටියට එහෙම නොවීත් බැහැ. හැබැයි මෙතන තියෙන්නේ වෙන දෙයක්. කිසිම ළමයෙක්ට ඉස්කෝලයක් නොලැබෙන්නේ නෑ. මේ අයට ඕන කරපු ඉස්කෝලේ ලැබිල නෑ, එතකොට බලෙන් හරි ළමය දාගන්න තමයි බලන්නේ. මේකත් එක විදිහක බලහත්කාර කමක්. ලංකාව හැදෙන්න නම්, මේ විදිහේ අම්මලටත් දඬුවමක් දෙන්න ඕන මොකද දැන් නාස්ති වුනේ ඔබෙත් මගෙත් පාන් ගෙඩියෙනුත් ගෙවුව බදු සල්ලි.
මේවාට හේතුවන විදුහල්පති මාපියාව වහාම අවසන්කිරීමට පියවර ගතයුතුය
ලේකම් තුමාලට සල්ලි දුන්නා නම් ළමයට පාසලක් ලැබෙයි. ලගම ළමයි නොවේ හැම පාසලකම ඉන්නේ, මේක හොඳ ව්‍යාපාරය ක්
බදියුර්දීන්ට කියන්න එපායැ... එක කෝල් එකනේ...
නොදන්නා අය මගුලක් කියන්න එපා අපේ පවුලේ දරුවෙකුට කිසිම පාසලක් ලැබුනේ නැහැ , ආසන්න පාසල් 2ක් ම තිබිල ඉඩ මදි , ආදී ශිෂ්‍ය නොවේ වගේ හේතු කියල. අන්තිමේ බැරිමරගාතේ ගෙවල ජාත්‍යන්තර පාසලකට දා ගත්ත දරුවාගේ වාසනාව කියල හිතෙනවා දැන් අධ්‍යාපන මට්ටම දෙස බලද්දී