(ක.ග. කරුණාරත්න)
වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය අබියසදී උවසු උවැසියෝ විශාල පිරිසක් අද (18) පෙහෙවස් සමාදන් වූහ.
අස්ගිරි පාර්ශවයේ අනුනායක පොලොන්නරු සොලොස්මස්ථානාධිපති පූජ්‍ය වෙඬරුවේ ශ්‍රි උපාලි අනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම් සංවිධානය කර තිබිණි.
දාන, සීල, භාවනාදී පිංකම් රාශියක්ද සංවිධානය කර ඇත.


(ඡායාරූප - ක.ග. කරුණාරත්න)



(ඡායාරූප - ඩබ්ලිව්.එස්.ඒ. පියතිලක)
සෝමාවති සෑරදුන් අභියස පිංකම් රැසක්
(සටහන සහ ඡායාරූප - ක. ග. කරුණාරත්න)
වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් පොලොන්නරුව ඓතිහාසික සෝමාවති සෑරදුන් අභියසදීද අද (18) දාන, සීල, භාවනාදි පිංකම් රාශියක් සංවිධානය කර තිබුණි.
සෝමවතිය රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ
අනුශාසනා පරිදි පිංකම් සංවිධානය කර ඇත.
අද (18) දහවල් ගිලන් පස බුද්ධ පූජාපිංකම් සඳහා නැගෙනහිර අඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රමුඛ ආරකෂක අංශ නිලධාරීහු සහ බැතිමත්හු විශාල පිරිසක් සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිත් පහන් කරවන සුන්දර සසුන් පෙළක්. බුදු හිමිගේ තෙමගුල සමරන අද දින ලංකාවාසී සැමට සුබ වෙසක් අසිරියක් වේවා!!!