ධනුෂ්ක ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 January 2022
නිමිඇදුම් හලක් බින්ද දෙකක් දැලේ වැල්ලවත්ත ගාලුපාරේ පිහිටි නිමිඇදුම් සාප්පුවක් බිඳ සොරාගෙන ඇදුම්ය යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නිමි ඇදුම් තොගය ද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 07 January 2022
‘‘විදේශ සංචිත ගැටලුවට විසඳුම් සෙවිය හැක්කේ කර්මාන්තකරුවාටයි‘‘ මේ වනවිට උද්ගතව ඇති විදේශ සංචිත පිළිබඳ ගැටළුවට විසඳුම් සෙවීමේ හැකියාව ඇත්තේ මෙරට කර්මාන්තකරුවාට බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 07 January 2022
ඉන්ධන හිඟයක අවදානමක් ඉන්ධන ආනයනය සදහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වුවහොත් ජනවාරි මැද වනවිට ඉන්ධන හිඟයක අවදානමක් මතුවිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 07 January 2022
සරසවියේදී සෑම සිසුවකුට තොරතුරු තාක්ෂණය උගන්වයි මේ වසරේ සිට විශ්ව විද්‍යාලයට ඇතුළුවන සෑම සිසුවකුටම තොරතුරු තාක්ෂණ විෂය හැදැරීමේ අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 07 January 2022
මොරටුව මහල් නිවාසයේ ගින්නකින් තරුණයෙක් තුවාල මොරටුව සොයිසා පුර මහල් නිවාස පද්ධතියේ සී බ්ලොග් එකේ නිවසක් තුළ ඇති වූ ගින්නකින් වයස අවුරුදු 20ක ක පමණ තරුණයකු පිළිස්සුම් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මොරටුව ගිනි නිවන ඒකකයේ ස්ථාන බාර නිලධාරී කේ.පි.ඩී.එන්. දුල්සිරි කුමාර මහතා පවසයි. 07 January 2022
ගුවන්තොටුපොළෙත් එන්නත් මධ්‍යස්ථානයක් ගුවන් හමුදාව විසින් කොවිඩ් 19 එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (7) සිට පිහිටුවා ඇති බව ගුවන් හමුදාව පවසයි. 07 January 2022
සිරකරුවෝ හතරක් ධර්මාචාර්යට පෙනී සිටිති වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් සිව් දෙනකු මෙරවර ධර්මාචාර්ය විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 07 January 2022
චීන සමාගමට මුදල් ගෙවයි චීන සමාගමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කර නැවත හරවා යැවූ පොහොර වෙනුවෙන් මහජන බැංකුව ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් ලක්ෂ 14,000 කට ආසන්න මුදලක් අද (7) ගෙවා තිබේ. 07 January 2022
තෙවැනි මාත්‍රාව වේගවත් කරන්න උපදෙස් ඔමික්‍රෝන් සැර කොරෝනා ප්‍රභේදය පැතිරීම පැතිරීම සැලකිල්ලට ගෙන කොවිඩ් මර්දන එන්නත් තෙවැනි මාත්‍රාව( බූස්ටර් එන්නත) ලබාදීම ඉදිරි සති කිහිපයේදී වේගවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 07 January 2022
රොටරියට යට වී ගොවියා මරුට රිදීමාලියද්ද ඌරණිය දිවුල්අළුව වේල්යායේ කුඹුරක ට්‍රැක්ටරයක සීසාමින් සිටි (63) හැවිරිදි පුද්ගලයෙකු ට්‍රැක්ටරයේ රොටරියට හසුවි මියගොස් ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසයි . 07 January 2022
පාන් පෝලිමටත් අතවනයි තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 කට නිල නොවන මට්ටමින් අළෙවි කරන බවත් රට තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් වැඩි මිලට පිටි මිලදීගෙන බේකරි කර්මාන්ත පවත්වාගෙන යෑමට නොහැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය. 07 January 2022
බල මැන වඩින‘යුරු මහ සඟ ලොව පතල භූතාන,ටිබෙට්,නේපාල් සහ ඉන්දියාවේෙ භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් 79 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් මෙට වන්දනා චාරිකාවක් සදහා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ. 07 January 2022
කුසල්,ධනුෂ්ක,නිරෝෂන් ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණයකට එංගලන්තයේදී විනය විරෝධීව හැසිරීමට වරදකරුවන් වී තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට සහභාගි කරන ලෙස කණ්ඩායම් කළමනාකාරිත්වයට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය. 07 January 2022
රියදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කරයි ලබන මාර්තු මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්වල වලංගු කාලය කල්ඉකුත් වූ දින සිට මාස හයක (6) කාලයක් වලංගු යැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 07 January 2022
කොළඹ නගර සභාවෙන් ඩෙංගු මර්දනයට පියවර මෙම වසරේ ගතවූ කාලයේදී ඩෙංගු ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීම හා නව ඩෙංගු ප්‍රභේදයක් පැතිරීම හේතුවෙන් කොළඹ නගරයේ ද ඩෙංගු මර්දන වැඩසටහනක් කොළඹ නගර සභාව මගින් ක්‍රියාත්මක කර තිබේ. 07 January 2022
මැතිසබයේ කෑම පිල්ලි යාම වැලැක්වීමට අලුත් වැටක් පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ගමන්මලු හිටිහැටියේ (අහඹු) පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. 07 January 2022
වතුපාලන අධිකාරියට එරෙහිව කම්කරුවෝ පාරට හැටන් පොලිස් වසමට අයත් හැටන් ඩන්බාර් තේ වතු යායේ ඉඩම් වලින් පර්චස් 20 පමණ කොටසක් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට වතු පාලන අධිකාරිය විසින් ලබාදිමට විරෝධය පාමින් එම වතු යායේ වතු කම්කරුවෝ අද (07) වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 07 January 2022
දුම්රිය ආරක්ෂකයින්ගෙන් මගීන්ට සත්තමක් මඩකළපුව සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ රාජකාරි කරමින් සිටියදී මගීන් අපහසුතාවට පත්වන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වීම නිසා දුම්රිය ආරක්ෂ නිලධාරීන් දෙදෙනෙක් කැකිරාව දුම්රිය ස්ථානයේදී ඊයේ (6) රාත්‍රී පැනගොස් තිබේ. 07 January 2022
ලක්ෂ පහක් කොවිඩ් එන්නත මග ඇරලා ලක්ෂ 5ත් 6ත් අතර පිරිසක් එන්නත් එකම මාත්‍රාවක් හෝ ලබා නොගෙන මග හැර සිටින බව වාර්තා වේ. 07 January 2022
ගංජා අලෙවි කළ අයෙක් නුවරඑළියේදී අල්ලයි අති සුඛෝපභෝගි මොටර් රථයක් යෙදා ගනිමින් නුවරඑලිය නගරයේ ගංජා අලෙවි කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට නුවරඑළිය කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ දුෂණ වැටලිම් ඒකකය කියයි. 07 January 2022
විදුලිය අදත් බිඳවැටිය හැකියි කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම සහ ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක අද (7) දිනයේත් විටින්විට විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය. 07 January 2022
යතුරු පැදි අනතුරින් දෙදරු පියා මරුට මතුගම හොරණ මාර්ගයේ පිඹුර රෝහල අසලදී සිදු වූ යතුරු පැදි අනතුරකින් 37 හැවිරිදි දෙදරු පියකු මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. 07 January 2022
කොටදෙනියාවේ දරුදෙදෙනා පැන ගියාද සඟවාගෙන සිටියාද මාස එක හමාරක් තිස්සේ අතුරුදන්ව සිටි දරු දෙදෙනා මාසයකටත් වැඩි කාලයක් තිස්සේ ඔවුන් පොලීසියට බාර දීමට කටයුතු කළ කාන්තාවගේ නිවසේ රඳවාගෙන තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි. 07 January 2022
පළාත් කීපයකට අදත් වැසි වාර කීපයක් උතුරු, උතුරුමැද, නැගෙනගිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (7) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි 07 January 2022
තෙල් ටැංකි ව්‍යපෘතියට අත්සන් තබයි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධන ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී සිදුකෙරිණ. 07 January 2022
දළදා වන්දනාකරුවන්ට ටෙම්ලින් උද්‍යානය මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ලෙස සකස් කළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල මත ඉදිකළ පොදු පහසුකම් උද්‍යානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් හෙට (8) විවෘත කෙරේ. 07 January 2022
රාජාසන කතාව ගැන දින දෙකක විවාදයක් ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් අද ඉල්ලීමක් කළේය. 06 January 2022
තවත් ආසාදිතයෝ 584 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 584 දෙනකු අද (6) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 06 January 2022
ලිට්රෝ සමාගමෙන් දවසකට සිලින්ඩර ලක්ෂයක් ගෘහස්ථ සහ වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවත් ඉදිරියේදී දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000 - 100,000 ක උපරිමයක් දක්වා වෙළෙඳපොළට සපයන බවත් ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 06 January 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026