(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මාස එක හමාරක් තිස්සේ අතුරුදන්ව සිටි දරු දෙදෙනා මාසයකටත් වැඩි කාලයක් තිස්සේ ඔවුන් පොලීසියට බාර දීමට කටයුතු කළ කාන්තාවගේ නිවසේ රඳවාගෙන තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

දරුවන් පොලිසියට  බාර දීමට ක්‍රියා කළ කාන්තාව දරුවන් දෙනාට මුදලින් රුපියල් හත්සියයක් ද ලබාදී  නිවසින් පිටත් කර ඇතත් ඔවුන් ආපසු නැවත වතාවක් එම නිවසට පැමිණ සිටියදී මෙසේ පොලීසියට බාර දීමට ක්‍රියා කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව කොටදෙණියාව පොලීසිය කියයි.

දරු දෙදෙනා පොලීසියට බාර කළ කාන්තාව හා ඇගේ සැමියා ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.