
(යොහාන් භාසුර)
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 කට නිල නොවන මට්ටමින් අළෙවි කරන බවත් රට තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් වැඩි මිලට පිටි මිලදීගෙන බේකරි කර්මාන්ත පවත්වාගෙන යෑමට නොහැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය.
තිරිඟු පිටිවල පාලන මිල ඉවත්කිරීමෙන් පසු පිටි කිලෝවක් රුපියල් 115 කට පැවතුණ ද ඉන්දියාවෙන් ආනයනය කරන නව තිරිගු පිටි වර්ගයක් වැඩි මිලට අළෙවි කරන බව කී ජයවර්ධන මහතා මෙම තත්වය හමුවේ රට තුළ ඉදිරියේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල හිඟයක් ඇතිවිය හැකි බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම පෝලිම අත්යාවශ්යයි. මොකද ඒකෙන් තමයි නියම යථාර්ථය පෙන්වන්නේ..? එතකොට අර පවුලේ නෝනලාට කියන්න පුළුවන් පාන් නැත්නම් කේක් කාපල්ලා කියලා, ලුවී රජුගේ බිසව කිව්වා වගේ...