(සුජිත් හේවාජුලිගේ)

ඔමික්‍රෝන් සැර  කොරෝනා ප්‍රභේදය පැතිරීම  පැතිරීම සැලකිල්ලට ගෙන කොවිඩ්  මර්දන එන්නත් තෙවැනි මාත්‍රාව( බූස්ටර් එන්නත) ලබාදීම ඉදිරි සති කිහිපයේදී වේගවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස්දී ඇත.

මේ අනුව  සියලුම පළාත් පාලන ආයතනද    එන්නත්කරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බූස්ටර් එන්නත් ලබාදීම  කඩිනම් කරන ලෙසටත් සෑම කොට්ඨාශයකටම එන්නත්කරණ  මධ්‍යස්ථාන කිහිපයක් අලුතින්  එක් කරන ලෙසටත් නිලධාරීන්ට උපදෙස් ලබාදී  ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත  ලබාදීම අද (7) සිට ආරම්භ කෙරුණු බව   නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

වයස 15ත් 19ත් අතර දරුවන්ට සහ  වයස අවුරුදු 12 ත් 15 ත් අතර විවිධ සංකූලතාවලින් පෙළෙන දරුවන්ට කොවිඩ්  එන්නත ලබාදීම  මෙයට පෙර ආරම්භ කෙරිණ.