(ඉන්දිකා  රාමනායක)

ගුවන් හමුදාව විසින් කොවිඩ් 19  එන්නත්කරණ මධ්‍යස්ථානයක්   අද (7) සිට පිහිටුවා ඇති බව  ගුවන් හමුදාව පවසයි.

විදේශ ගතව සිට  දිවයිනට පැමිණෙන ශ්‍රි ලංකිකයන් වෙත  මෙහිදී ෆයිසර් එන්නත  පළමු, දෙවන,  හෝ  තෙවන  (බූස්ටර්)  එන්නත්  මාත්‍රාව මෙහිදී ලබා ගැනීමට හැකියාව ඇති බව  ගුවන් හමුදාව පවසයි.

මේ සදහා ගුවන් හමුදා වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම්  දවස පුරා මෙහි යොදවා ඇති බවද  ගුවන් හමුදාව කියයි.

දිවයිනය පැමිණෙන   ශ්‍රි ලංකිකයන්ට තමන්ගේ අභිමතය පරිදි   පැමිණීමේ පර්යන්තයේ දී    මෙම මධ්‍යස්ථානයෙන් එන්නත ලබා ගත හැකි බවට ගුවන් හමුදාව පවසයි.

මෙම මධ්‍යස්ථානය   විවෘත කළ  අද දිනයේ ගුවන් හමුපති එයාර් මාෂල් සුදර්ශන පතිකරණ මහතා ඇතුලු  ගුවන් හමුදා නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ     එන්නත් කරන නිරීක්ෂණ කළහ.