(යොහාන් භාසුර)

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම සහ ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක අද (7) දිනයේත් විටින්විට විදුලිය විසන්ධි විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටීම හේතුවෙන් ඊයේ රාත්‍රී ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමෙන් පසු රාත්‍රී 10.00 පමණ වන විට එය යථා තත්වයට පත්කළ බව ද විදුලිබල මණ්ඩලය මණ්ඩලයේ එම උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.