භාණ්ඩ කන්ටේනර මුදාහැරීමට ඩොලර් මිලියන 5ක් කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් මුදා හරිනු ලැබ ඇත. 08 January 2022
ගුවන් තොටුපළ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කරන්න නව කවුළු 05 ක් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ , පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශ පත්‍ර පරීක්ෂා කිරීම සදහා නව කවුළු 05 ක් අද(8) උදෑසන 08.30 සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අතින් විවෘත කර ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීම සිදු විය . 08 January 2022
හැටන්-සාංචිමලේ මාර්ගයේ බස් අනතුරක් හැටන් සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් අද (08) අනතුරට පත් වි ඇතැයි හැටන් පොලිසිය පැවසිය. 08 January 2022
කාබනික පොහොර ගැන කියා දෙන්න යුද හමුදාවත් කුඹුරට කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 08 January 2022
'ඕනෑම පරීක්ෂණයකට සූදානම්' තමාට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා මන්ත්‍රීධූරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කළොත් ඊට මුහුණ දීමට සූදානම් බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය 08 January 2022
දුම්රියට කෝටි 1000 ක පාඩුවක් දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 2021 වසරේ රුපියල් බිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 1000 ක පාඩුවක් ලබා ඇතැයි දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 08 January 2022
අර්ථසාධක අරමුදලේ කෝටි 500ක් වතුරේ සේවක අර්ථසාධක අරමුදල සිදුකළේ යැයි කියන පල ප්‍රයෝජනයක් නොමැති ආයෝජන හේතුවෙන් එම අරමුදලට 2020 වර්ෂයේදී රුපියල් කෝටි 530කට වැඩි මුදලක් අහිමිවී ඇතැයි රජයේ විගණන කාර්යාලය පවසයි. 08 January 2022
බදින තුවක්කුවක් පත්තු වී ගොවියා මරුට හසලක ගුරුළුපොත ප්රදේශයේදීයි බඳින තුවක්කුවක් පත්තුවී කිරි ගොවියකු මියගොස් ඇතැයි හසලක පොලිසිය කියයි. 08 January 2022
‘‘මෙහෙම යන කොට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෑ‘‘ “රට වටේ ගිහින් එනවිට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ.” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 08 January 2022
රට හදන හැටි උවිඳු කියයි ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර මහතා පවසයි. 08 January 2022
පළාත් කිපයකට අදත් වැසි පළාත් කිහිපයකට අද (8) දිනයේත් වැසි ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 08 January 2022
ධීවර බෝට්ටුව මහා අනතුරක බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සදහා මුහුදු ගොස් සිටී බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදු සීමාවේදී අනතුරට ලක්ව ඇතැයි වාර්තා වෙයි. 07 January 2022
කොවිඩ් ආසාදිත තවත් 588ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 588 දෙනකු අද (7) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 07 January 2022
රට වටේ ගිහින් එද්දි අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ “රට වටේ ගිහින් එනවිට අපිටත් පවත්වා අවසන් වන විට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ.” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 07 January 2022
චීනය යෝධ බුදු පිළිමයක් කඩා ඉවත් කරලා චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 07 January 2022
හිටපු නාවික හමුදාපතිට එරෙහි නඩුව 14 යළි කඳවයි කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශ වල තරුණයන් 11 දෙනකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙකුට එරෙහි නඩුව ලබන මාර්තු මස 04 වැනිදා කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය. 07 January 2022
කොවිඩ් මරණ 16ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය. 07 January 2022
ජෝන් කීල්ස් පදනමෙන් ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනක් ජෝන් කීල්ස් පදනම විසින් ක්‍රියාවට නංවන ලද ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති’ ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය 2021 නොවැම්බර් 11 දින රණාල ප්‍රදේශයෙන් ආරම්භ කරන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවලට මධ්‍යකාලීන විසඳුමක් වශයෙන් මෙම ව්‍යාපෘතිය, ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන පවුල්වල දරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාවට නැංවේ. 07 January 2022
පීපල්ස් ලීසිං සමාගමෙන් බස්රථ හිමියන්ට ‘හිතමිතුරු’’ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම විසින් පසුගියදා ‘හිතමිතුරු’ නමින් මූල්‍ය සහන සැලසුමක් හඳුන්වා දෙනු ලැබීය. ඒ පවතින කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක් වූ පෞද්ගලික මගී ප්‍රවාහන සේවාව යළි නගා සිටුවීමේ ජාතික අවශ්‍යතාව සඳහා එම සමාගම විසින් ලබා දෙන දායකත්වයක් ලෙසිනි. 07 January 2022
ඩයලොග් ට්‍රිපල් බ්ලාස්ටර් හඳුන්වා දෙයි ඩයලොග් Blaster ප්ලෑන් අතරට පෙරගෙවුම් පාරිභෝගිකයන්ට ඕනෑම ජාලයකට ඇමතුම් සහSMS ඇතුලත් වන තවත් සුවිශේෂී ප්ලෑන් එකක් හඳුන්වාදීමට ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කටයුතු කර ඇත. මෙම නවතම zTriple Blaster’ ප්ලෑන් එක ඔස්සේ පෙරගෙවුම් පාරිභෝගිකයන්ට මාසෙටම රු.498/- කට (බදු ඇතුලත්ව) ඕනෑම දේශීය ජාලයකට විනාඩි 1000 ක ඇමතුම් සහ SMS 1000 ක් සමගින් Anytime Data 1’5GB හිමිවන බව එම සමාගම කියයි. 07 January 2022
ගෑස් ඉල්ලා විරෝධයේ ගෑස් හිඟයට හැකි ඉක්මණින් පිළියම් යොදන ලෙස ඉල්ලමින් ‘ශ්‍රී ලංකා පුරවැසියෝ’ නැමැති සංවිධානය ලිට්රෝ ගෑස් සමාගමේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ (7) පස්වරුවේ විරෝධතාවක නිතර විය. 07 January 2022
DFCC Agilනවෝත්පාදන මධ්‍යස්ථානය දියත් කරයි DFCC බැංකුව, DFCC Agile නමින් නවෝත්පාදන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. Innovation Quotient (IQ) සමග එක්වී මෙම මධ්‍යස්ථානය ආරම්භ කර තිබේ. 07 January 2022
දරු දෙදෙනා රෝහල්ගත කෙරේ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයෙකුගේ පරීක්ෂාව සඳහා පොලීසිය මගින් ඉදිරිපත් කෙරුණු මාස එකහමාරක් තිස්සේ අතුරුදන්ව සිට හමුවූ දරු දෙදෙනා වැඩිදුර පරීක්ෂණ වාර්තා ලබා ගැනීම සඳහා සහකාර අධි කර වෛද්‍ය නිලධාරිනි යක ගේ උපදෙස් මත ඊයේ 7 පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල ට ඇතුළත් කිරීමට කටයුතු කළ බව කොටදෙණියාව පොලිසිය කියයි . 07 January 2022
රටපුරා තැනින් තැන පැයක් අඳුරු වෙයි රටපුරා අද පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්රකාශයෙක් කීය. 07 January 2022
කුසල්, ධනුෂ්ක, දික්වැල්ල නැවතත් පිටියට එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (7) පස්වරුවේ තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය. 07 January 2022
‘‘සෑම මන්ත්රිවරයෙක්ම ලොකු පුටු බලාපොරොත්තු වුණත් දෙන්න බැහැ‘‘ සෑම මන්ත්‍රිවරයකු ම කැබිනට් ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් සිටියද ව්‍යවස්ථානුකූලව ලබාදිය හැකි කැබිනට් අමාත්‍ය ධූර 30 ට වැඩියෙන් ලබාදී ජනතා පොරොන්දුව කඩ කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති ගෝඨාභය ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. 07 January 2022
හිටපු ජනපතිගේ පෙත්සමක් ඉවතට පාස්කු ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප්රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු නිශ්ප්‍රභ කොට තමන් එම නඩු වලින් නිදහස් කරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසරු චතුරිකා ද සිල්වා මහත්මිය ප‍්‍රතිෙක්‍ෂප කළාය. 07 January 2022
මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි අයකර දෙන ඉල්ලා ඔවුන් ගොනුකර ඇති නඩුව විභාගයට නොගෙන නිශ්ප්‍රභ කර, තමන් එම චෝදනාවලින් නිදහස් කරන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමක් කොළඹ දිසාඅධිකරණ විනිසුරු චතුරිකා ද සිල්වා මහත්මිය අද (07) ප්‍රතික්ෂේප කළාය. 07 January 2022
අවශ්‍ය වුනොත් මියන්මාරයෙන් හාල් ගෙනවා සහල් හිඟයක් ඇති වුවහොත් ආරක්ෂිත පියවරක් ලෙස මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් වාහාම ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 07 January 2022
තෙල් ටැංකි ගිවිසුමට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය සඳහා ඉන්දීය සමාගමකට පැවැරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය සහ ඊට අදාල ගිවිසුම බලරහිත කරන්නැයි ඉල්ලා ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් වක්මුල්ලේ උදිත හිමියෝ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද ගොනු කළහ. 07 January 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026