
(යොහාන් භාසුර)
චීන සමාගමක් වන චින්ඩාඕ සීවින් බයෝටෙක් සමූහයෙන් ආනයනය කර නැවත හරවා යැවූ පොහොර වෙනුවෙන් මහජන බැංකුව ඩොලර් මිලියන 6.9 ක් හෙවත් රුපියල් ලක්ෂ 14,000 කට ආසන්න මුදලක් අද (7) ගෙවා තිබේ.
ප්රමිතියෙන් තොර වීම නිසා එම කාබනික පොහොර මෙටි්රක්ටොන් 20,000 ක් සහිත ‘හිප්පෝ ස්ප්රීට්’ නෞකාවට කොළඹ වරායට ඇතුල්වීමට ඉඩ නොදුන් අතර කොළඹ වාණිජ මහාධිකරණය එම පොහොර තොගයට අදාල ණයවර ලිපියේ ගෙවීම් අත්හිටුවා තිබුණි.
එම පොහොර වෙනුවෙන් මුදල් ගෙවීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළ අතර එම චීන සමාගම සහ ශ්රී ලංකාව එම ගැටලුව නිරාකරණය කරගන්නා බව කොළඹ වාණිජ මහාධිකරණයට දැන්වීමෙන් පසුව අධිකරණය පසුගියදා ණයවර ලිපියට ගෙවීම සඳහා පනවා තිබූ වාරණය ඉවත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කුරුණෑගල පැත්තේ කෙරුමෙක් කීවේ "ඔයවගේ සොච්චම් මුදලකට චීනය වගේ වටිනා රටක් තරහ කරගන්න තරම් අපි මෝඩ නෑ" කියලානේ. දරුවන්ට දෙන්න කිරිපිටි ගන්න නැති සල්ලි අසුචි නැව්වලට ගෙවන්න තියෙනවා. දැන් ආරංචිය කැබිනට් සංශෝධනය කරන දවසේ දෙවෙනි පුතාත් පාර්ලිමේන්තු මන්ත්රී කෙනෙක් බවට පත් කරනවා කියලයි. මේවාට හොඳ උත්තර ලැබෙයි ඡන්දයක් තිබ්බදාට...
චීනාටම ගිය රට .. මේ තරම් හීන දීන වූ යුගයක් කිසිදා නොතිබෙන්නට ඇති. මහ උදවිය කයිවාරු ගැහුවත්, වැඩේ නියමෙටම සිද්ද වුණා. චීනාගේ අසූචිත් සල්ලි වලට ගන්න අපට සිද්ද වුණා. කොතරම් ආඩම්බරයක් ද අපට. චීනා වැඩ කටයුතු කරගෙන යන්නේ ඉතා සූක්ෂම විදිහකට. අන්න චීන කෙල්ලෝ පුදුම උවමනාවකින් සිංහල ඉගෙන ගන්නවාලු. ඒකේ අරමුණ සල්ලි නැති අපේ රටේ තරුණයන් සමග විවාහ වී පුරවැසි භාවය ලබාගෙන නෑදෑ සනුහරයත් මෙහි ඒම වෙන්නට බැරිද? අපේ රටේ පුරවැසියන්ට මව්බිම අහිමිවීම වැඩි ඈතක නොවේ.
අපරාදෙ, ඩොලර් ගෙවලාවත් චීනාගෙ අසූචි ටික ගන්න බැරිවුණානේ... ගත්තා නම් පොහොට්ටුවේ අයට කන්න දෙන්න තිබුණා.. උන්ට හොඳට පුරුදුයි මේවා...!!!
චීනාගේ නෙමේ වැරැද්ද... ඒ පිනෙන් මුළු සනුහරේම ගොඩ දාගන්න බලන අපේ පාළුවන්ගේ... මේ සැරේ නම් රට නැතත් අපේ හරක් හැදෙයි. මොකද හැමදාම කලේ වාසි පැත්ත බලලා තණකොළ කාපු එකනේ...!!!
නඩු කියපු එකෙන් වැඩක් වුණාද?
කිලෝ 50ක උරයකට රුපියල් 3700ක් ගෙවන්නේ ඇයි?