(යොහාන් භාසුර සහ සුජීවා කෝට්ටෙගොඩ)
මඩකළපුව සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ රාජකාරි කරමින් සිටියදී මගීන් අපහසුතාවට පත්වන ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වීම නිසා දුම්රිය ආරක්‍ෂ නිලධාරීන් දෙදෙනෙක් කැකිරාව දුම්රිය ස්ථානයේදී ඊයේ (6) රාත්‍රී පැනගොස් තිබේ.
එම දුම්රිය ආරක්‍ෂකයන් දෙදෙනා අද (7) පෙරවරුවේ කොළඹ දුම්රිය මූලස්ථානයට බාරවී ඇතැයි පොලිසිය පැවසීය.
අදාල දුම්රිය ආරක්‍ෂ නිලධාරීන් දෙදෙනා මගීන් අපහසුතාවට පත්වන ලෙස හැසිරෙන බවට 119 පොලිස් ක්ෂණික දුරකථන අංකයට ලැබුණු පැමිණිල්ලකට අනුව කැකිරාව පොලිසිය එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ගිනිඅවිය ද සමඟ පැනගොස් තිබූ බවත් පසුව ඔවුන් බස් රථයකින් කොළඹට ගොස් ඇති බවත් පොලිසිය කීය.
මගීන් කළ පැමිණිල්ලකට අනුව එම ආරක්‍ෂක නිලධාරීන් සම්බන්ධයෙන් මහව දුම්රිය ස්ථානයේදී පරීක්‍ෂා කිරීමට නියමිතව තිබූ බවත් එය දැනගැනීමෙන් පසුව ඔවුන් කැකිරාවෙන් පනින්ට ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳව දුම්රිය ආරක්‍ෂ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගෙන් ඊයේ පෙරවරුවේ කළ විමසුමකදී පැවසුවේ අදාල නිලධාරීන් දෙදෙනා පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන බවත් පරීක්‍ෂණය අවසන් වන තෙක් ඔවුන් අමතර රාජකාරීවලින් ඉවත්කරන බවත්ය.
අදාල නිලධාරීන් දෙපළ කැකිරාව දුම්රිය ස්ථානයේදී පුද්ගලයෙක් බාරයට ගැනීමට යෑමට සූදානම් වූ අවස්ථාවේදී දුම්රිය මඟහැරීම පිළිබඳව ඊයේ රාත්‍රී දුම්රිය ආරක්‍ෂක අංශය දැනුවත් කිරීමෙන් පසුව ඔවුන්ව බස් රථයෙන් කොළඹට කැඳවූ බව කී අනුර ප්‍රේමරත්න මහතා ඉන් පසුව එම දෙපළ බිමත්ව සිටියේ ද යන්න විධායක නිලධාරීන් දෙදෙනෙක් වෙත යොමු කර පරීක්‍ෂා කළ බව ද සඳහන් කළේය.
ඔවුන් බිමත්ව නොමැති බවට එම නිලධාරීන් දෙපළ වාර්තා කර ඇති බවත් එය එසේ වුවද දැනට සියලුම දැනුවත්වීම් දුරකථනය ඔස්සේ වූ ඒවා බැවින් සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ක්‍රියාත්මක වන බවත් ප්‍රේමරත්න මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම විනයක් නැති නූගතුන්
මරු
නූගත් සේවකයින්
මොවුන්ට දඬුවම් දිය යුතුයි
කට ඉඹලද බීලද කියලා බලන්නේ? මේ අය කුඩු ගහලා හිටියොත්...!!!