(යොහාන් භාසුර)
ගෘහස්ථ සහ වාණිජ ගෑස් සිලින්ඩර නිෂ්පාදනය සහ බෙදාහැරීම කාර්යක්ෂම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත් බවත් ඉදිරියේදී දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000 - 100,000 ක උපරිමයක් දක්වා වෙළෙඳපොළට සපයන බවත් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගෑස් සිලින්ඩර නිෂ්පාදන ධාරිතාවය කාර්යක්ෂම කර ඇතැයි කියන ලිට්‍රෝ සමාගම පසුගිය දින තුනක් තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 220,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවත් එම සිලින්ඩර වහාම පාරිභෝගිකයන්ට බෙදාහැරීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන් වේ.
වර්තමානයේ වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය කෙටි කාලයකින් අවසන් වනු ඇති බව ද ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි
යහපත් වැඩක්
සංයුතිය වෙනස් කරපු අයට දඬුවම් දෙන්න ඕනේ.මේ වගේ වැඩ යලි නොකරන්න
ජනතාව වියරු වැටී ඇත .මෙසේ වීම සාධාරණ වේ
කිව්වොත් කියන්නේ බොරු අර රුපියල් මිලියනයේ රක්ෂණය වගෙයි