(සුජිත් හේවාජුලිගේ )
ලක්ෂ 5ත් 6ත් අතර පිරිසක් එන්නත් එකම මාත්‍රාවක් හෝ ලබා නොගෙන මග හැර සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වගකීම් විරහිත පිරිස නිසා සමාජය තුළ බරපතළ සෞඛ්‍යමය අවදානමක් මතුවී ඇති බවයි.
එන්නත් ලබා නොගත් පිරිස්වලට කොවිඩ් වයිරසය ප්‍රබල ලෙස පැතිර විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
කොවිඩ් එන්නත මෙසේ මඟ හැර සිටින පිරිසෙන් බහුතරයක් තරුණ අය වෙති. ඇතැම් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මිත්‍යා මත හේතුවෙන් ඉන් බහුතරයක් එන්නත මඟ හැර සිටින බවට තොරතුරු දැනගන්නට ඇතැයි අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
එන්නත් මාත්‍රා එකක් හෝ ලබා නොගත් 20,000 කට වැඩි පිරිසක් කොළඹ නගරයේ සිටින බව කොළඹ නගර සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙරට ජනගහනයෙන් සියයට හැත්තෑ හතරක් එන්නත් පළමු මාත්‍රාව ලබා ගෙන ඇති අතර එන්නත් දෙවෙනි මාත්‍රාව ලබා ගෙන ඇති සංඛ්‍යාව සියයට 64කි.
බූස්ටර් එන්නත ලබාගෙන ඇති සංඛ්‍යාව මෙරට ජනගහනයෙන් සියයට 20කි.
කොවිඩ් තෙවෙනි රැල්ල ආරම්භ වූ අවස්ථාවේ දී දෛනික ආසාදිතයන් සංඛ්‍යාව උපරිම වශයෙන් 5200ක් දක්වාද මරණ සංඛ්‍යාව 228ක් දක්වාද ඉහළ ගිය බව පැවසූ කොවිඩ් සම්බන්ධීකාරකවරයා මේ වනවිට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 600ක් දක්වාද මරණ සංඛ්‍යාව 16ත් 20ත් අතර සංඛ්‍යාවක් දක්වාද පහත බැස ඇතැයි සඳහන් කළේය.
එන්නත්කරණයේ සාර්ථකභාවය නිසා මෙම ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවූ බවත් තෙවැනි එන්නත් මාත්‍රාවද කඩිනමින් ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැක්සින් අනිවාර්ය කරලා තියෙන්නේ වැක්සින් හදන රටවල් ගොඩ යවන්න.ඕක ගැහුවත් නැතත් කිසිම වෙනසක් නෑ.මේවා පිටුපස තියෙන්නේ ව්‍යාපාර ඒවායේ මුදලට සමහරක් ගැති වෙලා
මරු
මොවුන්ට දඬුවම් දිය යුතුයි
ලංකාවෙ ඉන්නෙ අති පණ්ඩිතයො දන්න දෙයකුත් නැහැ නොදන්න දෙයකුත් නැහැ. මම තුන්වන එන්නතත් ගත්ත අද ඉතාලියෙදි.. මගෙ දරුවො බිරිද වෙනුවෙන් මම ජිවත් වෙන්න ඕනෙ.
ගහගත්ත අය බයයි තනියෙන් කූරියා ගහන්න වෙයි කියලා... නොගහන එවුන්වත් ඇදගෙන යන්න හදන්නේ..
මම දන්න තරුණයෙක් මෙලෙස එන්නත් ලබාගන්නේ නැතිව කෝවිඩ් හැදිලා මියගියා. ඔහුගේ පවුලේ අම්මා විතරයි දැන් ජීවත්වෙලා ඉන්නේ. කොහොමත් ලංකාවට ෆයිසර් ගේන්න සල්ලි නැතිවෙලා චීනෙන් මොකක් හරි එන්නතක් එනකන් ඉඳලා තමයි... හැමෝම පෝලිමේ ගිහින් ඊළඟ එන්නත ගහගන්නේ. ෂුවර් එකටම දේශපාලකයින් සේරම දැනට එන්නත් 3ම අරන් ඇති. අහිංසක මෝඩ මිනිස්සු තමයි එන්නත් වලට බැන බැන ඉඳලා මියයන්නේ.
වැක්සින් නම් එපා. ඕවා හදන සමාගම් පවා හොර වැඩ කරලා දඩ කාපුවා.
ලංකාවේ බටහිර වෙදකම හා ආයුර්වේද කියලා දෙකක් තියෙන්නේ ඇයි?
මට නම් ආණ්ඩුවේ පූර්ණ අනුග්‍රහය සහිතව පැණි පොවන කාලෙම කොවිඩ් හැදිලා සනීප වුණා.. ඒක හින්දා එක මාත්‍රාවක්වත් ගත්තේ නෑ...