
(ඩයනා උදයංගනී)
මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන් සඳහා පොදු පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ලෙස සකස් කළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල මත ඉදිකළ පොදු පහසුකම් උද්‍යානය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අනිද්දා (8) සිදුකෙරේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක “සියක් නගර” සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම රථගාල හා පොදු පහසුකම් මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
කොළඹින් පිට නගර සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය 2014 වසරේ දී නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවලට සමඟාමීව එය ක්‍රියාත්මක කෙරෙන බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
ලෝක බැංකු සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ මහනුවර, ගාල්ල සහ යාපනය යන නගර සංවර්ධනය කිරීම සිදුකෙරේ.
මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රථවාහන තදබදය අඩුකිරීම සඳහා ප්‍රවාහන පද්ධතිය වැඩිදියුණු කිරීම, මහනුවර නාගරික ජල සම්පාදන ක්‍රමය වැඩිදියුණු කිරීම, නාගරික වැසි ජල අපවහන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ නාගරික පොදු පහසුකම් වැඩිදියුණු කිරීම සිදුවේ.
මහනුවර දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන් සඳහා ඉදිකර ඇති මෙම නාගරික රථගාල තුළ වාහන 700 ක් නවතා තැබීමේ පහසුකම් ඇති අතර මෙමඟින් මහනුවර නගරයේ රථවාහන තදබදය අවම කිරීම ද සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ජනතාවට වඩාත් සුවපහසු මගී ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා දැනට පවතින ගුඩ්ෂෙඩ් භූමියේ නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීම ද යෝජිත බවත්, මෙම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දුම්රිය සහ බස්රථ නැවතුම් මධ්‍යස්ථානයක් ලෙස ඉදිකෙරෙන බවත් එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ටොම්ලින් උද්‍යානය වන්දනාකරුවන්ට විවේක ගැනීම සඳහා කාමර පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් සහ වෙළඳකුටි 16 කින් සමන්විත වේ.
රථගාල සහ පොදු පහසුකම් උද්‍යානය දේශීය ආහාර වෙළදාම් කිරීමේ පහසුකම්, මහනුවරට ආවේණික පාරම්පරික ද්‍රව්‍ය ප්‍රදර්ශනය සහ වෙළදාම් කිරීම සඳහා වන වෙළඳ කුටි 100 කින්, සංස්කෘතික සංදර්ශන වැනි දෑ පැවැත්වීම සඳහා වේදිකාවක් සහ ආසන 600 ක් සහිත විවෘත ස්ථානයක් ආදියෙන් සමන්විත වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන අඩු පාඩු තිබුනත් මහින්ද ගෝඨාභය යන මහත්වරු නොහිටින්න මේ වගේ දේවල් ලංකාවට ලැබෙන්නේ නැහැ
බොහොම සුබ ආරංචියක්... මහනුවර දැනට තියෙන රථවාහන ගාල් කිරීමේ අපහසුතාවලට හොඳ සහනයක් වේවි. මේවගේ දේවල් කරන්න රාජජක්ෂලා ඉන්න ඕනේ..
හොඳ වැඩක්... නමුත් පහසුකම් දළදා වන්දනාකරුවන්ට කිව්වට දළදා වන්දනාවට එන අයටද ඒවා ලැබෙන්නේ කියලා ඔප්පු කරන්නේ කොහොමද?
මෙහෙම තැනක අවශ්‍යතාවයක් දැඩිව තිබ්බද නැත්නම් බලෙන් අවශ්‍යතාවක් කරපු දෙයක් ද ?
තව වහල් පරම්පරා කීයක් උගස් තිබ්බද මේ සංදර්ශනයට..?
මේ කාර් පාක් එක කළින් ඉඳන්ම තියෙනවා. අමුතුවෙන් හදන්න දෙයක් තිබුණේ නැහැ. කාටද මේ බොරු කරන්නේ..? කාර් පාර්ක් එක උඩ වහලයක් ගහලා මිනිස්සුන්ට ඉන්න හදපු එක නම් හොඳයි.
හදන්න කමිෂන් අරන් මහජනතාවගේ මුදල් වියදම් කරලා විවෘර්ත කරනවා
මේ අර වේල්ස් සිනමා ශාලාව කලා හදපු රතගාලනේ.ඕක හදලා අවුරුදු විස්සක්වත් ඇති
මරු නියමයි. ජනතාව වියරු වැටී ඇත. මෙසේ වීම සාධාරණ වේ. සෞභාග්‍යයේ දැක්ම නම් පට්ට...
දැන් දියුණුවෙන් දියුණුවට පත්වෙයි , ඇමරිකන් මොලයක තරම
මේකට සිංහල නමක් දාන්න තිබ්බේම නැද්ද? නැත්නම් සල්ලි වියදම් කලේ ටෙම්ලින් කියලා සමාගමක්ද? රට යන අත...
හදන්නේ දළදා මාලිගාවට කියලා.. නම ටෙම්ලින්. බොරු සංදර්ශන දැම්මට මේකත් පොහොට්ටු හොරෙක්ගේ වැඩක්... අපි නොදන්න පොහොට්ටුවෝ...
මේ හෙළබොජුන් අලෙවිසල් තිබුණු තැන නේද? මේ දාපු නමනම් මහ විකාරයක්... නුවර ප්‍රෞඩත්වයට ගැලපෙන නමක් දාන්න තිබුණා. ඇහැලේපොළ කුමාරිහාමි මාවත වෙනස් කළා වගේ වැඩක් මේකත්...
ඉන්දියාව වගේ රටවල් සුද්දා දාපු නම් අයින් කරලා දේශිය නම් දානවා. අපි තව තවත් විදේශීය නම් දානවා. පරගැති කමක මහත...
අපිව උගස් කරලා ණය අරන් ලොකු කොමිස් එකක් කාලා පොඩි වැඩකුත් කර්ලා සංදර්ශනයක් තිබ්බම.ඔන්න ඉතින් වහල් බයියන්ට හරි ඉහලයි ඉතින්.මේ කෙරුවාවල් නිසා තමයි ඩොලර් හිඟ වෙලා රට අන්තයටම වැටිලා තියෙන්නේ .චීනයත් දැන් ණය දෙන්න පස්ස ගහන තත්වයක් තියෙන්නේ.බූරුවන්ට මේවා තේරෙන් නැහැනේ
ඉතා හොඳයි