
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ සේවකයන්ගේ ගමන්මලු හිටිහැටියේ (අහඹු) පරික්ෂා කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් ආරම්භ කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ අනුව සේවකයන් විශේෂයෙන්ම පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් පිටතට යන අවස්ථාවන්හිදී වැඩි වශයෙන් පරීක්ෂාවන්ට භාජන කෙරෙනු ඇත.
පාර්ලිමේන්තුවේ ආහාර ද්‍රව්‍ය ලිපි ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පිට කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම පරීක්ෂා කිරීම් ආරම්භ කළ බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට ගෙන එන ආහාරවලින් රුපියල් කෝටි දෙකකට ආසන්න ආහාර ප්‍රමාණයක් නාස්තිය සහ දූෂණය නිසා අහිමි වන බව විගණන විමර්ශනවලදී පසුගියදා තොරතුරු හෙළි විය.
නාස්තිය සහ දූෂණය වැලැක්වුවහොත් පාර්ලිමේන්තු ආහාරපාන සැපයුම මීට වඩා විධිමත් මට්ටමට ගෙන ආ හැකි බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උත්තරීතර මහජන සේවකයින් කන කෑමේ හැටියට ඕකේ ඉන්න අහිංසකයෙක් පොඩ්ඩක් හොරාකෑවම මොකද?
ලැජ්ජාවේ බෑ..
යහපත් වැඩක්
ඔන්න ආණ්ඩුව බිම් මට්ටමින් දුෂණ වංචා නවත්තන පටන්ගත්තා. අලි රිංගන්න එක නොවේ කතාව. පූස් පැටව් රිංගන එක තමයි ලොකු කතන්දර
යහපත් වැඩක්
බොරු ෂෝ පමණි
මහ කකුලුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා ඒ කිවුවෙ මහ කකුලුවො කෙලින් අතට ගමන් කරනවා නෑ නෑ පොඩි එවුන්ට යන්න කියනවා කොහොම උනත් පහු වෙනකොට පොඩි එවුන්ට පුලුවන් වෙනවා මොන පිස්සුද........උන් ඔක්කොම හරහට යනවා..
අනේ මන්දා... පැරැණි කියමනක් තියෙනවා පහත් තැනින්ලු වතුර ගලන්නේ කියලා...
අපවාදයට වඩා ආදර්ශය උතුම් කියනවානේ .ඔකේ හැමදාම කතා කරන්නේ හොරකම,මැරකම ,දුෂණය නාස්තිය ගැන නේ .ඉතින් අහගෙන ඉන්න අය ඒවාට පුරුදු වෙනවා.අරයා හොරා මෙයා හොරා කිව්වාට කාවවත් හිරේ දාලා නැහැ නේ.ඉතින් 225 බලාගන්න කට්ටියත් දනනවා ඕවාට හම්බ වෙනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගත්තා වගේ කියලා
ජෙප්පෝ ෂුවර්ද? චෙක්කළොත් නරකද? පඩිය පක්ෂෙට දුන්නාම කොහෙන් කන්නද?
දූෂිත... දේශපාලුවන් බලයට පත්කරලා එවපු ජනතාව අද කන්න නැතුව දුක් විඳිනවා. ජනතාව ගසාකෑවා මදිවාට තව සුපිරියටම කෑමත් ලැබෙනවා...