
(රංජන් කස්තුරි)
මේ වසරේ සිට විශ්ව විද්‍යාලයට ඇතුළුවන සෑම සිසුවකුටම තොරතුරු තාක්ෂණ විෂය හැදැරීමේ අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
විශ්ව විද්‍යාලයේදී තොරතුරු තාක්ෂණය විෂයක් ලෙස තෝරා නොගත්තද සෑම සිසුවකුටම අතිරේකව එම විෂය හැදෑරීමේ පහසුකම් සලසන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පවසයි.
කාර්මික විප්ලවයෙන් පසුව තාක්ෂණ විප්ලවයක් ඇති වී තිබෙන හෙයින් අද තොරතුරු තාක්ෂණ විෂය ඉතා වැදගත් බව ද අධ්‍යාපන ඇමැතිවරයා කීවේය.
ජාතික පාසල් 1000 ක් ස්ථාපිත කිරීමේ සමාරම්භක උත්සවය මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලයේදී අද පැවැති අවස්ථාවේ අධ්‍යාපන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෝචිත හොඳ වැඩක්.. හැබැයි ඉතින් ඕකෙන් වෙන්නේ ගැලපෙන බොරු කියලා රවටන කට්ටියට බොරු කියන්න බැරිවෙන එකයි. තොරතුරු තාක්ෂණයත් එක්ක හම්බවෙන දායාදයක් තමයි බාහිර ලෝකය පිළිබඳ දැනුම වැඩිවීම...
ඒ එක්කම ඉංග්‍රීසි භාෂාවේ දැනුමත් වැඩි කරන්න. මම බටහිර රටක විශ්ව විද්‍යාලයක IT පැත්ත උගන්වන කෙනෙක්. අපිට ගොඩක් රටවල සිසුන් එනවා පශ්චාත් උපාධිය කරන්න. අපේ අසල්වැසි රටවල සිසුන් එක්ක බැලුවාම අපේ ලංකාවේ සිසුන් ගොඩ දෙනෙක්ගේ ඉංග්‍රීසි දැනුම මදි. මේක කියවන අයටත් මම කියන්න කැමතියි විෂය දැනුම විතරක් මදි. සෑහෙන්න අනිත් ලෝකය ගැන සහ සාමාන්‍ය දැනුම ලබාගන්න කියලා... ඉංග්‍රීසි දියුණු කරගන්න එක මාර්ගයක් ලෙස...
ඇත්තටම කියනවා නම් තරුණ පරපුරට IT උගන්නන්න කියලා තවත් මුදල් පිල්ලි යන වැඩ නම් කරන්න හිතන්නවත් එපා. මොකද අද ඉන්න තරුණ පරපුර ඕවා ඔක්කොම දෙලොවටම නැති ඔය නාකි දේශපාලුවන්ට වඩා හොඳට දන්නවා. සිද්ධ වෙලා තියෙන්නේ රට කරන, වැඩ බැරි ඔය මහලු දේශපාලුවන් තරුණයින්ට ඉඩ නොදී බලය අල්ලන් ඉන්න එකයි. ඒ නිසා දැන්වත් ගෙදර යන්න...
විශ්ව විද්‍යාලයට යන ළමයි කොහොමත් තොරතුරු තාක්ෂණ දැනුම ලබාගන්නවා. එම දැනුම අවශ්‍ය වෙලා තියෙන්නේ... අසරණ පාසල් දරු දැරියන්ට..