
පුද බිම් වඳින මෙන ලක බුදු ගුණ වපුල
බල මැන වඩින‘යුරු මහ සඟ ලොව පතල
(පද ආරියසේන හඳුවල)
(ටී.කේ.ජී.කපිල)
භූතාන,ටිබෙට්,නේපාල් සහ ඉන්දියාවේෙ භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් 79 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් මෙට වන්දනා චාරිකාවක් සදහා අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
භූතානයේ භික්ෂූන් වහන්සේලා 25 දෙනෙක් , ටිබෙටයේ භික්ෂූන් වහන්සේලා 25 දෙනෙක්, නේපාලයේ භික්ෂූන් වහන්සේලා 09 දෙනෙක් සහ ඉන්දියාවේ භික්ෂූන් වහන්සේලා 10 දෙනෙක් සහ ඉන්දියාවේ ගිහියෝ 10 දෙනෙක් මෙම සංචාරය සදහා එක්ව සිටිති.
මෙම පිරිස ශ්‍රී පාදස්ථානය,අනුරාධපුරය,දඹුල්ල,කැළණිය සහ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වන්දනා කිරීමට දින 06 කාළයක් මෙහි ගත කිරීමට නියමිතය.
මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ සෙරෙන් ලංකා ආයතනය විසින් සංවිධානය කර තිබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධානුභාවේන සිත්නෙත් පහන් වී, මෙත්මල් පිපීලා මුදිතා ජලාශේ... නන්වා ප්‍රභා ලොව්තුරා රශ්මි මාලා.. හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානි..
සාදු..! සාදු..! ‘ඔමික්‍රොන්‘ වසංගතයට අපේ සංචාරක අමාත්‍යාංශය අත වනනවා වගේ මගේ හිතේ...
දකින්නත් ලස්සන දසුනක්... මේ පුවත වෙනුවෙන් ලංකාදීප කාර්ය මණ්ඩලයට අපගේ හද පිරි ප්‍රණාමය...!
මෙතන ඔමික්‍රොන්කාරයින් කී දෙනෙක් හිටියාද කියලා බැලුවාද දන්නේ නෑ. බෙර ගැහුවොත් ඔක්කොම හරි කියලා හිතන්නේ අපේ මෝඩයින් තමයි.