(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් අද ඉල්ලීමක් කළේය.
ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 18 වැනිදාය.
මෙම රාජාසන කතාව සම්බන්ධයෙන් 19 සහ 20 යන දෙදින තුළ සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබා දෙන ලෙස කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් මේ අනුව ඉල්ලා ඇත.
වාරාවසාන කෙරුණු පාර්ලිමේන්තුව ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 18 වෙනිදා යළි විවෘත කෙරෙන අතර ජනාධිපතිවරයා රාජාසන කතාව පවත්වන්නේ ඉන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩකට නැති කතාවක් ගැන දවස් 2ක් නාස්ති නොකර රට වැටිලා තියෙන ප්‍රපාතයෙන් ගොඩගන්න ක්‍රමවේදයක් ගැන ඔක්කොමලා එකතුවෙලා ප්‍රායෝගිකව සැලසුමක් හදලා ක්‍රියාවට නංවන්න.
මොකක්ද මන්ත්‍රිතුමා රාජාසන කථාව කියන්නේ? ලංකාවේ රාජාණ්ඩුවක් නැහැනේ... මොන පොතේ එහෙම තිබුණත් ලංකාවේ නැති දෙයක් ගැන කතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල වෙන්න බැහැ.. ලංකාවේ තියෙන්නේ ජනාධිපති ක්‍රමයක්... රනිලුත් ඊයේ ඔබතුමාට කලින් ඕකම කියලා තිබුණා..
"රාජාසන" කතාව තිබුණේ බ්‍රිතාන්‍ය යටත් විජිත කාලේ. දැන් තියෙන්නේ මූලාසන කතාව!
මුන් සියල්ලෝටම දෙකොන මාරුවී ඇති බව ඉතාමත්ම පැහැදිලිය. එබැවින් කෙසේ තමන් උපන් රට දියුණු කරන්නේද???
අපරාදෙ, මහජන මුදල් කාබාසිනියා කරන වැඩක්.. මීටපස්සේ පාර්ලිමේන්තු සභාවාරත් ඔන්ලයින් කරමු. එතකොට මුදල් නාස්තියව සහ විශේෂයෙන් අහිංසක සතුන්ට කරන අපහාස නතර වේවි... පව් සත්තු ටික...