(ඩයනා උදයංගනී)

උතුරු, උතුරුමැද, නැගෙනගිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (7) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත්, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවත් ස්ථාන කිහිපයක සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කළ යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.