තරුණ මාධ්යවේදීයෝත් පා ගමනින් ගාලු මුවදොරට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් වන ලෙස බලකරමින් කොළඹ ගාලුමෝදර පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයට සහය දැක්වීම සඳහා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් අද 20 පැවැත්විණි 20 April 2022
හික්කඩුවෙන් ගාලු පාර වහලා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව තිරාණගමින් ටයර් පුළුස්සා ප්රදේශවාසින්ගේ විරෝධතාවයක් නිසා මේ වනවිට එම මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ තිබේ. 20 April 2022
රග්බි තහනම ගැන සොයන්න ආසියානු රග්බි නිලධාරියෙක් එයි ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් පියවර පිළිබඳව කරුණු සොයා බැලීමට ආසියානු රග්බි සංගමය නියෝජනය කරමින් රග්බි සංවර්ධන උපදේශකවරයෙක් වන බෙන්ජමින් වෑන් රූයන් මහතා අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය. 20 April 2022
ආසාදිතයෝ 61ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතයින් තව 61 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 20 April 2022
රඹුක්කන දැන් සන්සුන් ඉන්ධන මිළ ඉහළ දැමීමට විරුද්ධව රඹුක්කන නගරයේ දී ඊයේ (19) හටගෙන තිබු කළහාකාරි සිද්ධියෙන් පසු එම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු පොලිස් ඇදිරිනීතිය හේතුවෙන් ප්‍රදේශය සාමාකාමී තත්ත්වයක් හටගෙන තිබිණි. 20 April 2022
ජනපතිට - පාර්ලිමේන්තුවට මහ නායක හිමිවරුන්ගේ අප්‍රසාදය රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව බව ත්‍රෛනිකායික මහා මහා නායක හිමිපාණන් වහන්සේලා ගේ අත්සනින් යුතුව රජයට අද හවස විශේෂ ලිපියක් නිකුත් කළහ . 20 April 2022
පානදුර විරෝධතාකුරුවන් පළවා හරිති පානදුර නගරයේ ගාලුපාර අවහිර කරමින් පවත්වාගෙන ගිය විරෝධතා පෙලපාලියට අද පස්වරුවේ ප්‍රදේශවාසීහු පිරිසක් කඩාවැදී විරෝධතාකරුවන් පලවා හැරීමට කටයුතු කළහ. 20 April 2022
මන්ත්‍රී නිපුණගේ නිවෙස ඉදිරිපිට විරෝධයක් මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ දෙනියාය කලුගලහේන ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට අද දහවල් විරෝධතාවක් පැවැත්විණි. 20 April 2022
‘‘නිරායුධ ජනයාගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දිය යුතුයි‘‘ නිරායුධ ජනතා විරෝධතාවලට ප්රචන්ඩත්වය, මර්ධනය සහ ආයුධ පාවිච්චි නොකර ජනතාවගේ ඉල්ලිම්වලට කන් දී රටේ ආර්ථිකය හදන වැඩපිළිවලක් සකස් කරන ලෙස ආණ්ඩුවට බලකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (20) ප්‍රකාශ කළේය. 20 April 2022
ඉන්ධන දුම්රිය - බවුසර්වලට ගුවන් හමුදා ආරක්ෂාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්ධන දුම්රිය සහ පිරවුම්හල්වලට ඉන්ධන සපයන බවුසර්වලට ආරක්ෂා සැපයීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 20 April 2022
පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය. 20 April 2022
ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය ඔස්ට්‍රේලියාව අද (20) යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන තම රට වැසියන්ට ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ පැහැදිලි කර තිබේ. 20 April 2022
රජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරති නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්හ. 20 April 2022
පැය 3 ක විදුලිය කප්පාදුව දික්වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (21 සහ 22) සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (20) පස්වරුවේ පැවසීය. 20 April 2022
බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළට ඉන්ධන සහ අමතර කොටස් මිල ඉහල යාම නිසා බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 65 කින් ඉහළ දමන බව එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා ප්‍රකාශ කළේය. 20 April 2022
‘‘හතර මායිම දන්නේ නැතිව රට ගොඩනගන්න බෑ‘‘ රටේ ආර්ථිකය ගොඩ නැගීමට හෝ රටෙි හතර මායිම් ගැන දැනීමක් නැති ගොඨාභය සියල්ල ගිනි බටයෙන් කරන්න පුළුවන් යැයි හිතාගෙන සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 April 2022
රඹුක්කන ගැන නාමල්ගෙ දුක රඹුක්කන සිදුවීම ගැන කණගාටුව ප්‍රකාශ කරන අතර කිසිම පහරදීමක් අනුමත කරන්නට නොහැකි බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය. 20 April 2022
’’මගේ ආණ්ඩුව කාලයේ එක තුවක්කුවක් පත්තු වුණේ නෑ’’ තම ආණ්ඩු කාලයේ ආණ්ඩුවේ තුවක්කු එකක් වත් කිසිම කෙනෙකුට පත්තු වුණේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 April 2022
පාර්ලිමේන්තු පාරේ දැඩි රථ වහන තදබදයක් ජ‘පුර විදු ගුරු හඬ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් බත්තරමුල්ල පොල්දූව වටරවුම ඉදිරිපිට දී පැවැත්විණි. 20 April 2022
විපක්ෂ නායක කියන්නේ ටොන් පච- කතානායක පක්ෂ නායකයන් කිව්වොත් ජනපති ඉවත්වීමට සූදානම් යැයි තමා කීවෙි නැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 20 April 2022
ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාරදෙන්න පාර්ලිමේන්තුවේ ස්වාධීන පිරිසකට කැබිනට් මණ්ඩලය බාර දෙන්නැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ඉල්ලීමක් කළේය. 20 April 2022
ණය දෙන්න නම් ’’ප්‍රමාණවත් සහතිකයක්’’ අවශ්‍යයි ණය මුදලක් ලබාදීම පිළිබඳව සාකච්ඡා මූලික අදියරේ පවතින බවත් ණය මුදලක් ලබාදෙන්නේ නම් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසාර මාවතක් කරා යොමු කළ හැකි බවට ’’ප්‍රමාණවත් සහතිකයක්’’ අවශ්‍ය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රොයිටර්ස් පුවත් සේවයට පැවසීය. 20 April 2022
රඹුක්කන සිදුවීමට ජනපතිගේ කණගාටුව සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. 20 April 2022
විදුලිබල මණ්ඩලයේ දිනක පාඩුව මිලියන 500යි විදුලිබල මණ්ඩලය මේ වන විටත් දිනකට රුපියල් මිලියන 500 ක පාඩුවක් ලබන බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 20 April 2022
ආණ්ඩුවට සහාය දුන් 3ක් විපක්ෂයේ අසුන්ගනී ෆයිසල් කාසිම්, ඉෂාක් රහුමාන් සහ එම්.එස් තවුෆික් යන මන්ත්‍රීවරු තිදෙනා ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අද (20) දහවල් අසුන් ගත්හ. 20 April 2022
වැහි කාලෙන් පසු ගෙට ගොඩ වෙන ලෙඩ වැස්සත් සමග සේම වැස්සෙන් පසුවද ගෙට ගොඩවන ලෙඩ රෝග රැසකි. වැසි කාලයෙන් පසු අධික සීතල නිසා බිළිඳුන්,කුඩා දරුවන් බහුලව ගොදුරු වන සෙම්ප්‍රතිශ්‍යාව වැනි ඉහළ ස්වසන මාර්ගයේ රෝග මේ දිනවලදී වැඩිපුර පැතිර යාමේ අවදානමක් පවතී. 20 April 2022
පක්ෂ නායකයන් කීවොත් ජනපති යන බව කතානායක කීවා - විපක්ෂ නායක පක්ෂ නායකයන් සියලුම දෙනා ඉල්ලා අස්වෙන්න කියනවනම් ජනාධිපති ඊට සූදානම් බව ඔබතුමා පක්ෂ නායක රැස්වීමේදී කිව්වා. විපක්ෂයේ සියලුම නායකයන් ඒකමතිකව ඒ යෝජනාව කරන්න සූදානම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 April 2022
තෙල් බවුසරයට ගිනි තිබ්බා නම් අද රඹුක්කනක් නෑ රඹුක්කන උද්ඝෝෂණකරුවන් ඉන්ධන ලීටර් 33,000 ක් සහිත බවුසරයක් ගිනි තැබීමට සුදානම් වු අවස්ථාවේදී පොලීසිය තමන්ට ඇති බලතල අනුව එය නැවැත්වීමට කටයුතු කළ බවත් තෙල් බවුසරයට ගිනි තිබ්බේ නම් අද රඹුක්කනක් නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 April 2022
‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනයට මෙවරත් සෙලාන් අනුග්‍රහය සෙලාන් බැංකුව, අඛණ්ඩව 9වැනි වරටත් ‘කැදැල්ල Construcation Expo’ ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක සහ නිල බැංකුකරු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් හා නිවාස අලංකරණ ක්ෂේත්රයේ දැවැන්තම ප්‍රදර්ශනය ලෙස සැලකෙන කැදැල්ල Construcation Expo මෙවර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. 20 April 2022
NCE අපනයන සම්මාන දෙකකින් රෝයල් කැෂූ පිදුම් ලබයි රෝයල් කැෂූ සමාගම ජාතික අපනයන මණ්ඩලය සංවිධානය (NCE) කළ ජාතික අපනයන විශිෂ්ටතා 2021 සම්මාන උළෙලේදී ප්‍රථම වරට පිරිනමන විශිෂ්ටතම සදාචාරාත්මක හා මානුෂීය අපනයනකරුවා විශේෂ සම්මානයෙන් මෙන්ම නැවුම් සහ සැකසූ කෘෂිකාර්මික අපනයන භෝග අංශය වෙනුවෙන් ජාතික මට්ටමේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. 20 April 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026