IMG-LOGO

NCE අපනයන සම්මාන දෙකකින් රෝයල් කැෂූ පිදුම් ලබයි

රෝයල් කැෂූ සමාගම ජාතික අපනයන මණ්ඩලය සංවිධානය (NCE) කළ ජාතික අපනයන විශිෂ්ටතා 2021 සම්මාන උළෙලේදී ප්‍රථම වරට පිරිනමන විශිෂ්ටතම සදාචාරාත්මක හා මානුෂීය අපනයනකරුවා විශේෂ සම්මානයෙන් මෙන්ම නැවුම් සහ සැකසූ කෘෂිකාර්මික අපනයන භෝග අංශය වෙනුවෙන් ජාතික මට්ටමේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

ISO 22000: 2018, HACCP, GMP සහ ISO 14001:2015 තත්ත්ව සහතික ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම කජු සැකසුම් සමාගම වන රෝයල් කැෂූ අන්තර්ජාතික වෙළෙඳපොළට ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් ඉහළ නිෂ්පාදන රැසක් සපයයි.

“NCE සම්මාන උළෙලේදී රන් සහ මානුෂීය අපනයනකරු සම්මාන ලැබීමෙන් ගොවි මහතුන්ට, පාරිභෝගිකයන්ට හා කාර්ය මණ්ඩලයට අප කළ සාධාරණ මෙහෙය ඇගැයීමට ලක් වුණා. ඉදිරියටත් ගොවියා ළඟටම ගොස් අස්වැන්න මිලට ගෙන වැඩි නිෂ්පාදනයක් කර රටට විදේශ විනිමය ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ගොවියන්ට පුළුවන් අප සමඟ එක්ව ආර්ථිකය ශක්තිමත් කර ගන්න. අප සමඟ සෘජුව සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් ෆේස්බුක් හෝ වෙබ් පිටු භාවිත කළ හැකියි. “රෝයල් කැෂූ සභාපති වෛද්‍ය රුවන් වතුගල මහතා පැවසීය. 1991දී ශ්‍රී ලාංකීය කජු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කිරීමේ අරමුණින් ඇරැඹූ රෝයල් කැෂූ සමාගම වර්තමානයේදී Royal Food Marketing, Trust Lanka Suppliers සහ Green Way Asia Lankaයන සමාගම්වල එකතුවෙන් සමූහ ව්‍යාපාරයක් වී ඇත. රෝයල් කැෂූ නිෂ්පාදන ජපානය, ඇමෙරිකාව, ස්වීඩනය, නවසිලන්තය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, සෞදි අරාබිය සහ මාලදිවයින වැනි රටවල් රැසකට අපනයන කරයි.

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

NCE අපනයන සම්මාන දෙකකින් රෝයල් කැෂූ පිදුම් ලබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site