සෙලාන් බැංකුව, අඛණ්ඩව 9වැනි වරටත් ‘කැදැල්ල Construcation Expo' ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහක සහ නිල බැංකුකරු ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් හා නිවාස අලංකරණ ක්ෂේත්‍රයේ දැවැන්තම ප්‍රදර්ශනය ලෙස සැලකෙන කැදැල්ල Construcation Expo මෙවර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
ගෘහ භාණ්ඩ හා ගෘහෝපකරණ, ගෘහ අලංකරණය, දේපළ වෙළඳාම්, භූමි අලංකරණය, උළු, ග්‍රැනයිට්, නානකාමර උපාංග, මුළුතැන්ගෙයි උපකරණ, විදුලි භාණ්ඩ, තීන්ත, බිත්ති සැලසුම්, සිවිලිම් සැරසිලි, ආලෝකකරණය, තිර රෙදි සහ බැංකු හා රක්ෂණ රක්ෂණ සේවා වැනි ක්ෂේත්‍රවලට අයත් සමාගම් හා ආයතනවල කුටි 200කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයේදී දැකබලා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබී තිබුණි.
සීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම් ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මූල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත.
-සටහන- චමින්ද මුණසිංහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනයට මෙවරත් සෙලාන් අනුග්‍රහය
shamal Wednesday, 20 April 2022 03:19 PM
සෙලාන් බැංකුවට ඕනෑම මූල්‍ය ව්‍යාපාරයක් හඳුන්වා දෙන පුද්ගලයෙකුට “හඳුන්වා දීමේ කොමිස් මුදලක්” අතීතයේ දී ලබා දී ඇති අතර අනාගතයේදීද ලබාදෙනු ලැබේ. සෙලාන් බැංකුවට ලීසිං පාරිභෝගිකයෙක් හඳුන්වා දෙන ඕනෑම පුද්ගලයෙකුට, පාරිභෝගිකයාගේ ලීසිං පහසුකමේ වටිනාකමෙන් 0.5% - 2% අතර “හඳුන්වාදීමේ කොමිස් මුදලක්” ලබාදෙනු ලැබේ..