බොරු මැණික්
ගෙවත්තකට ඇතුළු වී, සූක්ෂම ලෙස ව්යාජ ලෙස සැකසූ මැණික් තොගයක් වල දමා, නිධානයක් ඇති බවට ගෙහිමියා නොමග යවා, එම ව්යාජ මැණික් තොගය ගොඩ ගන්නා අවස්ථාවේදී නයි නටවන්නෙකු ලවා එම නිවසට නාගයකු යැවීමට සලස්වා ගෙයිමියා සතුව තිබූ රුපියල් ලක්ෂ 29ක් වංචා සහගත ලෙස රැගෙන ගොස් ඇතැයි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.