දුම්රිය වර්ජනය අත්හිටුවයි වැටුප් විෂමතා ගැටලුවක් මුල් කරගෙන දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපතිවරු අද(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට ගිය අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය. 20 October 2017
සුරියවැව අඩි 100 විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක් සුරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගයේ නමඩගස්වැව දක්ෂිණ අධිවේගි මාර්ගයේ ප්‍රධාන ඉදිකිරීම් පිවිසුම හරස්කර මාරාන්තික උපවාසයේ හා විරෝධතාවයේ නිතර පිරිසට එම ස්ථානයෙන් ඉවත්වන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (20) නියෝග කැරණි. 20 October 2017
ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම් ‘‘අද මේ රටට දියුණු වෙන්නනම් පුහුණු, උපාධිය, ඩිප්ලෝමා ලැබුණු ගුරුවරු අවශ්‍යයයි .ගුරුවරු නැතිනම් මිනිස් සම්පත දියුණු කරන්න බැහැ. මිනිස් සම්පත් නැතිව රට දියුණු කරන්න බැහැ‘‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(20) අරලියගහ මන්දිරයේ පැවැති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සදහා ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක දී පැවසීය. 20 October 2017
රන් භාණ්ඩ පැන්නූ ගුවන් සේවකයාට දඩ රුපියල් 2,70,00000 ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන එනු ලැබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවකයාට රුපියල් ලක්ෂ 15ක දඩයක් නියම කිරීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර ඇත. 20 October 2017
ප්‍රවාහන ඇමැතිගෙන් දුම්රිය රියැදුරන්ට අනතුරු ඇඟවීමක් වැඩ වර්ජනයකට යාමෙන් වළකින්නැයි දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩල වලින් තමන් ඉල්ලා සිටින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 October 2017
මඩාටුගම විදුහල්පතිනිය ගැන විනය ක්‍රියාමාර්ග ගන්නයි ඉල්ලීමක් පාසලේ දී වමනය ගිය සිසුවියක් ගැබිණියකැයි පවසා පාසැලෙන් එළවා දැමු බව කියන විදුහල්පතිනිය පිලිබඳ පරික්ෂණයක් කර විනය ක්‍රියා මාර්ගවලට එළැඹෙන්නැයි ලංකා ගුරු සංගමය උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 20 October 2017
ජාත්‍යන්තර පාලි භාෂා දිනය පේරාදෙණියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත්‍රණයක් පැවැත්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලැබු ජයග්‍රහණයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පැවැසිය. 20 October 2017
අරඹේපොල රතනසාර හිමි අත්අඩංගුවට මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි නිවස ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටි අරඹේපොල රතනසාර හිමි අද (20) පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 20 October 2017
යාපන සරසවියේ පංති වර්ජනයක් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති සමඟ පැවති සාකච්ඡාවේදී ලබා දුන් විසඳුම් සෑහීමකට පත් විය නොහැකි බව පවසමින් අද (20 ) උදෑසන සිට යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් එක්ව 25 වැනිදා දක්වා පංති වර්ජනයක නිරතව සිටිති. 20 October 2017
කඩවත භූගත නලයක් පිපිරීමෙන් නුවර - කොළඹ මාර්ගය අවහිර වෙයි කඩවත මංසන්ධියේ අද(20) අලුයම භූගත ජල නලයක් පිපිරීම හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය. 20 October 2017
අලුත් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට රාජ්‍ය ආයතන පහළොවක සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිළධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධව සිදුකළ විමර්ශන ඇතුළත් නවතම කෝප් වර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරන සභාවේ සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 19 October 2017
රීති ප්‍රශ්න අවභාවිත කරන්න එපා - කතානායක කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද පාර්ලිමේන්තුවේදී අවවාද කළේය. 19 October 2017
ජේආර්ගේ මුණුබුරා ශ්‍රීලනිපයෙන් පුංචි ඡන්දයට ඉදිරි පළාත් පාළන මැතිවරණය සදහා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ කොළඹ නගර සභාවට තරඟ කරන බව හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය. 19 October 2017
විදුහල්පතිනියගේ සැමියා ගුරුවරයකුට ගහලා කල්පිටියේ පාසලක ගුරුවරයකුට එම විදුහලේ විදුහල්පතිනියගේ සැමියා විසින් පහර දුන් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කල්පිටිය පොලිසිය කියයි. 19 October 2017
වෙලේ සුදාගෙ මල්ලී අත්අඩංගුවට හෙරොයින් ජාවාම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින වෙලේ සුදාගේ බාල සහෝදරයා දෙහිවල - කඩවත පාරේදී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 19 October 2017
බණ්ඩාරවෙලට සහන දෙන්න තුන් මාසයක සැලැස්මක් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව මාස තුනක විශේෂ ආපදා කළමනාකරණ සැලැස්මක් ක්‍රියාත්මක කර පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. 19 October 2017
රට බෙදන හැටි කෘතිය එළි දකියි ‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය 19 October 2017
නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගන්න ගිවිසුමක් නැතිලු නෙවිල් ප්‍රනාන්දු රෝහල අගෝස්තු පළමු වැනිදා සිට රජයට පවරා ගත් බව ප්‍රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් කිසිඳු නීත්‍යනුකූල ගිවිසුමක් මේ දක්වා අත්සන් කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 19 October 2017
හිටපු අගවිනිසුරුගෙ පෙත්සමේ විරෝධතා ගැන තීන්දුව කල්යයි පළාත් සභා මැතිවරණ සංශෝධන පණත් කෙටුම්පත සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කරන ලෙස නීතීපතිවරයා ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳ තීන්දුව පසුව ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (06) දැනුම් දුන්නේය. 19 October 2017
ළමා අපයෝජක පියා 36 වසරක් හිරේට බාල වයස්කාර පිරිමි ළමයකු බියගන්වා බරපතල ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු වූ තිදෙරු පියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා 36 වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. 19 October 2017
ඩී.බී.ධනපාල නමින් සමරු මුද්දරයක් ප්‍රකට පුවත්පත් කලාවේදී ඩී.බී.ධනපාල මහතා නමින් සමරු මුද්දරයක් එළි දැක්වීම අද(19) ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 19 October 2017
අන්තර්ජාතික විද්වත් සමුළුව ඇරඹෙයි ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන පීඨය මගින් සංවිධානය කරනු ලබන දෙවැනි ජාත්‍යන්තර විද්වත් සමුළුව අද (19) ඇරඹිණි. මෙම සමුළුව 20 , 21 දක්වා ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ. 19 October 2017
සතුන්ට පිඩාවන පරිදි හෙලිකොප්ටරය පැදවු නිලධාරියාට අැප කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ වෙසෙන අලි ඇතුන් ඇතුළු වන සතුන්ට පීඩා වන අන්දමට නීතිවිරෝධී ලෙස හෙලිකොප්ටරයක් පදවාගෙන ගිය බව කියන කොළඹ පෞද්ගලික ගුවන් සමාගමක පියාසර නිලධාරියකු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) බාරවීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් ප්‍රදීප් මහමුතුගල මහතා නියෝග කළේය. 19 October 2017
අල්ලස් ගත් ගොවි නිලධාරීන්ට සිර දඬුවම් ඉඩමක පස් ඉවත් කිරීමට සුදුසු බවට නිර්දේශ කිරීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරුවන් වු ගොවි ජන සංවර්ධන නිලධාරීවරයෙකුට සහ රාජ්‍ය කළමණාකරන සහකාරවරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත දස වසර බැගින් සිර දඬුවම් (19) නියම කළේය. 19 October 2017
අැෆ්ගනිස්තානයේ තලේබාන් ප්‍රහාරයකින් 40 ක් මරුට ඇෆ්ගනිස්තානයේ දකුණු කන්දහාර් පළාතේ හමුදා කඳවුරකට එල්ල වූ තලේබාන් ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි. 19 October 2017
අැමැති සරත් අමුණුගම හා ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් අතර හමුවක් විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ මහ කොමසාරිස් බ්‍රිස් හචිසන් මහතා අතර විශේෂ හමුවක් අද (19) සෙත්සිරිපායේ පිහිටි විශේෂ කාර්යභාර අමාත්‍යංශයේ දී පැවැත්විණි. 19 October 2017
හෙට මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය නියාමක, පාලක, රියදුරු හා ස්ථානාධිපති ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා ගැටලුව විසඳීමට ජාතික වැටුප් කොමිසම මෙතෙක් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් හෙට(20) මධයම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පවසයි. 19 October 2017
සතොසේ සම්බා අද මැදියම් රැයේ සිට අඩුවෙයි ලංකා සතොස අලෙවිසල්වල සම්බා සහල් මිල අද (19) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරෙන බව සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි. 19 October 2017
ව්‍යවස්ථාව ගැන සමීක්ෂණ වාර්තාව අගමැතිට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුළු ආයතන තුනක් සිදුකළ සමීක්ෂණයේ වාර්තාව අද(19) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 3දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබිණි. 19 October 2017
ආනන්ද සමරසේකර අධිකරණයට බාර වෙයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට වන ප්‍රචාර හමුවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අද(19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ උසාවියට බාර විය. 19 October 2017
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026