(ශාන්ත රත්නායක)
‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය
මැදගම ධම්මානන්ද හිමියන්ගේ ප්‍රධනතත්වයෙන් අද 19 පුස්තකාල ප්‍රලේකන සේවා මණ්ඩලයේදී පැවැත් විණි.
එහිදී මහජන රාජ්‍ය සභාවේ සභානායක මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් මැදගම ධම්මානන්ද හිමියනට කෘතිය පිළිගැන්වීය.
ජාතික සංවිධන එකමුතුව නියෝජන කරමින් බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු මහජන රාජ්‍ය සභාවේ උත්තරීතර මණ්ඩල සභිකයෝ පිරිසක් ද එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වදාළ ධර්මයට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුව යන එක තමයි භික්ෂුවකට ගැලපෙන්නේ.
මේ ඔක්කොම දේවල් බලාගෙන අපි ගෙදර සෝවාන් ඵලය ලබල වගේ ඇස්කන් වහගෙන ඉන්නවා. අන්තිමට මේ දෙගොල්ලම එකතු වෙලා අපිට කෙලවනවා
ආවේ නැති ව්‍යවස්‌ථාවක් ගෙන ඔබතුමාලා මොනවද මේ කියවන්නේ? හාමුදුරුවෝ ආගම කියල දෙන්න. ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුව හදයි. ඒ අය පත් කරගෙන තියෙන්නේ ඒකටයි.
මහා පොලවේ යථාර්තය, ඇත්ත දකින රටේ ඒකීය භාවය වෙනුවෙන් ඉදිරිපත් වෙන ගරුතර සංඝරත්නය මැදිහත්වීම වටිනාකමින් දකින්න පුරුදු වෙන්න !!
එක පැත්තකින් ආගම වැනසෙනවා. ඒක ගැන හ්ම්ම් නෑ. තමුන් කල යුතු දේ පසෙකට දාලා රට පාලනය කරන්න ඇවිල්ලා.
"හොරුන්ට කඩේ යාම ජයටම කෙරීගෙන යන පාටයි එත් මතක තබා ගත යුතුයි. ජනමතය දී ඇත්තේ රට දියුණු කරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහායි. ඉන් රට නොබෙදා තවත් ශක්තිමත් වෙන බව ඕන මෝඩයෙකුට තේරෙනවා.
ව්‍යවස්ථාව ගැන ,එහි අන්තර්ගත යෙදුම් , ඉවත් කර ඇති වාක්‍ය,ඇතුල් කර ඇති නව යෙදුම් ගැන විද්වතුන්ගේ කථා අහපුවහම තේරෙන්නේ මේ ආණ්ඩුව ,සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළුව,අපව රවට්ටන බවයි.මේ ආණ්ඩුව කරන තරමක් බොරු කරන්නේ. කියන තරමක් බොරු කියන්නේ.මිනිස්සු මෙයාලව පත් කලේ පසුගිය රජයේ වැරදි නිසා, මොවුන් ඊටත් එහා ගිහින් කරන බොරුව නිසා රට තව තවත් පල්ලට යනවා.හාමුදුරුවරුන් නොමග යවමින් බොහෝ කල් පවතින්න බැරි බව රජය විශේෂයෙන් අගමැති රනිල් තේරුම් ගත යුතුයි..............
බොහොම දෙනෙක් (සමහර මාධ්‍යන් ඇතුළුව) තවමත් හිතන් ඉන්නේ එළාර - දුටුගැමුණු යුද්ධේ ඉවර නැහැ කියල වගෙයි පෙනේනේ. බුදුන් වහන්සේ මමය, මාගේය, අපේය කියන සංකල්ප වලින් දුරුවෙන්න කියල කියපු බවකුයි මම අහල තිබුනේ. බුදු දහමත් පිට රටකින් ආපු එකක් නිසා සමහර විට මම වැරදියට අහල තියෙනවා ඇති. හාමුදුරුවරු මට වඩා ආගම ගැන දන්නා අය නේ. ඒක වෙන්න ඇති මේ රටින් අඟලක් වත් මොකෙකුට වත් අපි දෙන්නේ නැහැ කියන්නේ.
ආගම යනු ලබන ආත්මයේදී පොළී ගෙවන වංචනික පොරොන්දුවක් පිට නොමිලේ ප්‍රවේශපත්‍රයක් ලබාදී , මිනිසා පවත්නා සමාජ ක්‍රමයටම අනුගතකොට කරුමයම මැයි කියවමින් එහි බැඳ තබන ක්‍රියාවලියයි... ඊට අමතරව ආගම විසින් මිනිසාගේ නිර්මාණ ශක්තිය තර්කන බුද්ධිය විනාශකර ආගමික වහල්ලු පිරිසක් බිහි කරති... දුපත් මානසිකත්වයින් පිරි ලංකාව එකට තෝතැන්නකි...
මේ අවස්ථාවේදී ගරුතර සංඝරත්නයෙන් දෙපා නමැද ඉල්ලා සිටින්නේ බංකොලොත් දේශපාලන මුදලාලිලාගේ රූකඩ බදු ඉත්තන් නොවී රටට සුදුසුම දිශාවට රට මෙහෙයවන්න උපකාරී වන උපදෙස් ජනතාව බහුතරක් ඡන්දයෙන් පත්කළ වර්තමාන නායකයන්ට දෙන්න කියායි ...
මෙතන ඉන්න ඔක්කොම හිටපු ජනපති මහින්දගේ ගෝල බාලයෝ. මහින්ද මහත්තය තවම පැත්තකට වෙලා ඉන්න අදහසක් නැහැ වගේ. තුන්වෙනි පාරටත් නීතියේ හැටියට ජනපතිවෙන්න බැරි බව නොදන්නා බබා. බොහොම ලෙහෙසියෙන් ෂෝට් කට් වලින් නිවන්දකින්න හදන තේරවාදී බුදු දහමට වඩා මහායාන බුදු දහම තමා ලංකාවට ගැලපෙන්නේ. ජපානය ලාඕසය වගේ රටවල ලංකාවේ තරම් අපරාධ සිදුවෙන්නේ නැහැ.
17 18 කිය කියා තිබුන ව්‍යවස්ථාවට වෙට්ටු දාන කොට මේ කට්ටිය කොහෙද හිටියේ ?
jayana මහත්මයෝ සිංහල කතාවක් තිබෙනවා "හරකා හැරෙන කොට දන්නවා පොල් පැලේ කන්න කියලා" සම්බන්න්දන්ලා සහ දෙමල ඩයස් පෝරාව ඉල්ලන ඉල්ලීම් මොනවාද කියා ඔබ නොදන්නවාට රටේ පාසල් ළමුන් පවා දන්නවා ඒ ඉල්ලීම් මොනවාද කියා. ව්‍යවස්‌ථාව සංසෝදනය කරන්නේ ඔවුන්ගේ ඉල්ලීම දෙන්න ඕනේ නිසා බවත් මෙරටේ මිනිස්සු දන්නවා. සම්බන්දන්ලා මෙම ලියවෙන ව්‍යවස්‌ථාවට විරුද්දව කතා නොකරන්නේ ඔවුන්ගේ ඉල්ලීම් ලබන නිසාය.
ලොව ඕනෑම රටකට සම්ප්‍රදාය කියා යමක් තිබේ. ලිඛිත ව්‍යවස්ථාවක් නැති බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව පවා කටයුතු කරන්නේ සම්ප්‍රදාය අනුවයි. එසේම අපටත් සම්ප්‍රදායක් තිබේ. එය මුළුමනින්ම පාහේ බෞද්ධ මහා විහාර සම්ප්‍රදායයි. සුද්දන් පවා එයට ගරු කලා. ඒකයි උඩරට ගිවිසුමේ පවා ඒ සම්බන්ධ විශේෂ විධිවිධාන සඳහන් වන්නේ. ඒ ගිවිසුමට පටහැනිව යමින් කටයුතු කල ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරලිගහපු නායකයන්ව රජද්‍රෝහීන් ලෙස වැරදි ලෙස අර්ථ නිරුපනය කර නම් කර තිබුණු නියෝග මේ රජයෙන් ඉතාමත් නිවැරදි ලෙස අවලංගු කලා. දැන් ඉංග්‍රීසින් එදා කල වරදම මේ රජය ආයිත් කරනවද?
ඔය ඉන්නේ හැබැවටම රට ජාතිය ගැන හිතන පිරිසක්ද? පොඩ්ඩක් ඉන්න කට්ටියගේ මෑත අතීතයේ කටයුතු දිහා බලන්න. පරාජිතයන්ට ආවඩමින් යන එකට වඩා දෙයක් කරලා තියෙනවද? මේකත් ඒ ක්‍රියාවලියේම තවත් පියවරක් පමණයි.
දැන් බලනකොට රට එකසේසත් කරපු අන්තිම රජ්ජුරුවෝ.
කවුද මේ වලිගය පාගාගෙන දගලන්නේ! රට බෙදන එක කවමදාවකවත් සිදුවෙන්නේ නැහැ. එළාරටත් ඉස්සර සිට ඕක තිබුනදෙයක්නේ, අතීතයේත්, වර්තමානයේත්, වගේම අනාගතයේත් බලයට පැමිණෙන කිසිදු පක්ෂයක් රට බෙදන්නේ නැහැ. එහෙම වෙන්න දෙන්නෙත් නැහැ. ජනතාවට (සැවොම නෙවේ ) ජාති ආගම් බේද පතුරුවා රට ආපස්සට ඇද දමන්න එපා.
දොස්තර සංගමයට බාර දෙමු. සියලුම ප්‍රශ්න අවසන්.
ඔතැන ඉන්නේ මහින්දට කඩේ යන උන්නාන්සේලා ටික නේද
ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන නම් ඉතා සද්භාවයෙන් කවුරුත් එකතු වෙලා එය කළ යුතුයි . මේ යන තත්වය බයානකයි. මොකද මේ ගැන අගමැති, කිරිඇල්ල ඇමති තුමා, JVP එක පවා එයාලගෙන් ප්‍රශ්න අහන කොට හිරවෙච්ච් ගමන් දෙන උත්තරය තමයි තාම මේක කොළ කෑල්ලක් විතරයි නේ කෙටුම් පතක් වත් නෙමෙයි නේ.. කොලකෑල්ලක් උනත් කරුණු නේ ඇතුළත් කරන්න යන්නේ. මෙයාල කියන ඒවා ඇහුවම හරි සැකයි. දැන්දැන් මෙයාල කරන වැඩ දැක්කම සැකය වැඩි වෙනවා. අදිවේගය ගැන ප්‍රශ්න, සයිටම් ගැන ප්‍රශ්න, හාල් පිටරටින් ගේන ප්‍රශ්න.......තවත් තියනවා කියල වැඩක් නෑ. එක්කෝ මෙයාලට වැඩ බෑ එක්කෝ වෙන මොකක් හරි හිතේ තියන් මේකට ඇත ගැහැව්වේ.. අපි කොච්චර බලාපොරොත්තු ඇතුවද 2015 ජනවාරි 8 ඉඳන් හිටියේ. මෙහෙම බැලුවම මෙයාල ව්‍යවස්ථාවට අත නොතැබිය යුතුයි....
මනෝ ලෝකවල රජවෙන්න අපිත් ඉස්සර හරි ආසයි. මෙතනත් රාජ්‍ය සභාවක් තියෙන හින්ද කට්ටිය රජවෙලා කියල නිකමට හිතෙනවා ඇති. අනේ වාසනාවන්!
මම දන්නේ නැති කමටයි අහන්නේ , දැන් ඔය දියුණු ලොකු ලොකු රටවලත් මහජන ඡන්දෙන් පත්වෙන රජයක් සහ එහි නායකයින් රටේ පාලනය සඳහා ගන්න තීරණ එම රටවල්වල අගමීක පුජකයින්ගෙන් අහනවද ? එගොල්ලොන් කැමති ඒවා විතරද ක්‍රියාවට නගන්නේ ? උදාහරණයක් ඇමරිකාවේ ට්‍රම්ප් මහත්තයත් රටේ තීරණ පල්ලියට ගිහින් අවසර ගන්නවද ? ඉන්දියාවේ මෝඩි මහත්තය කෝවිලෙන් අහනවද ?
මෙතන රාජ්‍ය සභාවේ තනිකරම ඉන්නේ මහින්දට මහාරජානෝ කියාගෙන කඩේයන කට්ටියක්නේ , අනික තාම රටේ ඇමති මණ්ඩලයවත්, ජනාධිපතිවත්, අගමැතිවත් නොදැක්ක ව්‍යවස්ථාව සංශෝධන මෙතුමන්ලා දැක්කේ හොහින්ද ? මෙය ලොකු මහජන මුලාවක් .
අපිට සියල්ල අතහරින්න කියා බන කියන හමුදුරුවරු බුදුදහම හැර අනිත් හැමදෙයක්ම බදාගෙන .හාමුදුරුවරු බුදුදහමට මුල්තැන දෙනවනම් හැමෝම බුදුදහමට මුල්තැන දෙනවා.ආගමික නායකයින් පාලනයට ඇඟිලි ගහන හැම රටකම ආරවුල් මිසක් දියුණුවක් නැහැ.1956 යේ හාමුදුරුවරු දෙසපලනයට එන්න පෙර හාමුදුරුවරුන්ට මිට වඩා ගරුසලකිල්ලක් රටේ තිබුනලු.
නැතුව 2005 දීත් රනිල්ට කඩේ ගියා නම් මේ වනවිට සිංහලයාට කෙලවිලා නේද? ඇයි හලෝ ඔය තරම් ගුණ මකු වෙන්නේ?
17, 18 දීත් කව්රුත් සිටියේ මෙතනම තමයි. නමුත් ඒ වෙට්ටු වලින් රට ෆෙඩරල් වෙන්නවත් සිංහලයාට මේ රටේ තිබෙන තත්වය නැති කරන්නට ගියේ නැත.
මෙම ලිපියට දාලා තියෙන කමෙන්ට්ස් දැක්කාම පුදුම හිතෙනවා. මේ මිනිසුන් අමූ කාලා ද? නැත්නම් මේ වහපාලන පාණ්ඩුවට කඩේ යන පිරිසක් ද? අපි දෙමළ රාජ්‍යයක ජීවත් වූවානම් දැන ගන්න තිබූණ සිංහල අපිට ඇතිවන ඉරණම. අද දෙමළ මුස්ලිම් මිනිසුන් මොනතරම් නිදහසේ ජීවත් වෙනවා ද? ඒ අයගෙ ආගම් අදහාගෙන. වෙනත් රටක ජීවත්වෙන අපි දන්නවා ඔය කියන මිනිස්සු සිංහල අපිට සලකන විදිහ. ඒක කමෙන්ට් එකක් තිබුණ සිංහල මිනිස්සු ආවේ වෙන කොහේ ද ඉදලා කියලා. සමහර විට ඒ පුද්ගලයා වෙන්න ඇති. නැත්නම් අපේ වීර රාවණා රජු ගැන නොදන්නා මානසික රෝගියෙක්. අන්තිමට කියන්න ඕන මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසා තමයි අද අපිට අද රටක් තියෙන්නේ....
"ජනමතය දී ඇත්තේ රට දියුණු කරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහායි. ඉන් රට නොබෙදා තවත් ශක්තිමත් වෙන බව ඕන මෝඩයෙකුට තේරෙනවා." ඔව් ඔව් මෝඩයින්ට තේරෙනවා මේ ව්‍යවස්ථාවෙන් නොබෙදා තවත් ශක්තිමත් වෙන බව. හැබයි මෝඩයින්ට නොතේරෙන්නේ සම්බන්දන්ලා ගේ විග්නේශ්වරන්ලාගේ, ප්‍රභාකරන්ගේ මස්සිනා ශිවාජි ගේ ඉල්ලීම් මේ ව්‍යවස්ථාවෙන් ලැබෙන බව. 2005 දීත් කරන්න ලැහැස්ති වුණේ ඔය ටිකම තමයි. නමුත් මෝඩයින්ගේ අවාසනාවට රජය මාරු වුණා. නැතිනම් ප්‍රභාකරන් රජ. අනේ මෙහෙව් සිංහලයෝ....
මහින්ද නැති කරපු ත්‍රස්තවාදය ඉවර කෙරුවා. දැන් මොන ප්‍රශ්නයක්ද? පුළුවන් තරම් සිංහලයන් පදිංචි කරන්න ඕනේ සිංහලයෝ උතුරෙයි. යුද්ධය ඉවරයි. අවුරුදු ගණනක් තිබුණු ප්‍රශ්නය මහින්ද විසඳුවා. ලංකාවෙයි හැම තැනකම දෙමළ මිනිස්සු ඉන්නවා නම් සිංහල මිනිසුන්ට උතුරෙ ඉන්න බැරිද?
සමන්ත මම ජාතිවාදයක් කතාකලේ නැත. සිංහලයෙක් සිංහලයා ගැන කතා කලොත් මොඩ්න් සිංහලයින්ට එය සිංහල ජාතිවාදය. ඔයටිකම ඔබල 2008 දී කීවද? බෝම්බයක් පුපුරා සිංහලයින් බුරුතු ගණන් මැරෙන විට ඔබලා සාදු කාර දෙන්න ඇති කියා සිතෙනවා. විග්නේශ්වරන් සම්බන්ධන් ෆෙඩරල් ඉල්ලන විට එක ජාතිවාදී නොවෙයිද? මම සිංහලක් නිසා මම සිංහලයින්ගේ පැත්ත ගන්නවා මම එහෙම හිතන්න ගත්තේ 1950 ගණන් වල සිටයි. විජය කියන කල්ලතොනිය ලංකාවට එනවිටත් මේ රටේ සිටිය මිනිස්සු අපි. අපි ඉන්දියාවෙන් පැමිණි කොටසක් නොවෙයි. ද්‍රවිඩයින් සහ හම්බ මිනිස්සු ඉන්දියාවෙන් පැමිණි කොටසක්. 2005 මහින්ද රාජ පක්ෂ නොපැමිනෙන්න අද ප්‍රභාකරන් රජවෙලා. අපට තිබෙන්නේ මෙරට පමණයි මේක සිංහලයින්ට පමණයි. ද්‍රවිඩයින්ට සහ හම්බ අයට ලෝකේ ඕනෑම රටකට යා හැකි ද්‍රවිඩයින්ට රටක් නැති වුණාට ඒ අය ලෝකේ හැමතැනම ඉන්නවා. බිලියන් ගණන් හොරකම් කළා කියනවා නම් ඒව අල්ලන්න එපායැ. කෝ ලැම්බෝගිනි? කෝ ප්ලේන්? කෝ රත්තරන් අශ්වයෝ? ඔය ඔබ කතාකලේ ඒ ගොල්ලන්ගේ කෙරුවාව ඇස් පනාපිට පෙනෙන මේ ගොල්ලන්ගේ බැංකු කොල්ලය ගැනත් කතා කරන්නකෝ. රටේ සම්පත් විකුණන එක ගැන කතා කරන්නකෝ. ඔබලාට කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවා.