(ඡායාරූප - ශාන්ත රත්නායක)
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුළු ආයතන තුනක් සිදුකළ සමීක්ෂණයේ වාර්තාව අද(19) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 3දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබිණි.
එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, හේෂා විතානගේ, සිඩ්නි ජයරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තාව දෙන්න කලින් ඇදල අරන් වගේ. එකෙන්ම හිතාගන්න පුළුවන් වාර්තාවේ තියෙන්නේ මොනවද කාගේ උවමනාවකට මොනවා දාල හදාගත්ත වාර්තාවක්ද කියලා.
මේක අගමැතිගේ උවමනාවට සිදුකළ සමීක්ෂණයක්ද, නැත්නම් ස්වාධීනව සිදුකළ සමීක්ෂණයක්ද? අගමැතිගේ උවමනාවට සිදුකල එකක්නම්, අනිවාර්යෙන්ම යට අරමුණක් ඇති. මතකනේද මහ බැංකු වංචාවත් වහන්න, තමන්ගේ ගෝල බාලයෝ දාල බොරු වාර්තාවක් හැදුවා.
ස්පාඤ්ඤයේ වෙන් වීමට එහි ජන කොටසක් ජනමත විචාරණයකින් ජය ලැබීය. මෙය පුර්ව ආදර්ශයට ගෙන උතුර වෙන් වීමට ඉඩ ඇත. දකුණේ සිංහලයින්ට මොලේ තිබේ නම් ව්‍යවස්ථාව වෙනස් කර පළාත් තමන් කැමති පරිදි දියුණු කර ගැනීමත්, විනාඩි 5 කට වරක් දුම්රිය , තැන්තැන් වල නවතා කාලය කා දමන බස් සේවා නැති කර , පාරවල්වල කාලය කාදමන අනවශ්‍ය උද්ඝෝෂණ නැති කර, ළමුන් සාරිපොට අල්ලන මෝඩ වැඩ , සයිටුම් නිසා සරසවි වසන මෝඩ වැඩ උතුරට අවශ්‍ය නැත. දකුණ හොරුන්ගෙන් පිරි ඇත. (පසුගිය හොරු , දැන් සිටින බැංකු මංකොල්ල කරුවන් ) 71, 88, තිස් අවුරුදු යුද්දය නිසා තරුණ පිරිමි අහිමි වූ ගණන? සිංහල ජනගහනය අඩු වේ.
ව්‍යවස්ථාව වෙනස් කර පළාත් වලට ඕන විදිහට බලය දුන්නම ඔය කියපු ප්‍රශ්න ටික විසදෙයි කියල හිතන් ඉන්න ඔබ තුමාට ඉක්මනටම නියම බුද්දිය පහළවේවා!