(චමිල් රුපසිංහ)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත‍්‍රණයක් පැවැත්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලැබු ජයග්‍රහණයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පැවැසිය.
උපකුලපති වරයා මෙසේ පැවැසුයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් අද (20) විශ්වවිද්‍යාලයීය සනාතන මන්දිර සම්මන්ත‍්‍රණ ශාලාවේදී තෙවැනි වරටත් පැවැත්වු ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත‍්‍රණයේදී අදහස් දක්වමිනි.
මෙම පාලි භාෂා සම්මන්ත්‍රණය සඳහා ති‍්‍රපිටකය රචනා වී ඇති පාලි භාෂාව පිළිබඳ මෙන්ම තදීය දාර්ශනික ප‍්‍රස්තුතයන් පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විද්වත් කතිකාවතක් ගොඩනැගීමත්, පාලි භාෂාව මළබසක් සේ සලකන සාම්ප‍්‍රදායික ජන විඥානය වෙනස් කිරීමත් අරමුණු කරගත් මෙම සම්මන්ත‍්‍රණයට දේශීය මෙන්ම විදේශීය කිර්තීයට පත් විද්වත්හු එක්ව සිටියහ.




2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාත්‍යන්තර පාලි භාෂා දිනය පේරාදෙණියේ
වීරසේකර Friday, 20 October 2017 09:23 AM
බෞද්ධ ධර්මය පිරිහෙමින් පවතින මෙවන් යුගයක පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කළ වැදගත් කාලෝචිත සම්මන්ත්‍රණයකි.
weerasekara Friday, 20 October 2017 09:37 AM
බෞද්ධ ධර්මය පිරිහෙමින් පවතින මෙවන් යුගයක පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ මෙවැනි සම්මන්ත්‍රණ ඉතා වටිනා දෙයකි.
සුනිල් ගීකියන ෙග් Friday, 20 October 2017 10:32 AM
නැතිද වීඩියෝ ඒකක් හෝ අන්තර්ජාලයට ඒකතු කරපු ඒකක සබැඳුමක්. පාලි භාෂාවන් කරන ලද කථාවක්, දෙකක් අහන්න.
nanda.jayasiri Friday, 20 October 2017 11:53 AM
"බෞද්ධ ධර්මය පිරිහෙමින් පවතින මෙවන් යුගයක", මෙය වැරදි නිගමයක් "බෞද්ධ ධර්මය" කිසිදිනක පිරිහිමට ලක් වන්නේ නැත. මිනිසාගේ ඇවැතුම් පැවැතුම් පිරිහීමට ලක්වනවා පමණි. තම පෞද්ගලික වාසිය තකා සියලු ධර්මතාවයන් අභිබවා කටුතු කිරීම තමන් ධර්මයෙන් ඉවත්වීමය. ලෞකික ලෝකය තුල ආශාවට වහල් වීමය.
Kumari Saturday, 21 October 2017 09:21 AM
බෞද්ධ ධර්මය පිරිහිලා නැහැ. මනුස්ස ගුණ ධර්මය පිරිහිලා තියෙන්නේ. සිංහල තේරුම් ගන්න උත්සාහයක් නැති මිනිසුන් පාලි ඉගෙන ගනීද? උත්සාහය හොඳයි. වුවමනාවක් තියෙන අය ප්‍රයෝජනයක් ගනීවි.