(චමිල් රුපසිංහ)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත‍්‍රණයක් පැවැත්වීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලැබු ජයග්‍රහණයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පැවැසිය.
උපකුලපති වරයා මෙසේ පැවැසුයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මූලිකත්වයෙන් අද (20) විශ්වවිද්‍යාලයීය සනාතන මන්දිර සම්මන්ත‍්‍රණ ශාලාවේදී තෙවැනි වරටත් පැවැත්වු ජාත්‍යන්තර පාලි භාෂා සම්මන්ත‍්‍රණයේදී අදහස් දක්වමිනි.
මෙම පාලි භාෂා සම්මන්ත්‍රණය සඳහා ති‍්‍රපිටකය රචනා වී ඇති පාලි භාෂාව පිළිබඳ මෙන්ම තදීය දාර්ශනික ප‍්‍රස්තුතයන් පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විද්වත් කතිකාවතක් ගොඩනැගීමත්, පාලි භාෂාව මළබසක් සේ සලකන සාම්ප‍්‍රදායික ජන විඥානය වෙනස් කිරීමත් අරමුණු කරගත් මෙම සම්මන්ත‍්‍රණයට දේශීය මෙන්ම විදේශීය කිර්තීයට පත් විද්වත්හු එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ ධර්මය පිරිහෙමින් පවතින මෙවන් යුගයක පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කළ වැදගත් කාලෝචිත සම්මන්ත්‍රණයකි.
බෞද්ධ ධර්මය පිරිහෙමින් පවතින මෙවන් යුගයක පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ මෙවැනි සම්මන්ත්‍රණ ඉතා වටිනා දෙයකි.
නැතිද වීඩියෝ ඒකක් හෝ අන්තර්ජාලයට ඒකතු කරපු ඒකක සබැඳුමක්. පාලි භාෂාවන් කරන ලද කථාවක්, දෙකක් අහන්න.
"බෞද්ධ ධර්මය පිරිහෙමින් පවතින මෙවන් යුගයක", මෙය වැරදි නිගමයක් "බෞද්ධ ධර්මය" කිසිදිනක පිරිහිමට ලක් වන්නේ නැත. මිනිසාගේ ඇවැතුම් පැවැතුම් පිරිහීමට ලක්වනවා පමණි. තම පෞද්ගලික වාසිය තකා සියලු ධර්මතාවයන් අභිබවා කටුතු කිරීම තමන් ධර්මයෙන් ඉවත්වීමය. ලෞකික ලෝකය තුල ආශාවට වහල් වීමය.
බෞද්ධ ධර්මය පිරිහිලා නැහැ. මනුස්ස ගුණ ධර්මය පිරිහිලා තියෙන්නේ. සිංහල තේරුම් ගන්න උත්සාහයක් නැති මිනිසුන් පාලි ඉගෙන ගනීද? උත්සාහය හොඳයි. වුවමනාවක් තියෙන අය ප්‍රයෝජනයක් ගනීවි.