(ශාන්ත රත්නායක)
‘‘අද මේ රටට දියුණු වෙන්නනම් පුහුණු, උපාධිය, ඩිප්ලෝමා ලැබුණු ගුරුවරු අවශ්‍යයයි .ගුරුවරු නැතිනම් මිනිස් සම්පත දියුණු කරන්න බැහැ. මිනිස් සම්පත් නැතිව රට දියුණු කරන්න බැහැ‘‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(20) අරලියගහ මන්දිරයේ පැවැති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සදහා ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක දී පැවසීය.
‘‘ඒ වගේම අපේ රට ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය වෙන්න පුළුවන්, ධනවත් ආර්ථිකයක් ඇති රටක් පුළුවන් අධ්‍යාපනය තිබෙනවානම් පමණයි. එකම සම්පත මේ රටේ ජනතාව. ඒ නිසා ඒ සම්පතෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න ඔබ කටයුතු කළ යුතුයි‘‘ යැයි ද එහිදී අගමැතිවරයා කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පත්වීම් දෙන්න ඕන කොන්දේසියකට යටත්වයි. වැඩි පඩි ඉල්ලා පාරවල් අවහිර කරලා මහජනතාව පීඩාවට පත්කරන උද්ඝෝෂණ වලින් වැළකී ඉන්නවා. රටට සේවයක් කරනවා කියලා.
අගමැතිතුමාගෙන් සහතිකය ලබාගන්නා රතු සාරිය ඇඳපු කාන්තාව කුමක් හෝ පවසනවා වගේ...
ජයම්පති...මේ දෙන්නේ දේශපාලන පත්වීම් නෙවෙයි. රජයේ සිසුන් විද්‍යා පීඨවලට බඳවා ගන්න කොටම ගිවිසුමක් අත්සන් කරනවා අනිවාර්යයෙන්ම වසර5ක් රජයේ සේවය කලයුතුයි. නැතිනම් රජයට වන්දි ගෙවිය යුතුයි කියලා. එ් නිසා මේ පත්වීම් අනිවාර්යයෙන්ම දියයුතුයි. අනෙක මේ අය තමයි පාසල්වල ක්‍රියාශීලීව වැඩ කරන පිරිස. එ්කට හොඳ පුහුණුවක් දීලා තියෙන්නේ. කොහොමත් ගුරුවරු තමයි අඩුම වැටුපකට වැඩ කරලා රටේ ඉහලම වැටුප් ලබන අයව රටට බිහිකරන්නේ. කොහොමත් ගුරුවරු වැඩි වැටුප් ඉල්ලලා කරදර කරනවා දැකල තියෙනවද? ඉල්ලුවත් දීල තියෙනවද? ගුරුවරු ගැන කතාකරන්න කවුරුත් නෑ. ගුරුවරුත් අනෙක් අය වගේම පැය 8ට කිට්ටුව වැඩ කරනවා. උදේ 7 ඉදන් 2 විතර වෙනකම්...
දොම්පෙට යන පාර කොයිබදෝ……? ලොක්කෝ මට කියා දෙන්නකෝ. මේකත් මහා බීරි හටනක්....
ලංකාවට ඉන්න ලොකුම මාරක අපලේ පත් වීම් බෙදනවා වත්ද?
අපේ රට ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය කරන්නේ මොකටද? කරුණාකර ඔය ප්‍රාන්ත සංකල්පය ජනතාවගේ ඔලු වලට දාන්න එපා. අපේ රට මුළු ලෝකයටම හොඳ වෙළඳ කෙන්ද්‍රස්ථානයක් දේශපාලුවෝ එය නොදැන හිටියට.
මේ විද්‍යාපීඨ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ වූවක් බව නොදන්නා අය සිටින්නේ එතුමා එය කිසිවිටක පුන පුනා අඬබෙර ගසා නොකී බැවිනි.
මට ඇහෙන්නේ නෑ... හයියෙන් කියන්න ළමයා.