IMG-LOGO

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම්

(ශාන්ත රත්නායක)

‘‘අද මේ රටට දියුණු වෙන්නනම් පුහුණු, උපාධිය, ඩිප්ලෝමා ලැබුණු ගුරුවරු අවශ්‍යයයි .ගුරුවරු නැතිනම් මිනිස් සම්පත දියුණු කරන්න බැහැ. මිනිස් සම්පත් නැතිව රට දියුණු කරන්න බැහැ‘‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(20) අරලියගහ මන්දිරයේ පැවැති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සදහා ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයක දී පැවසීය.

‘‘ඒ වගේම අපේ රට ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය වෙන්න පුළුවන්, ධනවත් ආර්ථිකයක් ඇති රටක් පුළුවන් අධ්‍යාපනය තිබෙනවානම් පමණයි. එකම සම්පත මේ රටේ ජනතාව. ඒ නිසා ඒ සම්පතෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න ඔබ කටයුතු කළ යුතුයි‘‘ යැයි ද එහිදී අගමැතිවරයා කීවේය.

 



අදහස් (16)

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ගුරු පත්වීම්

Jayampathi Friday, 20 October 2017 09:57 AM

මේ පත්වීම් දෙන්න ඕන කොන්දේසියකට යටත්වයි. වැඩි පඩි ඉල්ලා පාරවල් අවහිර කරලා මහජනතාව පීඩාවට පත්කරන උද්ඝෝෂණ වලින් වැළකී ඉන්නවා. රටට සේවයක් කරනවා කියලා.

:       124       98

sathyapala Friday, 20 October 2017 05:46 PM

ජයම්පති, මේ ඔක්කොම අවුරුදු 18 පසුවුණු වැඩිහිටියෝ. වැඩිහිටියෝ දන්නවා කලයුත්තේ හෝ නොකලයුත්තේ කුමක්ද කියලා. රටක ජනතාව අත්තනෝමතිකව හැසිරෙනවා නම් එය රටක හැදියාව පිළිබද ප්‍රශ්නයක්. එය නිවැරදි තැනට ගන්නට පාලකයන් නිසි පියවර ගත යුතුයි. එහෙම කරන්නට පෙර පාලකයෝ නිවැරදි වියයුතුයි. පාලකයෝ හොරුනම්, ප්‍රශ්නයක් ඇහුවම දෙන උත්තරය "කවුරුහරි එයාගේ ගිණුමට මිලියන ගණනක් දාලා. එයා දන්නේ නෑ" වගේ අමන උත්තර නම්, පාලකයෝ නායකයෝ දුර්වල දියාරු අය නම් මිනිසුන් සටන් උද්ඝෝෂණ කරන එක නතරකල නොහැක. පාලකයෝ දුර්වල වූ විට හැම කෙනාම තමන්ට උපරිමය ගන්නට සටන් කරයි. ශක්තිමත් පාලනයක් සදහා මැතිවරණ අවශ්‍යයි.

:       0       1

පෙරේරාSunday, 22 October 2017 08:19 AM

අනික් මිනිස්සුන්ගෙත් ප්‍රශ්න තේරුම් ගන්න පුරුදු වෙන්න. සේවයට සරිලන වේතනයක් දෙන්න. නැත්තං හැමදාම වහල්ලු වගේ වැඩ කරලා ඊට පස්සේ හිඟමනේ යන්නද? ඔබගෙ තරුණ කාලේ එවන් අත්දැකීමක් ඔබට ලැබෙන්න තිබුනේ ප්‍රශ්න ගැන තේරුම් ගන්න.

:       0       0

arschfikaa Friday, 20 October 2017 01:49 PM

අගමැතිතුමාගෙන් සහතිකය ලබාගන්නා රතු සාරිය ඇඳපු කාන්තාව කුමක් හෝ පවසනවා වගේ...

:       0       5

ධම්මFriday, 20 October 2017 03:34 PM

රෝයල් කොල්ලෝ ටික අද හරි ලස්සනයි කියන්න ඇති.

:       0       67

RaveendraSaturday, 21 October 2017 03:27 AM

එම කාන්තාව මේ උන්දැගෙන් අසනවා ඇත්තේ "කොහොමද මෙච්චර හොදට අම්බරුවෝ " ලවා මහා බැංකුව ගිල්ලේ කියල

:       36       221

රත්නායක Friday, 20 October 2017 02:19 PM

ජයම්පති...මේ දෙන්නේ දේශපාලන පත්වීම් නෙවෙයි. රජයේ සිසුන් විද්‍යා පීඨවලට බඳවා ගන්න කොටම ගිවිසුමක් අත්සන් කරනවා අනිවාර්යයෙන්ම වසර5ක් රජයේ සේවය කලයුතුයි. නැතිනම් රජයට වන්දි ගෙවිය යුතුයි කියලා. එ් නිසා මේ පත්වීම් අනිවාර්යයෙන්ම දියයුතුයි. අනෙක මේ අය තමයි පාසල්වල ක්‍රියාශීලීව වැඩ කරන පිරිස. එ්කට හොඳ පුහුණුවක් දීලා තියෙන්නේ. කොහොමත් ගුරුවරු තමයි අඩුම වැටුපකට වැඩ කරලා රටේ ඉහලම වැටුප් ලබන අයව රටට බිහිකරන්නේ. කොහොමත් ගුරුවරු වැඩි වැටුප් ඉල්ලලා කරදර කරනවා දැකල තියෙනවද? ඉල්ලුවත් දීල තියෙනවද? ගුරුවරු ගැන කතාකරන්න කවුරුත් නෑ. ගුරුවරුත් අනෙක් අය වගේම පැය 8ට කිට්ටුව වැඩ කරනවා. උදේ 7 ඉදන් 2 විතර වෙනකම්...

:       0       11

gurusinha Saturday, 21 October 2017 02:55 AM

කොහොමද පඩි සහිතව ලැබෙන නිවාඩු ටික ..ජොලි නේ .

:       1       0

piyalSaturday, 21 October 2017 05:15 AM

රත්නායක මහත්මයා පටලවාගෙන. පත්වීම් ලිපිය දේශපාලකයෝ අතින් දියයුතු නැහැ. ඒක තැපෑලෙන් ගෙදරට යවන්න පුළුවන් නේ. යහපාලනය බලයට ගෙනාවේ මේවා වෙනස් වේවි කියල හිතාගෙන.

:       35       204

RaveendraSaturday, 21 October 2017 03:15 PM

මයාවෙත , ඔබ ඉතම නිවැරදි ලෙස ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම ගැන අප ඔබට ස්තූතිවන්ත වෙමු. අප රටේ පමණක් පවතින මෙවැනි උත්සව වලට අප සැමගේ මුදල් යහමින් වියදම් කර වටිනා මිනිස් කාලයද කාදමමින් මේ කරන්නේ මහා විශාල පාපකර්මයක් බව මෙම "නිවට නිගන්ටයන් "හට තේරුම් ගැනීමටවත් දැනුමක් නැති මන්ද බුද්ධිකයන්වීම අප මවුබිමේ අවාසනාවකි.මෙය අප රටේ තිබෙන සියලුම" හිගන කාලකන්නි පක්ෂවල " තිබෙන තුප්පහි ලක්ෂණයකි.

:       0       121

sathyapala Friday, 20 October 2017 03:13 PM

දොම්පෙට යන පාර කොයිබදෝ……? ලොක්කෝ මට කියා දෙන්නකෝ. මේකත් මහා බීරි හටනක්....

:       0       1

Kumara (Galf) Friday, 20 October 2017 05:46 PM

ලංකාවට ඉන්න ලොකුම මාරක අපලේ පත් වීම් බෙදනවා වත්ද?

:       1       23

ruchi Saturday, 21 October 2017 06:52 AM

අපේ රට ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය කරන්නේ මොකටද? කරුණාකර ඔය ප්‍රාන්ත සංකල්පය ජනතාවගේ ඔලු වලට දාන්න එපා. අපේ රට මුළු ලෝකයටම හොඳ වෙළඳ කෙන්ද්‍රස්ථානයක් දේශපාලුවෝ එය නොදැන හිටියට.

:       145       59

Janaka Wijekoon Saturday, 21 October 2017 07:50 AM

මේ විද්‍යාපීඨ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් මත ආරම්භ වූවක් බව නොදන්නා අය සිටින්නේ එතුමා එය කිසිවිටක පුන පුනා අඬබෙර ගසා නොකී බැවිනි.

:       404       334

ධම්මSaturday, 21 October 2017 01:18 PM

මෙය සංකල්පයක් නොවේ. ගුරු අභ්‍යාස විද්‍යාල අහෝසි කොට විද්‍යාපීඨ දැමීම අටුවා කඩා පුටුව හැදීමක්...

:       1       57

Kumari Saturday, 21 October 2017 08:15 AM

මට ඇහෙන්නේ නෑ... හයියෙන් කියන්න ළමයා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6702 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6303 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7702 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18384 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1335 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1424 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1617 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 424 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site