සිසුන් ඇතුළත් කරන්න අල්ලස් ගත්තැයි රිමාන්ඩ්
කොළඹ ප්‍රධාන පෙළේ පාසලක පළමු වසරට සිසුවකු ඇතුළත්කර ගැනීමට රුපියල් 650, 000 ක් ලබාගෙන වංචා කළැයි කියන සිද්ධියකට අදාළව එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කළේය.